(ටෝනි කරුණානායක)
ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ දී කළ උද්ඝෝෂණයට පැමිණි පිරිසකට පහර දී වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවේ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් 4දෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති නඩුව අප්‍රේල් 23වෙනිදාට කල්තැබීමට අද (29)නියම කෙරිණි.
ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා ඇති හෙයින් එම නඩුව කල්
තබන ලදී.
මේනකා විජේසුන්දර, නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී අද (29) නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම්.තිලකරත්න යන විත්තිකරුවන් 4දෙනා අද (29) මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. නැවත අප්‍රේල් 23වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම හමුදා සාමාජික විත්තිකරුවන්ට නියම කෙරුණි.
වර්ෂ 2013 දී, අගෝස්තු මස 01වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කළ වෙඩි තැබීමේදී රවිසාන් පෙරේරා සහ අකිල දිනේෂ් යන දෙදෙනා මිය ගොස් තිබු අතර පහර කෑමට ලක්ව නිලන්ත කුමාර යන අය මිය ගියේය.
COMMENTS
සර් ඉන්නකම් බය වෙන්න එපා..!!!
වතුර ඉල්ලපු අසරණ මිනිස්සුන්ට දීපු තෑග්ග..!!!
අපිට තීරණය අනුමාන කළ හැකියි.
බයවෙන්ඩ කාරියක් නෑ බ්‍රිගේඩියර් තුමෝ.