IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රඹකැන් ඔය ආශ්‍රිත ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීලා

(විනීතා එම් ගමගේ)


පොල්ලෙබැද්ද රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපාරිකයන්ට බදු දීම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය දැඩි විරෝධය පළකරයි.
 
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ දියවර ලබන ඉඩම් මෙසේ පවරා දී ඇති බවත් මේ වනවිට ඉඩම් ලබාදුන් 14 දෙනෙකුගේ ලැයිස්තුවක් පවතින බවත් එහි කළ සංචාරයකින් පසු ලංකාදීපයට අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.අක්කර 5400 ක් මේ ව්‍යාපෘතිය යටතේ බෙදා දීමට නියමිතය.
 
මහවැලියට අයත් ඉඩම් වුවත් රඹකැන් ඔය ආශ්‍රිත කැලෑ ජාතික පාරිසරික පනත යටතේ ආරක්ෂා වන බවත් මෙම ඉඩම් මෙසේ බදු දීම නීති වි‍රෝධී බවත් දාබරේ මහතා කීය. වටිනා ගස්  බිම හෙළා බුල්ඩෝසර් යොදා ගෙන මහා පරිමාණයෙන් ඉඩම් හෙළි පෙහෙ‍ළි කර බඩ ඉරිඟු වගා කර ඇතැයි ද එකී වගා බිම් හරහා අලි ඇතුන් ගමන් කර ඇති පාරවල් දකිද්දී අලිමංකඩවල් හරස් කර මෙම ඉඩම් හෙළි පෙහෙළි කර ඇතැයි ද පෙනී යන  බව දාබරේ මහතා කියා සිටිය්ය.
 
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඇරයුමින් එහි ගොස් සිදුව ඇති විනාශය දැක බලාගත් බවත් බැර ලෝහ අවම මට්ටමක පවතින පානීය ජලය ලබාදෙන රඹකැන් ඔය ජලාශයේ විනාශ්‍ය ද මෙම ඉඩම් බෙදාදීමෙන් සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම වැවේ දියවරෙන් පෝෂණයවන කෙත් යාය පුරන් කුඹුරු  වබවට පත්වනු ඇතැයි ද ජලාශය සිඳී යාමේ අවදානමක්  පවා පවතින බව ද ඔහු කියා සිටියේය.
 
ගොවි ජනතාව සශ්‍ය මාරු ක්‍රමය යටතේ කළ වගාවන් වෙනුවට ජාන තාක්ෂණය යොදාගෙන කරන වගාවන් ඇතිවීමත් කෘමි නාශක මෙන්ම වල් නාශක යෙදීමත් නිසා සතා සීවුපාවුන් මෙන්ම ප්‍රදේශවාසින් ද අසීරු තත්ත්වයට පත්වනු ඇයි බවත් දාබරේ මහතා පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘති ඉඩම්වලට විදුලි වැට යෙදීමෙන් පසු අලි ගම්වැදීම නතර කළ නොහැකි වනු ඇති බවත්  නොසිතු අභියෝගයන්ට විසඳුම් සොයන්නට එයින් පසු සිදුවනු ඇති බවත් කී සභපතිවරයා මේ වනවිට අක්කර 600 කට ආසන්න බිම් ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර ඇතත් තවමත් මේ වෙනුවනේ පරිසර අධ්‍යයන වාර්තාවක් එළි දක්වා නැති බවත් කීය.ඉදිරියේ දී ආගන්තුක ශාඛ පැමිණ විනාශ වන මේ  බිම නැවත පිළිසකර කිරීම සිතන තරම් පහසු වනු නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය. 



අදහස් (0)

රඹකැන් ඔය ආශ්‍රිත ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site