( +++ සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇති හඬපටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී අද (7) තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (07) පස්වරු 2.00ට පැවැත් වේ.
හඬ පටය මන්ත්‍රීවරුන්ට ලබාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳවද පක්ෂ නායක රැස්වීමේ දී අද තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතාගේ ඒ හඬපටය සියලුම මන්ත්‍රීවරුන්ට දෙන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (5) ඉල්ලීමක් කළාය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායකවරයා එහි දී පැවැසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපටය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට ඉහත දී බාර දෙනු ලැබීය.
හඬපටය මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලයේ සුරක්ෂිතව තබා ඇත.
රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් හා දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් සමග පවත්වන දුරකතන සංවාද දහස් ගණනක් මෙම හඬපටයට ඇතුළත්ව තිබෙන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන්ජන්ගේ හඬපටය මන්ත්‍රීන්ට දෙනවාද නැද්ද? තීරණය අද පක්ෂ නායක රැස්වීමේදී
ලැවොයිසියර් Friday, 07 February 2020 06:11 AM
හැබෑවටම කවුද රන්ජන් කියන්නේ…? කොරෝනා ගැන නම් අහලා තියෙනවා.
Bamunuarachchi Friday, 07 February 2020 06:13 AM
මන්ත්‍රීන්ට පමණක් නොවෙයි ජනතාවටත් දෙන්න.
ජයන්ත මිලානෝ Friday, 07 February 2020 07:15 AM
එක එක පක්ෂයවලට වහල් කම් කරන අයත් දැකලා තියෙනවා. ඒත් රන්ජන්ව අදුනන්නෙ නැති කෙනෙක් දැක්කමයි ,කොරොනා ගැන විතරයි එයා දන්නේ.
lanka Friday, 07 February 2020 10:50 AM
වැඩේ කියන්නේ ඕක ප්ලේ කරද්දී නිහාල් නෙල්සන්ගේ සිංදු බවට පරිවර්තනය වෙලා තියෙයිද?