
(ජයන්ත සමරකෝන්)
රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 15 වැනිදා සිට ඉවත්කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අද පැවති සාකච්ඡාවකදී, නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු බවද ඒ මහතා කීය.
එක් රැඳවියෙකු බැලීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වතාවක් පමණක් ලබාදීමටත් රැගෙන ආ හැක්කේ, දත්බුරුසු, දන්තාලේපන, සබන් ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පසුගිය කාලය පුරාම රැඳවියන්ට අමුත්තන් බැලීම තහනම් කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.