(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදී කල්ලියේ සාමාජික පිරිසක් මීරිගම පොලිස් වසමේ ගිරිඋල්ල රෙදි වෙළඳසැලකින් රෙදි මිලදී ගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා මීරිගම පොලිසිය අද (28) පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
ත්‍රස්ත පිරිස මියගිය නිවසේ තිබී හමු වූ බෑගයක සඳහන් ලිපිනය පරීක්ෂා කිරීමේදී ඉකුත් 19 වැනි දා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇදගත් කාන්තාවන් තිදෙනෙකු මෙම වෙළෙඳසැලෙන් රෙදි මිලට ගෙන ඇති බව ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී තිබේ.
මොවුන් රුපියල් 30,000 ක පමණ රෙදි මිලට ගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.
මොවුන් සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙසේ රෙදි මිලදී ගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් මරණයට පත්වූ පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
ඕකතමයි කියන්නේ මුහුණු ආවරණ තහනම් කරන්න කියලා... මුහුණු ආවරණ නොතිබුණා නම් ඔය ගැහැණු ටික පහසුවෙන්ම අඳුර ගන්නට තිබුණා. ආණ්ඩුව ඕක තහනම් කරන්ට හැරෙනකොට තව බෝම්බයක් තියයි.
"මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇදගත් කාන්තාවන් තිදෙනෙකු..." මුහුණු ආවරණය කරගෙන ආවේ කාන්තාවන්මද, පිරිමි වෙන්න බැරිද?
පේනවා නේද මුහුණු ආවරණය කරගෙන කරන සෙල්ලම්..? දැන් මේවා ගත්තේ ගැහුණුද, පිරිමිද කව්ද කියලා හොයාගන්න බැහැනේ... අපරාදේ තවත් භයානක ත්‍රස්තවාදීන්ට සම්බන්ධ හොඳ තුරුම්පුවක් හොයාගන්න තිබ්බ චාන්ස් එක නැතිවුණා. රටේ පත්තර කියවන පාලකයෙක් ඉන්න නිසා මේ පුවත් දැනගනීවි කියලා හිතනවා..