
(අයි ආර් ඉන්දික)
ඇසළ පෝයදා අද (23)දා උදෑසන කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලියකු පහරදීමෙන් ඇය එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍ර දේශයට අයත් කෝනකැටිය කන්දේආර ගම්මානයේ පදිංචි කේ ඒ නිශාන්ති කුමාරි (35) යන අයයි.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යෙය් ජිවත්වු මෙම පවුලේ මව අද (23) උදෑසන පහට පමණ ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි රබර් ඉඩමක කිරි කැපිමට ගොස් ඇති අතර එහිදි මෙම අලියා පහරදී තිබේ .
ඉඩමේ හිමිකරු කිරිකපන්නට පැමිණි කාත්නාව නොමැති බව දැක ඒ සම්බන්ධයෙන් විමසිමට ඇය පදිංචි නිවසට ගොස් ඇති අතර නිවසේ නොමැති බැවින් ඇයගේ ස්වාමි පුරුෂයා සමග රබර් ඉඩමට පැමිණි
අවස්ථාවේ රබර් ගස් අතර වැටි සිටි මෙ කාන්තාව දැක තිබේ .
ඉන් පසු ඔවුන් විසින් ගෝනගං ආර පොලිසියට ඇමතුමක් ලබාදි මේ සම්බන්ධයෙන් දැන්වත් කර තිබේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ දුප්පත් ගොවීන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීම මෙතරම් මැලි වන්නේ? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද? දැන් ඉතින් මැරුණු මනුස්සයා දිහා වටවෙලා බලාගෙන ඉන්නවා...
ඉතාම කනගාටුදායක පුවතක්... දුප්පත් කෙනාට තමයි හැම කරදරයකටම පත්වෙන්නේ... මිනිසා කියන සතා අලියාගේ නිජබිම ආක්‍රමණය කරන නිසා තමයි මෙවැනි අනතුරු සිදුවෙන්නේ..
ඉතාම කණගාටුදායකයි. ඒත් අලින්ට වෙඩි තැබීම ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. අලින්ට ඉන්න තිබෙන තැන්වල වගා කළාම මේක වෙනවා. මිනිසුන්ට මේ ගැන පැමිණිලි කර විසඳුමක් සෙව්වත් අලින්ට මේ ගැන පැමිණිලි කරන්න තැනක් නැහැ...
කරුණාකර මෙම දරු පවුලේ විස්තර පුලුවන් නම් සොයා දෙන්න. දරුවන් වෙනුවෙන් උපකාර කරන්නට...