අජිත්ලාල් ශාන්තඋදය
ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය.
ඒ නිසා රත්නපුර ප‍්‍රදේශයට සුලූ ගංවතුර තත්ත්වයක් ඇතිවි තිබෙන අතර පහත්බිම් ජලයෙන් යට වී තිබේ.
පහත්බිම්වල ඇති නිවාස මෙන්ම මාර්ගද ජලයෙන් යට වී ඇත.
රත්නපුර කොළඹ ප‍්‍රධාන මාර්ගය කුරුවිට පැරඩයිස් ප‍්‍රදේශයෙන් පිටාර නිසා ජලයෙන යටවිය.
රත්නපුර නව නගරයේ උසාවි හන්දියේදී කොළඹ රත්නපුර ප‍්‍රධාන පාරට ගස් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවිය.
පසුව එක් මංතීරුවක් ඔස්සේ වාහන ගමන් කරනු ලැබීය.
රත්නපුර ඇඹිලිපිටිය පාරේ තිරිවනාකැටිය ප‍්‍රදේශයේදී නිවසක ආරක්‍ෂාවට තිබු පැතිබැම්මක් අද (19) උදේ කඩා වැටිනි.
රත්නපුර නගරය අවට ඇති වෙරලූප පාර, ගොඩිගමුව, අංගම්මන, මුද්දුව, මුවගම, ඇලපාත, ආදී පහත්බීම් ප‍්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිටිනි.
කලූගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ ගිය අතර 19දා පෙරවරු 07.00වනවිට අඩි 15ක මට්ටමක පැවතුනි.
පැයකට පසුව අඩි දාසය හමාර ඉක්මවමින් ගංවතුර අවදානමක් ඇත බවට සලකන මීටර් පහේ සීමාව ඉක්මවීය. ඉන් පසු ජලමට්ටම සීග‍්‍රයෙන් වැඩිවිය.
බඹරබොටුව ගග, වේ ගග, හංගමු ගග, ගලතුර ගග, දෙනවක් ගග, කරු ගග යන ගංගාවල ජල මට්ටම ද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් තිබුණි.




2025 දෙසැම්බර් මස 04
510
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක්