IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රියැදුරු බලපත් සේවා සෙනසුරාදාත් විවෘතයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව  තැබෙන බව ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
 
 එහි පළමු අදියර  ලෙස  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විවෘතව තබන බවත් , ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට උදා වන බවත් අමාත්‍යංශය  සඳහන් කරයි.
 
 රියදුරු බලපත්  අලුත්කර ගැනීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ රියදුරු බලපත්‍ර පරීක්ෂණ වැනි සේවාවන් එමගින් සිදු කර ගත හැකිය.
 
 මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලයද ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදිනකම විවෘතව තැබෙනු ඇත. එම කාර්යාවලින් සතියේ දිනවලදී‍ මෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.
 
 ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෙය සිදු කිරීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා  උපදෙස් ලබා දී තිබේ.
 
 ‍මේ මස 23වැනිදා සිට එම සෙනසුරාදා දින සේවාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලද ක්‍රියාත්මක කෙරේ.



අදහස් (5)

රියැදුරු බලපත් සේවා සෙනසුරාදාත් විවෘතයි

unknown Wednesday, 13 March 2019 11:39 AM

එ්ක හොඳයි...

:       0       82

චමින්ද Wednesday, 13 March 2019 01:33 PM

රියදුරු බලපත්‍ර රජයේ ආදායම් මාර්ගයක් මිස ප්‍රමිතියකට නිකුත් කරන එකක් නොවේ. යතුරුපැදි හා තුන්රෝද රථ රියදුරන් කිසිදාක මාර්ග නීති පිලිපැදීමක් දක්නට නැහැ. සමහර රියදුරන් පදික මාරුවලත් බස් නැවතුම්වලත් නවත්වනවා. සාමාන්‍යයනේ ටී හන්දියක දෙපස වාහන පාක් කරන්න බැහැනේ නමුත් එවැනි තැන්වලත් තුන්රෝද නැවතුම් පලවල් තියෙනවා. රියදුරු බලපත්‍ර නිකුත්කිරීමේදී රාත්‍රියට වාහන පැදවීම ගැනත් ලිඛිත පරීක්ෂණයේදී ප්‍රශ්ණ 20 ක් වත් අහන්න. නැත්නම් රාත්‍රී කාලයේදී රියදුරු පරීක්ෂන කරන්න

:       0       128

sandy123Wednesday, 13 March 2019 02:34 PM

හොද අදහසක්.

:       0       27

Sunil Ambalangoda Wednesday, 13 March 2019 09:43 PM

මෝටර්සයිකල් පැදවීමේ බලපත්‍රය සඳහා පරීක්‍ෂණයේදී, පාවහන් නොමැතිව බයිසිකලය පදින ලෙස අණ කරන්නේ ඇයි? වේරහැරදී මම මේ සිදුවීම දුටුවා.

:       0       0

Mendis Thursday, 14 March 2019 03:40 AM

සෙනසුරාදාත් වැඩ කරන එක එතාමත් හොඳ දෙයක්. අපි එය ඉතා එහලින් අගේ කරනවා. මෙය ජාතික හැඳුනුම් පත් සහ පාස්පෝර්ට් වලටත් කරන්න පුලුවන්නව්, මහා ජනතාවට ඉතාමත් හොඳය. අර්ජුන රණතුංග ඇමති තුමාට අපේ උපහාරය!

:       0       206

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 258 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 387 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site