IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්මාල කොල්ල කල්ලියක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදා ආබාධිත සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට හොරයින් මත්කුඩු ලබාදී කොල්ල කෑම් වල යෙදවු 21 හැවිරිදි තරුණයකු සමග එම කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු වන විසි එක් හැවිරිදි තරුණයා කිසිදු මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකරන තැනැත්තකු බව පොලිසිය කියයි.

කොල්ල කෑම සඳහා කුඩා වෑන් රථයක් සැපයූ කුලී රථ සේවාවක හිමිකරුවකු ,කොල්ල කෑ භාණ්ඩ මිලදී ගත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ සහායකයා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කැස්බෑව නිවුන්ගම විශ්‍රාමික රජයේ නිලධාරියකු නිවස ඉදිරිපිට මල් කඩමින් සිටියදී ඔහුගේ ගෙල පැලදි පවුම් කාලක සුරයක් සමග පවුම් එක හමාරක් පමණ බර රන් දම්වැල කොල්ල කා වෑන් රථයයකින් පළා ගිය පිරිසක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකදි මෙම තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

රන් මාලය කොල්ල කෑම සඳහා එම පිරිස පැමිණි වෑන් රථයේ සි.සි.ටි.වි දර්ශන ඒ අනුව එම වෑන් රථය බණ්ඩාරගම ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයක තිබී සොයා ගැනීමෙන් අනතුරුව කුලී රථ සේවාවේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය කුලියට ගත් පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඇත.  

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බණ්ඩාරගම යටියන ප්‍රදේශයේදී කොල්ල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරුවන් වන ආබාධිත හමුදා සෙබලා ගල්තුඩේ ප්‍රදේශයෙනුත් ,රන්මාලය කොල්ල කෑ පුද්ගලයා අටුලුගම ප්‍රදේශයෙනුත් සෙසු සැකකරුවන් දෙදෙනාත් එම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



අදහස් (3)

රන්මාල කොල්ල කල්ලියක් අල්ලයි

Perera Tuesday, 27 July 2021 03:18 PM

ලබන ඡන්දෙන් පාර්ලිමේන්තු එන්න පුහුණු වෙනවා ඇති.

:       0       65

siri Tuesday, 27 July 2021 03:41 PM

අපරාදේ... කෝච්චියකදී කළානම් ලොකු තැනකට යන්නත් තිබුණා...

:       0       54

ROYFEDRICKS Tuesday, 27 July 2021 03:44 PM

රොහිත අහුවෙලාද? අර ඇමති...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site