(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ උපෙන්ද්‍ර ප්‍රියංකර )
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිපයක් අද (27) ජලයෙන් යටව් ඇති අතර පස් කදු වැටීම් ද වාර්තා වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි .
කලවාන කුඩා සමන් දේවාලය ට නුදුරින් මාර්ගයේ කොටසකට පස් කදු කඩා වැට්මෙන් පැය දෙකකට ආසන්න කාලයක් එහි ගමනාගමනය ට බාධා සිදු විය.
කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සහ කලවාන ප්‍රාදේශීය සභාව මැදිහත් වීමෙන් පසු අද (27 ) දහවල් එම පස් මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතු කරනු ලැබිය .
දෙල්ගොඩ ගග පිටාර ගැලිමෙන් කලවාන පොතුපිටිය මාර්ගයේ කොටසක් අඩ් තුනක් පමණ ගංවතුරෙන් යටවි තිබේ .
නිවාස කිපයක්ද යටවි ඇති බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කීවේය .
කුකුළේ ගගේ ජල මට්ටම ද වැඩිවී ඇති අතර කුකුළේ ව්‍යාපෘති මංසන්ධිය අඩි දෙකක් පමණ ජලයෙන් යටවි තිබේ .
අද උදෑසන 5.30 න් අවසන් වු පැය24 තුළදි වැඩිම වර්ෂාපතනයද රත්නපුර දිස්ත්‍රික්කයේන් වාර්තා වි ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි .
ඇහැලියගොඩ ප්‍රදේශයට මිලි ලිටර් 180 ක වර්ශාපතනයක්ද කිරිඇල්ල ට මිලි ලිටර් 146 ක වර්ෂපතනයක්ද ලැබි තිබේ .
රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානම් ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රවේශමෙන් සිටින ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දැනුම්වත් කර තිබේ.


COMMENTS
විටකදී සුන්දරය විටකදී මනහරය.. හදවත් සනසන්නේ නිරතුරු කඳුකරය.. වැසිකල විඳින පීඩාවන් අපමණය .. සොබාදහම කිමදෝ මේ හිරිහැරය..