IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න

( +++ නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් හඬ පට සහිත දෘඩ තැටි 9ක්, ඩී වී ඩී තැටි 162ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ජීව උණ්ඩ 127ක් සහ ඔහුගේ බලපත්‍ර රහිත ගිනිඅවිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා රජයේ රස පරික්ෂකවරයා වෙත ඊයේ (08) නියෝග කළේය.

මෙම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වාර්තාවක් කැඳවීම සඳහා අවසර දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම නඩු භාණ්ඩ සීල් තබා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මෝසම් පත්‍රයක් ගොනු කරමිනි. එසේම, මෙම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ ප්‍රශ්නාවලියක් ද කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයට ලබා දුන්නේය.

සැකකාර රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද බලපත්‍ර රහිත ගිනි අවිය අවසන් වතාවට ක්‍රියාත්මක වූයේ කවදා ද යන්න සම්බන්ධයෙන් මෙන්ම අදාළ උණ්ඩ සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවීමට අවශ්‍යව ඇතැයි මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව දුරකතන අංක 9ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද අවශ්‍යව ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම හඬපට සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස නියෝග කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සතියක් වැනි කාලයක් මෙවැනි සංකීර්ණ වාර්තාවක් කැඳවීමට කාලය මදි බැවින් ඉදිරි දිනය වන විට එනම් ලබන 17 වැනිදා වන විට එම වාර්තාව ලබා දෙන ලෙස රජයේ රස පරික්ෂකවරයාට දන්වා යවන බව මෙහිදී අධිකරණය දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග නිකුත් කරමින් ලබන 17 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාද පවත්වා පොලිස් සේවාව අපකීර්තියට පත්කළැයි වැඩ තහනම් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කර තිබිණි.

මෙම ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියමයට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්ති ප්‍රකාරව බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසයෙන් මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදුන් බව එම කොට්ඨාසය පෙරේදා (08) අධිකරණයට දැනුම් දී තිබිණි.

ගිනි අවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥාපනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 05 වැනිදාය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය, එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ද නියෝගයක් නිකුත් කළේය.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ 5 දරන ස්ථානයට අදාළව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය එම ස්ථානය සෝදිසියට ලක්කළේ ඉකුත් 04 වැනිදා පස්වරුවේ දීය. එහිදී මෙම හඬපට සහිත දෘඪ තැටි කිහිපයක් ද සහිතව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විණි. එසේම, සැකකාර මන්ත්‍රීවරයා සන්තකයේ තිබී බලපත්‍රයක් රහිත මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගත් අතර, එම ගිනි අවිය සම්බන්ධයෙන් අවසන් වරට බලපත්‍රයක් ලබාගෙන තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ බවත්, එම බලපත්‍ර අංකය 007082 දරන සී58/එස්එෆ්/005/134/2016 යන්න බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site