(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදා ආබාධිත සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට හොරයින් මත්කුඩු ලබාදී කොල්ල කෑම් වල යෙදවු 21 හැවිරිදි තරුණයකු සමග එම කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු වන විසි එක් හැවිරිදි තරුණයා කිසිදු මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකරන තැනැත්තකු බව පොලිසිය කියයි.
කොල්ල කෑම සඳහා කුඩා වෑන් රථයක් සැපයූ කුලී රථ සේවාවක හිමිකරුවකු ,කොල්ල කෑ භාණ්ඩ මිලදී ගත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ සහායකයා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කැස්බෑව නිවුන්ගම විශ්‍රාමික රජයේ නිලධාරියකු නිවස ඉදිරිපිට මල් කඩමින් සිටියදී ඔහුගේ ගෙල පැලදි පවුම් කාලක සුරයක් සමග පවුම් එක හමාරක් පමණ බර රන් දම්වැල කොල්ල කා වෑන් රථයයකින් පළා ගිය පිරිසක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකදි මෙම තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
රන් මාලය කොල්ල කෑම සඳහා එම පිරිස පැමිණි වෑන් රථයේ සි.සි.ටි.වි දර්ශන ඒ අනුව එම වෑන් රථය බණ්ඩාරගම ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයක තිබී සොයා ගැනීමෙන් අනතුරුව කුලී රථ සේවාවේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය කුලියට ගත් පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බණ්ඩාරගම යටියන ප්‍රදේශයේදී කොල්ල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සෙසු සැකකරුවන් වන ආබාධිත හමුදා සෙබලා ගල්තුඩේ ප්‍රදේශයෙනුත් ,රන්මාලය කොල්ල කෑ පුද්ගලයා අටුලුගම ප්‍රදේශයෙනුත් සෙසු සැකකරුවන් දෙදෙනාත් එම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.