( +++ අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රී කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ කථානායක නිල නිවෙසේ පැවැති ඉහත හමුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ දඹුල්ලේ සිටය. රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තය ගත කළේ දඹුල්ල ප්‍රදේශයේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවට ප්‍රථම කථානායක කරු ජයසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ද හමුවී අදහස් හුවමාරු කරගත්තේය.
කථානායක කරු ජයසූරිය මහතා සමග සාකච්ඡාවට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සමග ද අදහස් හුවමාරු කරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර ඊයේ (19) පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව පැවැති අර්බුදය අවසන් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
මෙයාලා කවදාවත් ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ.. විසඳාගත්තේ එයාලගේ ප්‍රශ්න විතරයි..
නාකි වුණාට පස්සේ වැඩක් නැහැ. යූඑන්පී එකත් ඉවරයි...
පස්මහ බැලුම් බල බල ඉන්න. එතකොට ඔක්කොම හරි. අන්තිමට පක්ෂයත් කබාසීනියා වෙලයි නතර වෙන්නේ...............
අතේ ඇගිලි පහම එක වගේ නැහැනේ. එත් අදහස් දාන ඇගිලි එක වගේ. එක සමාන අදහස් දක්වන්නේ. එකම කණ්ඩායමක් නේද මේ අය ?