IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රබර් කිරි කැපීමට ගිය කත අලියාට බිළි

(අයි ආර් ඉන්දික)

ඇසළ පෝයදා අද  (23)දා උදෑසන  කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලියකු පහරදීමෙන් ඇය එම ස්ථානයේදිම මියගොස්  ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍ර දේශයට අයත් කෝනකැටිය කන්දේආර ගම්මානයේ පදිංචි කේ ඒ නිශාන්ති කුමාරි (35) යන අයයි.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යෙය් ජිවත්වු මෙම පවුලේ මව  අද (23) උදෑසන පහට පමණ ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි රබර් ඉඩමක කිරි කැපිමට ගොස් ඇති අතර එහිදි මෙම අලියා පහරදී තිබේ .

ඉඩමේ හිමිකරු කිරිකපන්නට පැමිණි කාත්නාව නොමැති බව දැක ඒ සම්බන්ධයෙන් විමසිමට ඇය පදිංචි නිවසට ගොස් ඇති අතර නිවසේ නොමැති බැවින් ඇයගේ ස්වාමි පුරුෂයා සමග රබර් ඉඩමට පැමිණි

අවස්ථාවේ රබර් ගස් අතර වැටි සිටි මෙ කාන්තාව දැක තිබේ .

ඉන් පසු ඔවුන් විසින් ගෝනගං ආර පොලිසියට ඇමතුමක් ලබාදි මේ සම්බන්ධයෙන් දැන්වත් කර තිබේ .

 



අදහස් (5)

රබර් කිරි කැපීමට ගිය කත අලියාට බිළි

narada Friday, 23 July 2021 05:39 PM

ඇයි මේ දුප්පත් ගොවීන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීම මෙතරම් මැලි වන්නේ? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද? දැන් ඉතින් මැරුණු මනුස්සයා දිහා වටවෙලා බලාගෙන ඉන්නවා...

:       21       55

සෙනෙවිරත්න Friday, 23 July 2021 07:57 PM

අහෝ මේ අය තම ඡන්දය මේ පාලකයින්ට දුන් බව ස්ථීරවම කිව හැකි වුවද, ඔවුන්ට මෙම ජීවිත කිසිම වටිනාකමක් නැති සුලං පොදක් පමණක් බව සලකන්න.

:       13       35

Don Friday, 23 July 2021 08:32 PM

ඉතාම කනගාටුදායක පුවතක්... දුප්පත් කෙනාට තමයි හැම කරදරයකටම පත්වෙන්නේ... මිනිසා කියන සතා අලියාගේ නිජබිම ආක්‍රමණය කරන නිසා තමයි මෙවැනි අනතුරු සිදුවෙන්නේ..

:       45       33

ලුම්බිණි Saturday, 24 July 2021 06:38 AM

ඉතාම කණගාටුදායකයි. ඒත් අලින්ට වෙඩි තැබීම ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. අලින්ට ඉන්න තිබෙන තැන්වල වගා කළාම මේක වෙනවා. මිනිසුන්ට මේ ගැන පැමිණිලි කර විසඳුමක් සෙව්වත් අලින්ට මේ ගැන පැමිණිලි කරන්න තැනක් නැහැ...

:       2       5

ජයනි Wednesday, 28 July 2021 08:02 PM

කරුණාකර මෙම දරු පවුලේ විස්තර පුලුවන් නම් සොයා දෙන්න. දරුවන් වෙනුවෙන් උපකාර කරන්නට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site