(එෆ්. අස්ලම්)
බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයකුගේ ගෝලයකු වන ’’රත්තරන් මල්ලී’’ නැමත්තා බදුල්ල නගරය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 800ක් ද සමගින් ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කරන ඉහත පාතාල සාමාජිකයාගේ හෙරොයින් පැකට් ගස් ගල්, විදුලි කණු ඇතුළු සංකේත සලකුණු ඇති ස්ථානවල සගවන පුද්ගලයකු බවත් හෙරොයින්වල වටිනාකම ලක්ෂ තුනකටත් අධික බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු ඇඹිලිපිටිය කටුවන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇල, ඇටම්පිටිය වැනි ප්‍රදේශවල හෙරොයින් සඟවා ගැනුම්කරුවන් වෙත සංඥා දෙන පුද්ගලයා බවද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඌව පළාත බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් මසකට අධික කාලයක් කළ විමර්ශනවලට අනුව සැකකරු ඊයේ (06) රාත්‍රියේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික හෝටලයක් අසල ගැවසෙමින් සිටියෙදී අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“රත්තරන් මල්ලී’’ අත්අඩංගුවට
wedage Thursday, 07 March 2019 11:56 AM
රත්තරන් බාල්දු වුනු තරමක්