
(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරය තුළදී කළ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කළ එම බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරුන් තිදෙනාගෙන් එක් අයෙකු බූස්ස බන්ධනාගාරයේ සිරකුටියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සැකකරු සමඟ සෙසු ජේලර්වරුන් දෙදෙනා ඊයේ ( 29) බූස්ස බන්ධනාගාරයට යවා තිබිණි.
ඔවුන් එහි විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටිවලට ඇතුළත් කර තිබී ඇති අතර එහි සිටියදී, ඉන් එක් ජේලර්වරයකු අසනීප වී ඇතැයිද ඒ අනුව රෝහල්ගත කර ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ..? දූෂිතයාට සිරගෙදරදී කරපු ජඩකම් වමනෙට ගිහිල්ලද? නැතිනම් බඩේ අමාරුවක්ද?