( නිමන්ති රණසිංහ)
අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂාන් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාල නඩුව අද (30) කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරු අද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කළේ සැකකරු අසනීපයෙන් සිටින බවයි.
නමුත් ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම මත මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාලා ටික දැන්මම වැඩ පෙන්නන්න පටන් අරන්. කලින් වගේම බලයෙන් ඔලුව උදුම්මගෙන නීතියෙන් පැනල යයි වගේ...
බයවෙන්න එපා... මෙම නඩුව දැන් කුණු කූඩයට යයි..
මේවා නිකන් සංදර්ශන විතරයි