IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුපියල තවත් පහළට

හර්ෂණ තුෂාර සිල්වා

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) නැවත වරක් 194ක් දක්වා පහළ ගියේ ය.

 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව විකුණුම් අගය අද (13) රුපියල් 194.07ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 190.33ක් ලෙසත් දැක්විණි.

 

අවසන් වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා පහළ ගියේ ඉකුත් දෙසැම්බර් මස 24 වැනිදා ය.

 

රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

 

මේ අතර ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 0.5කින් ඉහළ ගොස් ඇත.

 

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඊයේ දිනට (12) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.65ක් වූ අතර ගැනුම් අගය රුපියල් 188.49ක් ලෙස දැක්විණි.



අදහස් (3)

රුපියල තවත් පහළට

පිටිගල මිලානෝ Wednesday, 13 January 2021 10:38 AM

වියතුන්ගේ තවත් වික්‍රමයක්...!

:       2       16

ලුම්බිණි Thursday, 14 January 2021 01:22 AM

මොකද ආචාර්ය බන්දුල කතා නැත්තේ?

:       0       0

Rata Perata Thursday, 14 January 2021 07:57 AM

නන්දසේනගේ ‘සෞභාග්‍යෙය් දැක්ම‘ ... දැන් කොයි වෙලාවක හරි මහින්ද සීයා අපෙන් ආයෙත් අහයි. දැන් සැපද? කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site