











(ඡායාරූප - එම්. සුසිල් ප්‍රියන්ත)


(ඡායාරූප - ජේ.ඉඳුරුවගේ)
වසර 23ක් පුරන්ව තිබූ කුඹුරක, වල් නෙළා, පොහොර යොදා අස්වද්දා, අස්වනු නෙළීමේ උත්සවයක් අද(06) කරන්දෙණියේදී පැවැත්විණි.
කරන්දෙණිය බන්දුල සේනාධීර මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ, ගොවි ගෙවිලියන් ලෙස සැරසී අස්වනු නෙළීමට එක්වූහ.
බන්දුල සේනාධීර විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්ය මාලක විජේසේකර මහතාගේ මග පෙන්වීම යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියෝ මීට සහභාගී වූහ.
බුදු දහමට හා හෙළ සිරිතට අනුව පාරම්පරික ක්‍රමයට මුල්තැන දෙමින් චාරිත්‍ර ඉටුකරමින් ඔවුන් අස්වනු නෙළනු දැකිය හැකි විය.
COMMENTS
වටිනා ආදර්ශයක්. සියලුම දරුවන්ටත් ගුරු භවතුන්ටත් ජයවේවා.
ගොනාට ඇන්දවීම පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕනෑ. නැත්නම මේගොල්ල ලොකු වෙනකොට මොලේ ඇති දැනුම් තේරුම් ඇති අය වුනොත් අපේ බේබිලාගේ ජනාධිපති වීමේ සිහිනය සබෑ කර ගන්න බැරි වෙනවා.
අනේ වාසනාවන් පොඩි ගොවිරලලා ටික. දැකීමත් සතුටුයි. තෙරුවන් සරණයි ඔබලා සැමටම. ජයවේවා.!
කොළඹ රෝයල් කොලිජියේ බේබිලා කට්ටියකුත් බිග් මැච් කියලා බුදු දහමට හා හෙළ සිරිතට අනුව පාරම්පරික ක්‍රමයට මුල්තැන දෙමින් චාරිත්‍ර ඉටුකරමින් උත්සවයක් කරනවා අපි දැක්කා. ගමේ එවුන් මඩේ... කොළඹ බේබිලා ගොඩ...
හේනේ, කුඹුරේ තෙම්පරාදු වී ඒ ගමන්ම අධ්‍යාපනයත් නිසිලෙස කරගත් දරුවන් කවදාවත් සමාජයේ අතරමං වෙන්නේ නෑ. ඔවුන් හරියට වතුර වගේ. වතුර ඕනෑම භාජනයකට දමන්න පුළුවන් වගේම මේ දරුවොත් ඕනෑම පරිසරයකට හුරු වෙනවා. ඒ වගේම ප්‍රායෝගිකයි.
කොළ වැඩ කරද්දී ගෑනු, පිරිමි කවුරුත් අත්දිගට අඳින්න ඕනෑ. පාරම්පරික සිරිත කියලා අත්කොටට අඳින්න ඕනෑ නෑ. ගොයම් කපපු ගමන් වේලෙන්න පෙර කමතට අදින එක සම්ප්‍රදාය නෙවෙයි. ඒක යන්ත්‍රවලින් කොළ මඩින කාලේ ඇති වූ ක්‍රමයක්. කුණු ගෑවෙන නිසා කුඹුරු වැඩට සුදු අඳින්නේ නෑ. සාම්ප්‍රදායික සිරිත් කළාට ප්‍රායෝගික පහසුව තකා වර්තමානයේ වෙනස් වී ඇති ක්‍රමය නොකර ඉන්න ඕනෑ නෑ...
රටේ අනිත් පළාත්වල වැඩිහිටියන්ගේ ඇස ඇරිය යුතු හොඳ වැඩක්... සිංහල සිරිතට විරිතට සමච්චල් කරන සමාජයක පැරණි සිරිත් විරිත් අනුව කරපු ගොයම් කැපීම හුඟක් අගය කරනවා. ජාතියක අනන්‍යතාවය රැකිලා තියෙන්නේ ඒ ජාතියේ සංස්කෘතික ලක්ෂණ අනුව. අපේ සිංහල ශිෂ්ඨාචාරය කෘෂිකර්මය සහ බුදු දහම මත පදනම් වුනු ඉතා පැරණි ශිෂ්ඨාචාරයක්. කාලගුණය ගැන කිව්වොත් අව්රශ්මිය ගැන අනිත් වතාවේ ටිකක් සැලකිලිමත් වෙන්න. මේ උතුම් කාර්යය සංවිධානය කල ගුරුවරයාටත් පාසල් දරුවන්ටත් දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා.
දැන් ලංකාවේ ගොයම් කපන යන්ත්‍රයක් තිබෙනවා නේද ? පසුගිය වසරේ ලංකාවට ගිය අවස්ථාවේ මේ යන්ත්‍රය ක්‍රියා කරනවා දැක්කා. කලින් වගේ ඔය සේරුවල ඉන්න තරම් සෙනග ගොයම් කපන්න සොයාගන්න හැකියාවක් නැහැ. දැන් ලංකාවේ ගැහැණු රෙදි අඳිනවද නැහැනේ. දැන් අදින්නේ උතුරු පළාතේ වගේ දිග සායවල්.
වසර 23ක් පුරන් උන කුඹුරක් අස්වදනවා කියන්නේ ලොකු වැඩක්. ප්‍රතිඵල දැක දැකත් මේක අගය කරන්න බැරිනම් ජාතකයේ වරදක්.
කියන්න අමතක වුණා. සම්බන්ධ වුණු හැමෝටම හද බැඳි උත්තමාචාරය පුදමි...