(ඉන්දිකා රාමනායක)

වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු බන්ධනාගාර රැදවියන් හට අමුත්තන් පෙන්වීම කටයුතු ලබන සදුදා (4) සිට නැවත ආරම්භය කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී.

ඉකුත් අගෝස්තු මස 07 වැනි දින සිට රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා තිබිණි.

රට තුළ පනවා තිබු සංචාරණ සීමා ලිහිල් කිරීමත් සමග බන්ධනාගාර සෞඛ්‍ය සේවා ලබා දුන් නිර්දේශයන්ට අනුකූලව සිර සැකකරුවන්ට නැවත අමුත්තන් පෙන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත තත්වය මේ වන විට මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් රජය  ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමේ කටයුතු සිදු කරන ලෙසද, හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමෙන්තුව වැඩි දුරටත් දන්වා සිටියි.