(නිමන්ති රණසිංහ)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය.
මෙම සිද්ධියට අදාළව නීතිපති යොමු අංක සී ආර්/2/89/2016 යටතේ ඉකුත් 2016 මැයි මස 16 වැනිදා නීතිපතිවරයා වෙත යවන ලද උපදෙස් ප‍්‍රකාරව ඉකුත් 15 වැනිදා මෙම උපදෙස් ලද බවට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය අද (23) අධිකරණය වෙත කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නඩුව අවසන් කළේය.
එසේම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි අයවලුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනමද අධිකරණය අද (23) ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යැවීමට කටයුතු කළේය.
ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ගාමිණි සේදර සෙනරත්, සුදත් රෝහණ ලොකුමුදලි, එන්.එම්.එම්.බී. අබේසිංහ, එම්. කේ. ධනුෂ්ක ලක්ෂාන්, කොළඹ හේවගේ තුෂාර සහ වී. කේ. විජේසිංහ යන අයවලුන්ගේය.
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.
ඉංගිරියේ පාසල් දෙකක 16 හැවිරිදි සිසුන් පිරිසක් ඉංගිරිය වත්තේ කසිප්පු තිප්පළකින් ගත්කසිප්පු පානය කර මත් වී ඉංගිරිය කටහය නාන තොටුපළ අසල මහ පාරේ නිදා සිට
මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප‍්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ-නීතීපති
ranil Wednesday, 23 October 2019 12:25 PM
මෙන්න නියම බැංකු හොරු.. එ්ත් නිදහස්... අනේ මන්දා මේ රටේ නීති...
JayaWednesday, 23 October 2019 01:38 PM
විකාර කතා කියනවා. නියම බැංකු හොරු අල්ලනවා තියා තව හිතලවත් නෑ...
සමීර Wednesday, 23 October 2019 12:32 PM
එපමණ මුදලක් ලැබුනේ කොහොමද? ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේ කතාවක්‌ද මේකත්?
HafeelThursday, 24 October 2019 07:09 AM
සමීර, කෝටි 1250 ක් කියන්නේ පොල් ගෙඩියක් හෝ අඹ ගෙඩියක් තරමටවත් වටින්නේ නැති බවයි මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන්නේ.....
සෙනෙවිරත්න Wednesday, 23 October 2019 12:59 PM
වැල යන පැත්තට මැස්ස ගහමු. යන යන හැටියට ගහ උලුවස්සා කිව්වලු..
සමන්ත Wednesday, 23 October 2019 01:34 PM
මෑත කාලීනව, එනම් ජනාධිපතිවරණයට පෙර පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ සියලු වැරදි යටගසා, ජනතාවට කොකා පෙන්වා, සියලුම අපරාධකරුවන්, මහජන මුදල් අවභාවිතා කළවුන්, මිනීමරුවන් ආදිය නිදහස් කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. ඉදිරියේදී නිදොස් කොට නිදහස් කිරීම් තවතවත් දැකිය හැකිවනු ඇත...
රවින් Wednesday, 23 October 2019 01:53 PM
ඔය තියෙන්නේ... කාටද කියන්නේ? රුපියල් කෝටි 1250ක් මහජන මුදල්ද? පුද්ගලික මුදල්ද? තම තමන්ගේ පුද්ගලික මුදල් තමන් කැමති තැනක තියා ගැනීම තම අයිතිවාසිකමක්. නමුත් මේවා මහජන මුදල් නම්? කෙසේ නමුත් මෙම මුදල ඉපයූ ආකාරය... අයිතිකරු කවුද? වැදගත්ම ප්‍රශ්නය නම්, මෙවැනි මුදලක් සාමාන්‍ය පුරවැසියකුගේ ළඟ තබාගත්තොත් නීත්‍යානුකූලව ගතහැකි ක්‍රියා මාර්ග මොනවාද? නීතිපතිගෙන්ම අහමුද? නැතිනම් ආදායම් බදු එකෙන්? එසේ නැතිනම් උඩ ඉන්න දෙවියන්ගෙන් අහමුද..?
Rata Perata Wednesday, 23 October 2019 02:56 PM
අපේ රටේ අධිකරණය ඔක්කෝටම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ...
රමල් Wednesday, 23 October 2019 02:57 PM
රුපියල් 12,500,000,000.00 .. මෙතරම් මුදලක් ලැබුනේ කෙසේද? මේ රජයේ මුදල්ද? බලන්නේ නැද්ද...? අපි රුපියල් ලක්ෂ 2 ක් බැංකුවේ දාන කොට ප්‍රශ්න 100ක් අහනවා. මෙහෙම රටක්..
sirimal Wednesday, 23 October 2019 04:39 PM
බැංකුවල ඉඳලා ලොරිවලින් ඇද්දා, විශේෂ ගුවන් යානයකින් සීෂෙල්ස්වලට ගෙන ගියා කියලා ඒ කාලේ කතා වුනේ මේ වගේ දේවල් ගැනද? එකින් එක ගැට සේරම ලිහෙනවා වගේ නේද පෙනෙන්නේ?
sharm warn Thursday, 24 October 2019 03:42 AM
එතකොට මේ ගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ ජනාධිපතිගේ හරි, අගමැතිගේ හරි පෞද්ගලික ආදයමක මුදලක්ද මහජන මුදල්ද? එතකොට නීතිපති කියන්නේ හොර වැඩවලට අනුබල දෙන කෙනෙක්ද? හිස්බුල්ලා කිසිම වාර්තාවක් නැති මුදල් කන්දරාවක් රටට ගෙනැල්ලා එයාට ඕනෑ විදියට වැඩකරලා ලොකුකම කියන්නත් ආවා මදිවට ජනපතිකමටත් ඉල්ලන්න තරම් හයියක් පෙන්වනවා.. මුදල් විශුද්ධිකරණ පනත, අරක, මේක ඔක්කොම නීති තියෙන්නේ හැමදාම දුක් විඳින මහජනතාවට ද? පාලකයන් කියාගන්න අපරාධකාරයින්ට මේ රටේ නීති වලංගු නැද්ද එතකොට?
Rata Perata Thursday, 24 October 2019 07:18 AM
පත්වෙන ඕන ජනපති කෙනෙක් රාජපක්ෂලාට බය කට්ටිය එළවලා දාන්න ඕන.
Akanaj Thursday, 24 October 2019 08:02 AM
මේ රට අද තියෙන කණගාටුදායක වහල් තත්වයට පත්කළේ දේශපාලන හොරුන්ට වඩා නඩුකාරයෝ සහ නීතිපතිලයි. මේ රටේ දැන් වැඩකට නැති අධිකරණයක් තියෙන්නේ. අර හිටපු අධිකරණ ඇමතියෙක් කිව්වේ එයා කරපු දේවල්.
Bandara Thursday, 24 October 2019 08:37 AM
රත්තරන් අශ්වයෝ හොයන කට්ටිය වැඩ.
chandana Thursday, 24 October 2019 09:44 AM
වැල යන අතට මැස්ස ගහනවා කියලනේ මේකෙන් පෙනෙන්නේ. තව දෙයක් පැහැදිලි වෙනවා. තීන්දුව අනික් පැත්තට දුන්නොත් සුදු වෑන් එකක් 17 වෙනිදට ගෙදරට එ්වි කියලා හිතන්න ඇති. පසුගිය කාලේ මේ වගේ තීන්දු දැක්කා.