
(නිමල කොඩිතුවක්කු)
රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම විශාල අඩුපාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව සියලු දෙනාගේම ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය .
අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26) පැමිණි විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසීය.
රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්, අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්, තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බවත් හෙතෙම සඳහන් කළේය.
රංජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන බවත්, එතුමාට ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම මානුෂිකත්වයේ නාමයෙන් කළයුතු දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කකඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.
හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.


COMMENTS
රනජන් කරපු සේවයෙන් දශමයක්වත් මේ විපක්ශ නායකයා මේ වෙනතෙක්ම කරලා නැහැ. ආන්ඩු බලය නිකම්ම ඔඩොක්කුවට කඩා වැටෙයි කියල හිතාගෙන ඈනුම් ඈර ඈර ඉන්නවා.
ඔබ කියන බොහෝ දේ ඇත්ත තමයි. ඒත් එවා කියන්න සුදුසු තැනක් තියෙනවා. ඒනිසා මින් මතුවට වත් සටන් කරන කලාව ඉගෙන ගන්න. බොහෝ අය ඔබට ආදරය කරනවා. මොකද ඔබ එස්බී වගේ බොරැ කයියෙක් නොවන නිසා.
විපක්ෂ නයකතුමා ඇත්තටම රංජන් මහතාට අභියාචනා කරන්න අවස්තාවක් සැලසී නැහැ එය රටට සුදුසු නැහැ ඔබේ රජයක් පත්වුනොත් එවැනි කාලයක මෙවැනි දඩුවම් විමර්ශනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ විවාද කර වැඩි ඡන්දයකින් චුදිතයා නිදහස් කරන ක්‍රමයක් ඇති කරන්න.
එක වල්ලේ පොල්.
අප තරයේ විස්වාස කරනවා රටක විපක්ෂ නායක යනු ඉතාම කාර්යබහුල මෙන්ම රට ගැනම පමණක් හිතන පතන පුද්ගලයකු විය යුතු යන්න. ඔහුට හෝ ඇයට හිරගෙවල් ගානේ යන්න වෙලාවක් කෙසේ හොයාගත්තේද යන්න ගැටලුවකි. මක්නිසාදයත් මේ සියල්ල "තර්කානුකුළව " ( මෝඩ ගොන් තර්ක ගෙනහැර පානවාට වඩා ) කතාකර විසදා ගැනීමට ස්ථානයක් තිබුනත් එම ස්ථානයේ සර්කස් කණ්ඩායමක සිටින රිලවෙක් ලෙස හැසිරීම ඉතාමත් කනගාටුවකි.
වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම ඉඳලා පිටිපස්සෙන් මොකද උනේ කියලා හඬපට වලින් ලෝකෙට පෙන්නුවා. ඉදිරිපසින් ඉඳලා රටට කරපු මගුලක් නැහැ. කොයි දෙස්පාලකයත් වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම ඉන්නවා නමුත් මෙයා වගේ පිටිපස්ස පැත්තෙන් නීතියෙන් අහින්සකයෙක් වෙන්න ගිය කෙනෙක් මීනී මරුවෙක් කලේ නැහැ.
විපක්ෂ නායක කරපු සේවයක් නැහැ ඒක හරි. ගැටලුවකට තිබෙන්නේ ඔබ කියන අල්පොන්සෝ කරපු සේවය. අනේ කරුණාකරලා කියන්න අල්පොන්සෝ කරපු සේවය මොකක්ද? හොරු කීදෙනෙක් අල්ලුවාද? නාලිකා වැඩ සටහනකදී ජෝන්සන්ට චෝදනාවක් දාන්න ගිහිල්ලා ගුටිනොකා බේරුනා හැටි නම් දැක්කා. සේවයේ කොටසක් එයාගෙම හඬපටවලින් කියවුනා. ඒ සේවයට හරියන්න තමයි උසස් යයි කියන පොලිස් උනදා කෙනෙක් අල්පොන්සෝගේ ගෙදර වලන් හෝදන්න ලැහැස්ති උනේ. ඔබත් යොමු කරන්නේ ඒ සේවයමද?
ඇයි දැන් ගොවියෝ හම්බෙලා ඉවරද
ඔබ සහ ඔබේ පැරණි නායකයා දීපු කොන්ත්‍රාත්තු ඉටුකරන්න ගිහිල්ලා තමා මෙයාට මෙහෙම උනේ .මෙයා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ කෙනෙක් කියන්න තරම් සාධාරණ හේතු නැහැ .මෙයාට නීති හදන්න දැනුමක් නැහැ .රටට වැඩ දායක ව්‍යාපෘතියක් යෝජනා කරන්න දැනුමකුත් නැහැ .නළුවෙක් නිසා මිනිස්සු චන්දෙ දුන්නා .මෙයාට කාන්තාවක් දුෂණය කරපු එකකට නඩුවකුත් තිබුනා .රෙකොර්ඩ් වෙලා තිබුණු කුණුහරප ටික ඇහුණාම මෙයාගේ මානසිකත්වය මොකක්ද කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.
1. රන්ජන් උසස් පෙල ලියලා ක්‍රිස්තියනි ධර්මය අසමත් වුනා කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. ඉතින් වැඩ තුනක්වත් සමත් නැතුව උපාධිය කරන්නේ කොහොමද කියලා අපේ විපක්‍ෂ නායකතුමා අපිට කියලා දෙනවද. 2. හරි හෝ වැරදි හෝ අධිකරණයෙන් සිර දඬුවම් නියම වූ කෙනෙක් උසස් අධ්‍යාපනය ලැබිම සඳහා නිදහස් කිරීම මානුෂීය හේතුවක් වන්නේ කොහොමද? ඊට වඩා මානුෂීය හෙතු ඇති අනික් හිරකරුවන් ඔනා තරම් ඇති නේද පවුලේ ලඟම ඥාතීන් අසාධ්‍ය ලෙස අස්නීප හෝ ජීවත් වෙන්න විදිහක් නැතුව දුක් විඳින වගේ? ඒ අයව ඉස්සෙල්ලා නිදහස් කරන්න ඕනා නේද මානුෂීය කම් බලනවා නම්? රන්ජන් නම් අක්කාගේ නැන්දම්මාගේ මරණ ගෙදරත් ගියා (එතනින්නේ කොරෝනා හදාගත්තේ). හිර කුටියේ ටීවී එකකුත් වෙනම දීලා තියෙනවා. ඒ නිසා නිදහස ඕනා නම් උපාධි කරන්න වැඩ තුනවත් තාම නැති කෙනෙක්ගේ උපාධිය ගැන කතා නොකර අර පහුගිය දවස්වල කියලා තිබුනා වගේ ජනාධිපති සමාව ගන්න අවශ්‍ය ලියකියවිලි හදලා අත්සන් කරලා භාරදෙන්න. ඒක නොකර මේ උපාධි කතා කීමෙන් විපක්‍ෂ නායක තුමාගේ උපාධියත් බාල වෙනවා.