IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම් බව නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දැනුම් දී ඇති බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමු වී ඔහු මේ දැනුම්දීම කළ බව දිසානායක මහතා සඳහන් කරයි.

-ඩේලිමිරර් අනුග්‍රහයෙනි- 



අදහස් (26)

රනිල් ඉල්ලා අස්වෙන්න සූදානම් බව නවීන් කියයි

Kumar (Galf) Monday, 10 August 2020 11:15 AM

අනේ අයින් වෙන්න නම් එපා. තව අවුරුදු 5 විතර ඉන්න. එතකොට ඔය ලැබිච්ච ඡන්ද ටිකත් නැති වෙලා යූ එන් පී කියන රටට පිලිලයක් වෙච්ච පක්ශය නැත්තටම නැති වෙලා යනවනෙ. මේ රටට වෙන ලොකුම හොඳේ ඒක තමා.

:       15       54

ජනක Monday, 10 August 2020 11:57 AM

රනිල් ඉවත් වීමට තිබුනේ බොහෝ කලකට පෙරය. දැන්වත් ඉවත්වන්නේ නම් හොදය.

:       0       0

BamunuarachchiTuesday, 11 August 2020 02:10 PM

මේ සිදුවීම හොඳට විශ්ලේෂණය කළාම පෙනෙන්නේ රනිල් කැමැති නැහැ පක්ෂ නායකකම අහවලාට දෙන්න. ඒකට මගේ ප්‍රසාදය පලකරනවා.

:       11       4

Anura Monday, 10 August 2020 12:17 PM

ඉතා සතුටුදායක ප්‍රවෘත්තියක් මේ මනුස්සයා පක්ෂයත් විනාශ කරලා රටත් විනාශ කළා

:       0       1

Mahesh Monday, 10 August 2020 12:39 PM

1999 සිටම ගෙදර යන්න කියලා මිනිස්සු කියන්නේ. ඒත් ගෙදර යනකන් විශ්වාස නෑ.

:       0       2

Sagala Monday, 10 August 2020 12:40 PM

අනේ රනිල් සර් ඇයි දැන්මම යන්නේ. ඉතුරුවෙච්ච ආසනෙත් නැතිකරලම යන්න.

:       0       1

Komali Ahungalla Monday, 10 August 2020 12:54 PM

ඇති යාන්තන්... හිතක් පහළ වුණා.

:       0       1

sunil gikiyanage Monday, 10 August 2020 01:04 PM

තවම ඉල්ලා අස්වෙලා නැහැනේ... ආපහු වටයක් කැරකිලා තව ටික දවසකින් කියාවි අපි නායකත්ව මණ්ඩලයක් හරි මොකක්හරි පත්කරනවා කියලා.. එක්සත් ජාතික පක්ෂයේ අවසන් සාමාජිකයා දක්වා මෙතුමා නායකයා...

:       0       1

Champa Monday, 10 August 2020 01:06 PM

මනාපෙන් පැරදුණු මන්ත්‍රීලා පක්ෂනායකයට අභියෝග කරනවලු. රනිල්, සිරිසේන දෙන්නම ඉන්න ඕනේ ගෙදර. නමුත් සිරිසේන පාර්ලිමේන්තු ආවේ රාජපක්ෂවරු බ්ලැක්මේල් කරලා. රනිල්ට පාර්ලිමේන්තුව වැහුනේ නැහැ. වැහැව්වා. සිරිසේනගේ කොන්දේසියක් වෙන්න ඕනේ. "සිංහල බෞද්ධ විරෝධී අලිසබ්‍රිට" පොහොට්ටු ලැයිස්තුවෙන් අධිකරණ ඇමතිකම දෙන්න හොඳ නම්, "උතුරේ පන්සල් තිබීම ගැන විරුද්ධ වුණු සුරේන් රඝවාන්ට" පොහොට්ටුවේ ලැයිස්තුවෙන් එන්න හොඳ නම්, "සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම්, දෙමළ දේශපාලකයින්ට සජිත්ගේ පක්ෂෙන්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පැරදිච්ච සුමන්තිරන්" එකපාරට දිනුවා කියලා පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පිල්ලෙයාන්ටත්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, සිංහල බෞද්ධ රනිල් පාර්ලිමේන්තු ආවහම මොකද? මේ ඡන්දෙදි මනාප ගණන් නොකර පෞද්ගලික වුවමනාවට ප්‍රතික්ෂේප කෙරුවේ රනිල්ව විතරයි. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් වුණා. රනිල් පාර්ලිමේන්තුවේ නැති එක ගැන වැඩිපුරම සතුටු වෙන්න ඕනේ මම... හැබයි රනිල්ව ප්‍රතික්ෂේප වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව මිසක්, සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම් දෙමල දේශපාලකයින්ව පාර්ලිමේන්තු ගෙනාපු අයට ඕනේ විදිහට නෙමෙයි.

:       1       3

Kamal. Monday, 10 August 2020 01:23 PM

සජිත් පිල නිසා මෙතුමා මේ තත්වෙට පත්වුණා.

:       1       10

karolis Monday, 10 August 2020 01:23 PM

ඉල්ලා අස්වෙන්න ඉතින් මෙහෙම වෙනකන්ම හිටියා.

:       0       1

Nandalal DE SILVA - France Monday, 10 August 2020 01:33 PM

දැන්වත් මේ විදියේ තීරණයක් ගැනීමට රනිල්ට සිහි වුනේ කොහොමද කියා මගේ ආච්චි අහනවා.

:       0       2

de silva Monday, 10 August 2020 02:30 PM

නායකයා පත්කරගතයුත්තේ පාක්ෂිකයන්ගේ වැඩි ඡන්දෙන් මිස කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා නොවේ.

:       0       2

Buddika Monday, 10 August 2020 02:43 PM

ලංකාවේ ප්‍රබලම සහ පැරැණිම පක්ෂය විනාශ කළේ රනිල් සහ ගෝලයෝ... පරාද වෙලා නෝණ්ඩිම වෙලත් අදටත් මොහු හැදෙන්නේ නැහැ. නායකත්වයට සුදුසුයි කියලා නම් කරපු 4 දෙනා එක්ක තමයි රනිල් එජාපය විනාශ කළේ. අද එජාපය සුලු පක්ෂයක්... මේ කාටවත් ලැජ්ජාවක් නැහැ. තවත් බැරිකම දැනගෙනත් බලයේ ඉන්න දඟලන පිරිසක්...

:       0       3

Kamal Koyrala Monday, 10 August 2020 03:10 PM

ගරුත්වය රැකගෙන පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න තිබුනා එදා.

:       0       3

chandima Monday, 10 August 2020 03:43 PM

නවීන් කිව්වට රනිල් කියලා නැහැනේ.?

:       0       2

Rohana Monday, 10 August 2020 04:20 PM

මෙතෙක්කල් රනිල් නායකත්වයේ සිටියේ සජිත්ට නායකත්වය ලැබීම වැලැක්වීමට නේද? සජිත් ඉවත්ව ගියපසු නාකත්වයෙන් ඉවත්වීමට තීරණය කලේ තමන් කැමති කෙනාට නායකත්වය පැවරීමටයි. නමුත් එජාප කණ්ඩායමේ කවුරු නායකයා වුනත් එම නායකත්වයට ජනතා කැමැත්ත ලැබේද යන්න සැක සහිතයි.

:       0       7

Laksitha Paris Monday, 10 August 2020 06:48 PM

දැන් යන්න පව් නොදී... ඔබට බායි, බුදුසරණයි.

:       0       2

Perera Monday, 10 August 2020 06:49 PM

මෙයාට ගෙදර යන්න තිබුනේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා.

:       0       2

liyanage Tuesday, 11 August 2020 12:05 AM

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව කියවේ. නමුත් ඔහු දේශපාලනයෙන් කිසිසේත්ම ඉවත් නොවිය යුතුවේ. කරු ජයසූරිය මහතාගේ නමත් නායකත්වයට මේ වනවිට යෝජනා වී ඇතිබව මාධ්‍යවල පලවී ඇත. රවී කරුණානායක, දයා ගමගේ කිසිසේත්ම පක්ෂයේ නායකත්වට පත් නොකළ යුතුවේ. ඔවුන් දෙදෙනාම පක්ෂයට වැඩකළ දෙදෙනෙකු වුවත් ජනතාව අතර ඔවුන් දෙදෙනා පිළිබඳව කිසිම පැහැදීමක් නොමැත. පක්ෂයෙන් වෙන්ව ගිය සජිත්, අජිත්, සුජීව, හරීන්, සහ පක්ෂය සහ නායකයා විවෙචනය කළ බොහෝදෙනෙකු යළිත් පක්ෂයට ගතයුතු නොවේ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට දක්ෂයකු පත් කළහොත් සුළුජාතික පක්ෂ පවා ඔහුට සහයෝගය දක්වනු ඇත...

:       0       0

tanya Tuesday, 11 August 2020 01:54 AM

ඇයි ඒක නවීන් කියන්නේ...?

:       0       9

Perera Tuesday, 11 August 2020 03:32 AM

මෙයා ඔය දේ මීට වසර 15-20කට පෙර නම්බුකාරව කරලා තිබුණා නම් අද ඔය තත්වේ මෙයාටවත් ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වූ එජාපයටවත් අද අත්වී ඇති ඉරණම මගහැරෙන්න බොහෝදුටර ඉඩතිබුණා. දැන් ඉතිහාසෙට මෙයාගේ නම ලියන්නේ එජාපය විනාශ කළා කියලයි.

:       0       3

kamal Tuesday, 11 August 2020 03:34 AM

සුධානම විතරයිනේ.

:       0       2

Pathum Tuesday, 11 August 2020 08:55 AM

ලොකු දෙයක්...

:       0       1

Naushi Tuesday, 11 August 2020 09:37 AM

සූදානම් විතරයි දැන්... ඉල්ලා අස්වෙන්නේ 2025..

:       0       2

විජේ Tuesday, 11 August 2020 11:57 PM

පින්නවලහරි, උඩවලවේහරි ගෙනියන්න වෙයි... නැත්තං පිස්සු ඩබල් වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි
2025 පෙබරවාරි මස 07 2211 12

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප


මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1490 2

මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 3858 47

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 1710 1

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක්
2025 පෙබරවාරි මස 05 6866 7

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 6207 19

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 25 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 107 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 836 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site