(රංජන් කස්තුරි)
පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටින මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා අද (03) වනවිටත් දිවයිනට පැමිණ සිටියේ නැත.
පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මැතිවරණ කොමිසම රැස්විය යුතු අතර ඒ සඳහා සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයින් දෙදෙනාම සිටීම අනිවාර්ය කර තිබේ.
මහාමැතිවරණයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයන්හි සාමාජිකයින් තිදෙනාම අත්සන් තැබීම නීතියෙන් අනිවාර්ය වී තිබේ.
මේ අතර තමා විදේශගතව සිටින අවස්ථාවක හදිසි තීන්දු තීරණ ගැනීමටත් අති විශේෂ ගැසට් නිවේදනවලට අත්සන් තැබීමටත් ව්‍යවස්ථාපිත බලය මැතිවරණ කොමසාරිස් ජනාරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට පවරමින් මහාචාර්ය හූල් මහතා කොමිසමට ලිපියක් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූල් මහතා කොමිසමේ ලොකු මහත්මයාව විවේචනය කරලා තිබුනා. අනික එයා කොමිසමේ තීරණයට පටහැනිව යමින් නඩුවක් ගොනුකලා. කවුරු හරිද දන්නේ නෑ, හැබැයි මෙහෙම කොහොමද කොමිසමක් දුවන්නේ?
කොම්පියුටර් ජිල්මාට් මගින් තුනෙන් දෙකක ජයග්‍රහණයට සියල්ල සුදානම්. ඊට විරෝදය දක්වන්න මෙතුමා නොපැමිණේ .
කඩාකප්පල් කාරී නිළධාරියෙක්. මේවට ක්‍රියා කළ හැකි හරි නීතියක් , විනයක් රට තුළ ස්ථාපිත විය යුතුයි.
මෙයා රට ඉඳන් අර පොලිසියේ මහත්තයත් එක්ක රටට විරුද්ධව පෙත්සම් ලියනවා ඇති. එයාගේ රාජකාරිය ඒකනේ...
මේ වගේ නිලධාරීයාගෙන් වැඩක් නැත.