IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රාත්‍රී කාලයේ විදුලිය කපන කාල සටහන වෙනස් වේ

(රංජන් කස්තුරි)

ලංකා විදුලි බල මණ්ඩලය රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවට නිවේදනය කළද රටපුරා ප්‍රදේශ රැසක අද (05) රාත්‍රීයේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබිණ.

ඇතැම් ප්‍රදේශවල පැය එක හමාරක කාලයක් ද තවත් ප්‍රදේශවල පැය දෙකක පමණ කාලයක් ද වශයෙන් විදුලිය විසන්ධී වී තිබූ බව වාර්තාවේ.

දිනපතා දහවල් කාලයේ පැය තුනක කාලයක්ද රාත්‍රී කාලයේ පැයක කාලයක්ද ලෙස දිනකට පැය 4 ක් විදුලිය විසන්ධී කිරීම මෙතෙක් සිදුවිය.



අදහස් (24)

රාත්‍රී කාලයේ විදුලිය කපන කාල සටහන වෙනස් වේ

Bamunuarachchi Friday, 05 April 2019 11:40 PM

කරුවලනායකගේ බලපරෙදේශය වන උතුරු කොළඹට, විදුලි කැපීම පටන්ගත් දා සිට අප්‍රේල් 4 දක්වා විදුලිය නොකාපු බව ප්‍රදේශ වාසීන් කියනවා. ඒ ඇයි කියා ඇසුවොත් මම දන්නේ නැහැ ගෙදර උන්දෑගෙන් අහන්න කියලා කියාවි. වෙලාවට ලයිට් ඔෆ් කරන්නෙත් ගෙදර උන්දාලු.

:       1       11

sam Saturday, 06 April 2019 01:19 AM

ජනගහනය වැඩි කරගන්න කරපු උපක්‍රමයක්නේ... මේකට විරුද්ධ වෙන්න එපා.

:       116       57

Aroshana Saturday, 06 April 2019 01:41 AM

අතුරුගිරියේ ගාමිණී ජයසූරිය මාවත පැත්තේ හැමදාම උදේ 8 ඉඳන් හවස 3 වෙනකම්නේ..

:       15       49

ajith Saturday, 06 April 2019 05:13 AM

කරාබුගස් හන්දිය, මල්වාන, වල්ගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි වුනේ නැහැ. දහවල් පැය 04 ක් විදුලිය කපා තිබුණා.

:       1       3

akila Saturday, 06 April 2019 05:18 AM

අගමැති තුමාගේ මහා තාක්ෂණික විප්ලවය මේක වෙන්න ඇති... තෙල් වලට වගේ විදුලිය කපන එකටත් මාස දෙකක් එකදිගට පායන කොට ලයිට් කපන්න සුත්‍රයක් දාල ගෙදර ගියානම් හරි.

:       0       85

Rashmika Saturday, 06 April 2019 05:57 AM

අපේ දවල් 2.30 ඉඳන් හවස 6.45 විතර වෙනකම් විදුලි බලය ඇණහිට තිබුණා. ඒත් රෑ එහෙම වුණේ නැහැ..

:       16       5

Perakum Saturday, 06 April 2019 05:58 AM

අපට නම් කිසි කාල සටහනක් නැහැ. හිටපු ගමන් කපනවා. කාලසීමාව කොච්චරද කියල කියන්නවත්, හිතන්නවත් බැහැ. අපේ පැත්තට අාවොත් අත්දැකීමෙන් තහවුරු කර ගත හැකිය..

:       9       147

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 06 April 2019 07:15 AM

මෙය වැරදි පුවතක්... සෙනසුරාදා දිනවල පැය 2ක් කපන බවට මීට පෙර විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබුණා.

:       19       3

Amila Saturday, 06 April 2019 07:15 AM

කවුරු හරි ඇමතියෙක් ගේනාපු ජෙනි ටික විකුණාගන්න කරන වැඩක් වගේ..!

:       45       92

Damayanthi Saturday, 06 April 2019 07:28 AM

මේ මොන බොරුද? නොදන්වා පැය ගණන් දවල්ට ලයිට් කපනවා. ශීතකරණයේ තියන කෑම නරක් වෙනවා. අසනීපයෙන් ඉන්න පියාට ගෙනාපු සිසිල් කර තබාගන්න මිල අධික බෙහෙතක් විසික් කරන්න වුණා. අපේ වෙළඳසැලේ විකුණන්න තියන මස්, කිරි ජාති නරක් වෙනවා. කුඩා අතදරුවෙක් ඉන්නවා දවසම හඬනවා අධික රස්නෙට විදුලි පංකාව දාලා තියන්න නැහැ. රෑට ලයිට් කැපුවම හොරුන්ට, මදුරුවන්ට රජ මගුල්... මොන කරුමෙට මේ රටේ අපි ඉපදුනාද මන්දා...

:       1       377

LashanSaturday, 06 April 2019 09:53 AM

ඇයි කරුම රටක් කියන්නේ? බුදුන් වැඩිය දේශය, 2500 බුද්ධ ජයන්ති වසර සැමරුවා.. හැමදාම බණ අහනවා. පෝයට නිවාඩු පන්සල් යන්න.

:       58       77

thilakSaturday, 06 April 2019 10:32 AM

ඇත්ත.... බුදුන් කර්මය ගැන දේශනා කරේ අපි වගේ උදවියට.

:       21       23

BamunuarachchiSaturday, 06 April 2019 10:17 AM

මේක තමයි අපාය කියන්නේ..

:       20       74

Shantha Qatar Saturday, 06 April 2019 08:54 AM

මම පිටරටක ඉන්නේ. මගේ නෝනට කෝල් කරන හැම වෙලාවකම කියන්නේ ලයිට් කපලා අනේ... ඔන්ලයින් එන්න බැහැ කියලා. මට රස්සාව අතඇරලා දාලා ගම රට එන්න හිතෙනවා.

:       1       32

BamunuarachchiSaturday, 06 April 2019 10:16 AM

ඉතින් ඕන්ලයින්ම කතා කරන්න ඕනෙද? බොහොම අඩු මුදලකට ලංකාවට කතා කරන්න ක්‍රම කටාර්වල තිබෙනවනේ...

:       70       24

sudathSaturday, 06 April 2019 04:39 PM

කටාර්වල වල සිටින අපේ සහෝදරයින්ගේ දන ගැනීම සඳහා ඔබට මේ ක්‍රමය ගැන විස්තර සඳහන් කල හැකි නම් ස්තුතිවන්ත වෙමි.

:       0       3

BamunuarachchiSunday, 07 April 2019 11:31 AM

මම කටාර්වලින් පැමිණිලා අවුරුදු 9ක් පමණ වෙනවා. දැන් මට පාරවල්වල නම් මතක නැත. බරා මාර්කට් එක තිබෙන ප්‍රදේශයේ තැන් කීපයක් තිබෙනවා අපි අංකය දුන්නාම ඒ ගොල්ලෝ කනෙක්ෂන් එක අරගෙන අපිට කතා කරන්න දෙනවා. කතාකළ විනාඩි ගාණනට චාජ් කරනවා. මට ඒ මුදල සුළු වුණාට අනික් අය‍ට කොහොමද කියන්න මම දන්නේ නැත.

:       0       1

anura Saturday, 06 April 2019 09:26 AM

ඔහොම යං... කවද‍ා හරි ඡන්දයක් තියන්න වෙනවනේ..

:       10       37

NuwanSaturday, 06 April 2019 11:59 AM

ඔව් ඡන්දේ තිබ්බම මේ හරක් ටික පන්නලා අනිත් බූරුවන් ටික පත්කරගමු.

:       1       224

thilakSaturday, 06 April 2019 01:07 PM

වෙන මොනව කරන්ටද? මේක ඉතින් ලංකාවනේ....

:       0       3

BamunuarachchiSunday, 07 April 2019 11:39 AM

ඉතින් ඔය දෙගොල්ලොම නැතිව මොකාවද පත් කරන්නේ කියලා කියහන්කෝ බලන්න. බොලා දන්නා වෙනකෙක් ඉන්නවැයි?

:       0       1

Shantha Qatar Saturday, 06 April 2019 12:45 PM

බමුණු.... කතා කරන එක නෙවේ ප්‍රශ්නය. මේ ලයිට් ජපානෙන් ආවා කියන්නේ බොරුනේ... ඒකයි ප්‍රශ්නේ..

:       5       1

BamunuarachchiSunday, 07 April 2019 11:35 AM

මලකෙලියයි! එහෙනම් රෑවෙලා නොකියම ගෙදරට ගොඩවෙන්න.

:       0       0

Nuwan Monday, 08 April 2019 07:42 AM

බමුණුආරච්චි මහතාණනි , නාගනන්ද මහතා ගැන අසා තිබේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1028 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 585 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2494 5

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2456 4

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 257 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2838 4

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site