තරිඳු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධා ක්‍රිෂ්ණන් මහතා අද (29) පැවසීය.
ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඔවුන් හමුවීමට ගිය බවත් , ඔවුන් හා කතා කළ ද ඔවුන්ගේ පැත්තට නොයන බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා කීවේය.
ඒ මහතා සහ ආනන්ද කුමාර් මහතා අද (29) රාත්‍රී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා කළ අතර වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීම සඳහා අත්සන් තැබූ බව දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු රාධා ක්‍රිෂ්ණන් මහතා තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී විය. මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘ අපි දෙමළ ප්‍රගතිශීලී සංවිධානය හැටියට හය දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දේශපාලන පක්ෂ තුනක් එම සංවිධානය නියෝජනය කරනවා. එහි නායකයා තමයි මනෝ ගනේෂන් මහත්මයා. පහුගිය කාලයේ රාවයක් ගියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමඟ එක්වෙලා අද ඇමැතිධුරවල දිවුරුම් දෙන්න යනවා කියලා.
ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා අපිට ආරාධනා කළා. අපි ගිහින් කතා කළා. කතා කළා කියලා අපි ඒ පැත්තට ගියා කියන්න බෑ. අපි තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. අපි දිගටම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ ද රනිල් වික්‍රමසිංහ ද කියලා පාර්ලිමේන්තුවේදි බහුතරයත් එක්ක බලාගන්න පුලුවන්.‘‘ යැයි ද රාධා ක්‍රිෂ්ණන් මහතා කීවේය.
COMMENTS
අන්න උදේ ආපු දෙන්නා නම් ආයේ ගිහිල්ලා ඇමැතිකම් අරන්...
මේවට කොහෙන්ද දන්නේ නැහැ හිනාවෙන්නේ? ඔයවගේ රනිල් ලඟට ගිහින් මම "එහාට ගියේ අපේ පාරම්පරික සම්ප්‍රදායක් ඉටු කරන්න" කියපු මිනිහා මෙන්න බොලේ අද ඇමති කෙනෙක් වෙලා. අනිත් එක්කනා මාධ්‍ය සාකච්ඡා තියලා දිවුරලා කිව්වා මම රනිල්ට කියලා. එ්ත් අද ගෙම්බෙක් වගේ පැනලා ඇමති කමක් අරගෙන. දැන් ලංසුව රුපියල් හය ලක්ෂ පනස්දාහක් සහ ඇමතිකමක් කියලයි කියන්නේ. රවී ගැන දැන් ආයෙත් කතා බහක් ඇති වෙලා. මේ විදිහට හෙට වෙනකොට රනිල්, සජිත් එක්ක පැන්න කියලා අහන්න ලැබුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවේ දේශපාලනය මෙතරම්ම ජරාජීර්ණ වුනේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය. කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳෙව්වත් සල්ලිවලට ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සු සහ සල්ලිදීලා මිනිස්සු බිලිබාගන්න තරම් සම්පත් උපයාගෙන ඇති මිනිස්සු ඉන්නකල් මේ තත්වය වෙනස් වෙන්නේ නම් නැහැ. මේ රට නම් කවදාවත් හදන්න පුළුවන් එකක් නම් නෙවේ. හරිම කණගාටුදායක තත්වයක්.
ඉතා කණගාටුදායක තත්ත්වයක්. මන්ත්‍රී ධුර වෙන්දේසියේ විකිණෙනවා වගෙයි. නැවත මහ මැතිවරණයකට යාම ඉතා කාලෝචිත බව පෙනී යයි. 19 වැනි සංශෝධනය මඟින් එයට ද අවහිරතාවයක් ඇති කර තිබේ.
ඉන්දියාවට වඩා අපි රටක් විදිහට ඉදිරියෙන් හිටියා. නමුත් මේ දේශපාලුවෝ හින්ද මුළු ලෝකෙටම විහිළුවක් වෙලා.
සහතික ඇත්ත සිරිමල්, ශ්‍රී ලංකාව අනාගතයේ කිසිම දේශපාලන නායකයෙක් යටතේ දියුණු රටක් බවට පත් නොවේ.
ජනතාවෙනි, දේශපාලකයන් ගැන තේරුම් ගැනීමට ඉතා හොඳ මොහොතකි.
හෙට ආයිත් මහින්ද ගාවට යන්නත් බැරි නෑ ! මෙහෙමත් ජීවිත.
මේ රටේ හැමදාම රැවටුණේ මහජනතාවයි. හැමදාම ඔවුන්ට තේරෙන්නේ නැති එකම දෙයත් එයයි එම නිසා හැමදාම දිනන්නේ දේශපාලකයන් පමණයි!!
19 සංශෝධනේ ගෙනල්ල රට අමාරුවේ දැම්ම. දුර්වල පාලනයක් බිහි වෙන්නේ.. මේකෙන් වාසි ගන්නේ බෙදුම්වාදීන් වගේම ලංකාවේ සම්පත් කොල්ල කන්න බලන් ඉන්න අනෙත් රටවල්. රනිල් මැතිවරණයකට යන්න බයේ ඉන්නේ. මෙතන ඔළුගෙඩි මාරු කරලා බලේ ගන්නගන්, මතිවරණයකට යන්න රනිල් එකඟ වෙන්න ඕනේ..
ඉස්සර තිබුනා වගේ අපි පත් කරන මන්ත්‍න්රීට අපි දෙන ජනවරමෙන් පිට ගොස් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ලොකු පගාව ලැබෙන පැත්තට පනින්න බැරි විදියට ව්‍යවස්ථාව නැවත සකස් කරන්න කියලා අපි කොච්චර කිව්වත් ඒක කරන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නෑ. අපේම අවාසනාව...!
එක පක්ෂයකින් ඡන්දය අරගෙන වෙනත් පක්ෂයකට පැන්නොත් ආසනය අවලංගු වන නීතියක් ඉස්සර තිබුනා. දැන් කෝ? මේ වගේ අයට ජනතාව ඡන්දෙ දෙන්නේ කොහොමද? මේකම දූෂනයක්නේ? දෙයියනේ රටට ගිය කල! මැතිවරණ ක්‍රමයෙන් පලක් නැහැ! ව්‍යවස්ථාවෙන් පලක් නැහැ!
එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ නායක සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරමින් එතුමා වටා සිටීම අගය කල යුතුය. එපමණක්නොව අවස්ථාවාදී නොවී මුදලට තම පක්ෂය, පාක්ෂිකයා පමණක් නොව මන්ත්‍රීවරුන්වන ඔවුන්ගේ ආත්ම ගරුත්වය පාවා නොදී සිටීම ප්‍රශංසනීයයි. එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබගේ ක්‍රියාව අගය කරනු නොඅනුමානය. මහත්මා දේශපාලකයන් ලෙස මුදල්, සහ දුෂණය ඉදිරියේ නොසැලිසිටීම සහ ප්‍රතිපත්තිගරුකව සිටීමම එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විසින් රටට ලබා දෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
අපේ රටේ තියෙන ජරාජීර්ණ දේශපාලනයේ ස්වභාවය දැන්වත් අපේ රටේ මිනිස්සු තෙරුම් ගතහොත් එය අපි ලබන ලොකු ජයග්‍රණයක්. අපේ ඡන්දයෙන්ම ගිහින් සල්ලි හම්බ කරනවා රටට ඕනම් දෙයක් වෙන්න කියලා. බඩගෝස්තරවාදී දේශපාලනයෙන් මේ රට කවදා ගොඩ ඒවිද. අපේ රටේ තේ දලු නෙලන අහිංසක මිනිස්සුන්ට රුපියල් 1000 වැඩි වැඩි කරන්න බැරි මිනිස්සු මේ කෝටි ගණන් එක රාත්‍රියෙන් හොයනවා. හැමදාම අහිංසක ජනතාව පටි තද කරගන්නන ඕනි. අපේ රට කවද දියුණු වෙයිද....
මේ දවස්වල අපේ රටේ IPL ක්‍රිකට් තරගාවලිය වගේ මන්ත්‍රීවරු වෙන්දේසි වෙනවා, ජනතාව දැන්වත් තේරුම්ගන්න මේ දෙගොල්ලොම දේශපාලනයක් කරන්නේ, අපි වෙනුවෙන් නොවේ. අනාගතයේ අප සැවොම අපේ ඡන්දය බුද්ධිමත් විදිහට පාවිච්චි කරමු.
ඇත්තටම මේ මිනිස්සු දිහා බලනකොට මට හිතාගන්න බැරි, අැයි මිනිස්සු ජවිපෙට ඡන්දෙ දෙන්නේ නැත්තේ කියන එකයි..