(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනගාර දෙපාර්තමේන්තුව සමඟ එක්ව රැඳවියන් 50,000 ක් වෘත්තීය මට්ටමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් අධිකරණ, මානව සම්පත් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයෙදී අද (18) ආරම්භ කෙරිණි.
පසුගිය කාලයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී රැඳවියන් ආශ්‍රිතව සිදුකළ ගවේෂණාත්මක තොරතුරුමත මෙසේ ඔවුන්ගේ සුභ සිද්දිය උදෙසා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමා අදහස් කළ බව නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.
මෙමගින් රැඳවියන්ට ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ ඇතුළු ලෝකයේ විවිධ භාෂාවන් ප්‍රගුණ කර ඔවුන්ව විදේශ රැකියා අවස්ථා සඳහා යොමු කරවීම, කාර්මික පාඨමාලා සඳහා යොමු කරවීම සහ ස්‌වයං ව්‍යාපාර සඳහා මග පෙන්වීම වැනි කාර්යන් මෙමගින් කරන බවත් සේනාධිපති මහතා මෙහිදී පැවසීය.
අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොරු එක පින්තුරයක..
දේසපාලන පාට අමතක කර අගය කලයුතු ක්‍රියාවක්.
මේ රටේ බන්ධනාගාරවල පුනරුත්ථාපනයක් වන්නේ නැහැ.. වෙන්නේ ඒ නමින් වැඩ අරගැනීම , ලාභය ඉපැයීම පමණයි. වරදක් වෙනුවෙන් දඬුවමක් විඳින්නා ඒ කාලය ඇතුලත එවැනි දේවල්වල නිරත වෙලා ආයෙම ගෙදර යනවා.. සමාජ වට පිටාව ඔහු බන්ධනාගාරයට ඇතුලත් වූ කාලයේ වාගේමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් ආයෙම ඔහු පරණ වැරදි කරන්නට යොමු වීම වැඩියි. එහෙම නෙවෙයි... ඔවුන්ට වරදින් එහා ලෝකයක් තිබෙන බව පෙන්වන්නට ඕනෑ. මිනිස්සු හැඟීම්වලට වහල් වෙලා වරදවල් කරන බවත්, ඔවුන්ට නිවැරදි මිනිසුන් වෙන්නට හැකි බවත් ඊට මාර්ගයන් තිබෙන බවත් කියලා දෙන්නට ඕනෑ.. මේ වගේ දේවල් වෙනුවෙන් සල්ලි වියදම් වෙනවා තමයි.. ඒත් පලාත් සභා දුවන්ට සැලැකිය යුතු ජවයක් දෙන්නෙ තමන් කරපු වැරදි නිසා මිනිස්සු උසාවියට ගෙවන දඩ මුදල් වලින් බව අමතක කරන්න එපා. සිරකරුවන් මනුස්සයන් කියන බෝඩ් ලෑලි තාප්පවල තිබ්බාට පලක් නෑ. මේ රටේ එවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සුදුසුම කාලය මේක. ස්තූතියි... ලාභය පසෙකලා දැන්වත් මිනිස්සු ගැන , මිනිස්සුන්ගේ අනාගතය ගැන හිතන්න.
හයියෝ සංසාරේ..!
තුන්වන ඡායා රෑපයෙන් අපට සියල්ල පැහැදිළිය. ශ්‍රීලංකාවේ දේශපාලනය තේරැම් ගැනීමට ඡායාරෑප ශිල්පියා දක්වා ඇති දක්ෂතාවය අගය කළ යුතුයි.
මේ හිරේ ඉන්න ඕනි තරම් නඩු තියෙන එක්කෙකෙක් එක්ක නේද පුනුරුත්තාපන වැඩ පටන් ගන්න හදන්නේ.
අල්ලපු ගෙදර කුකුළා මරලා පවුලේ කෙනෙක්ගේ දානයක් දුන්නා වගේ වැඩක්
නිල ඡායාරූප තම මුණුපොතේ දාගෙන චරිතේ පුම්බගන්න එක නිලධාරියෙක්ව අද පිටිපස්සටම දාලා ඉන්දවලා.
අපිව අන්දනවා. ජයවේවා.!
පුනරුත්තාපනය කල හැකි අය හා නොකළැකි අයද සිටිනවා. හොරපාරෙන් තමන්ගේ අය එලියට දාගන්න වැඩක් ද දන්නේ නැහැ මොකද පුනරුත්තාපනය කරන්න බැරි අය තමයි වැඩේට අත ගහලා තියෙන්නේ
රැදවියෝ සැහෙන්න පිරිසක් ඉන්නවා පේනවා
පුනරුත්ථාපනය වැඩසටහන ප්‍රයෝගික වුනොත් හොඳයි. පුනරුත්ථාපනය වෙන කාලය තුල රැඳවියන්ගේ සහයෝගෙන් කන්තලේ සිනි කර්මාන්තශාලාව වැනි වැසි ගිය කර්මාන්තශාලා නැවත පටන් ගන්න පුළුවන් වුනොත් හොඳයි කියල හිතෙනවා. කුඹුරු අස්වදීමට, හේන් ගොවිතැනට සහයෝගයක් ලබාගත්තොත් හොඳයි කියල හිතෙනවා. විදේශ භාෂාවක් ඉගෙන ගෙන විදේශයකට ගිහිල්ල එන්න පුළුවන් වුනොත් හොඳයි. නමුත් විදේශ භාෂාවක් ඉගෙන ගන්න එක අසහනයට අත්තියට පත් නොවෙන විදියේ ක්‍රමයක වුනොත් හොඳයි. මගේ අත්දැකීම විදේශ භාෂාවක් ඉගෙන ගන්න ඒක එච්චර ලේසි නැහැ. රැඳවියන්ගේ වයස් වලට අනුව ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන්. සැලකිය යුත්තේ රැඳවියන්ව පුනරුත්ථාපනය කිරීම මිස ඔවුන්ව වහලුන් කිරීම නොවේ. වෙනසකට විදේශ රැකියාවකට යන්න පුළුවන් වුනොත් හොදයි. රට තුල මව් භාෂාවෙන් වැඩ කර කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් වුන්ත් හොන්දයි කියල හිතෙනවා.
රටට ගිය කලක්? මේවට කොහෙන් හිනා වෙන්නද?