IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


රනිල් අරලියගහ මැදුරට පැමිණේ

තරිඳු ජයවර්ධන

 

අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේය.

 

අරලියගහ මන්දිරයේ දී මහා සංඝරත්න සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කළ අතර අන්‍යාගමික පූජකවරු ද වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.

 

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඇතුළු විශාල පිරිසක් ද අරලියගහ මැදුරේ රැස්ව සිටිති.

ඡායාරූප හා විඩියෝ -  ශාන්ත රත්නායක

 



අදහස් (12)

රනිල් අරලියගහ මැදුරට පැමිණේ

Sathyayaa Sunday, 16 December 2018 08:33 AM

මොකක්ද මේ මහා සංඝ රත්නයක් ඇවිල්ලා හැමදාම පිරිත් නුල් බැඳලා කරන ආශීර්වාදය...? මේවායින් ගුනේ තියෙන්නේ පාලකයාට විතරක් වගේ. රටට නම් වුණු හොඳක් නැහැ.

:       33       7

lankasriSunday, 16 December 2018 11:12 AM

බෞද්ධයෙක් නම් සියලුම සුබ කටයුතුත් සියලුම අසුබ කටයුතුත් සංඝ රත්නයේ ආශිර්වාදයෙන් සිදුකළ යුතුයි. අනන්ත ගුණයි....

:       0       23

Bamunuarachchi Sunday, 16 December 2018 09:02 AM

හැබැයි ඔතන අපවත් වෙන්න එපා... රටේම තිබෙන දුම්මල මදිවෙයි භූතයා එළවන්න.

:       48       9

Nandalal DE SILVA - France Sunday, 16 December 2018 09:07 AM

අරලියගහ මන්දිරය රනිල්ට නුපුරුදු තැනක් නොවේ...! එතුමා පස්වැනිවරටත් එහි පැමිණීම රටට ආශීර්වාදයක් වේවා කියා මුළු හදින්ම අප පතමු. බලලෝභී, නන්නත්තාරවී එහේ මෙහේ ඇවිදිමින් ඔබතුමා රැවටීමට වලිකන නරියන් නම් මෙවර ඔබතුමා අසලටවත් ලංකර ගන්න එපා.....

:       11       102

MaheeSunday, 16 December 2018 09:49 AM

"නරියන් අසලකට වත් ලංකර ගන්න එපා"? නන්දලාල් කියන්නේ මෙයාට තනියෙන්ම ආණ්ඩු කරන්න කියලද? අනික් අතට ඒ සත්තුත් ඔය විදිහට හිතුවොත් අපට අගමැති කෙනෙක් නැතුව යනවනේ ආයෙත්...

:       0       14

BamunuarachchiSunday, 16 December 2018 10:43 AM

හැබැයි අවුරුදු 5 ඔතන දිගටම ඉඳලා නැහැ. මේ සැරේත් තුනහ මාරෙන් එළියට දැම්මා..

:       48       0

Ravi Sunday, 16 December 2018 11:02 AM

මට නම් පේන්නේ බමුනුආරච්චිට රනිල් එක්ක තිබෙන්නේ දේශපාලන මත ගැටුමක් වෙනුවට පුද්ගලික කෝන්තරයක් කියලා. ඒ මොකද අර අට පාස් දේශපාලන කේවට්ටයගෙයි, බමුණුගෙයි වාග් මාලාවේ වැඩි වෙනසක් නැහැ.

:       0       101

sandy123Sunday, 16 December 2018 12:46 PM

ඒ වගේම මට හිතෙනවා මහරජාගේ හරි, ගෝලයෙක්ගේ හරි කොමිස් කුක්කෙක්ද කියලා...

:       0       26

Nandalal DE SILVA - FranceSunday, 16 December 2018 04:02 PM

මටත් ඔහොම කීප විටක්ම හිතුණා. ඒ වුනත් බමුණු මහත්තයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කළ යුතු නිසා මම නිහඬව හිටියා. කොහොම වුනත් එයා ගොඩක් මඩවන්නත් එපා.. අපට හිනාවෙන්න තිබෙන අවස්ථාවන් අහිමි වේවි කියා මට බයක් තිබේ.

:       0       0

BamunuarachchiMonday, 17 December 2018 01:26 AM

අපි සිංහලයෝ කියලා යාපනයට ගිහිල්ලා කියන්න කශේරුකාවට පණදීම තමයි ලැබුණු කොමිස් එක. රනිල් ඔහෙලගෙ කැඩූවෙත් දෙකට තුනට නැමී තිබුණු ඒ කශේරුකාව නේද?

:       0       0

rohana kumara mendis Sunday, 16 December 2018 06:14 PM

බමුණුආරච්චි, රනිල් අගමැතිතුමාට බල ලෝභය නැහැ. එ්කනේ එකපාරක් සරත් ෆොන්සේකාට ඉල්ලන්න දුන්නේ. ඊළඟ පාරත් සිරිසේන ජනාධිපති වෙන්න ඉඩ දුන්නා හොඳේ. ඉතින් රනිල් නෙමේ මහින්ද මිය ගියොත් ඔය අරලියගහ මන්දිරයේ භූතයා වෙන්නේ... ආන්න එදාට ඔබත් පොඩි භූතයක් වෙලා හරි එතැන ඇති..

:       0       0

BamunuarachchiMonday, 17 December 2018 12:22 PM

එකපාරක් ෆොන්සේකාට දුන්නා. ඒ මුට්ටියට හොඳ පොලුපාරක් වැදුනා. ඊළඟට දැම්මා සිරිසේන මුට්ටිය එක හරිගියා. එයා පස්සෙන් රනිල් රිංගුවා. ඔබට අමතක වුනාට... රනිල් දන්නවා එයා 30 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළබව හා පක්ෂ නායකත්වය වෙනකෙනෙකුට බාර දෙන්න කියා සිරිකොතේ ගුටිකෙළියක් ගිය බව... රනිල්ගේ බලලෝභය ගැන ඔබද අපිට කියලා දෙන්න එන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site