රංජන් කස්තුරි
‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය.
‘‘මේ රටේ රණවිරුවන් ඉන්නේ 39000යි. ඉන් 34000ක්ම යුද්ධ හමුදා සාමාජිකයින්. නාවික හමුදා සාමාජිකයින් 4400ක් ඉන්නවා. ගුවන් හමුදාවේ ඉන්නේ ඉතිරි ප්‍රමාණයයි.‘‘ යැයි ද ප්‍රනාන්දු මහතා කීවේය.
‘‘යුද හමුදාවට බැඳුනු පලියට රණවිරුවෙක් වෙන්නේ නැහැ. මීට මාස තුනකට උඩදී හමුදාවට බැඳුණු තරුණයෙක් බස් එකෙන් ඇවිත් ගමේ බහින්නේ රණවිරුවෙක් කියාගෙන. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. රණවිරුවෙක් නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුම වෙනවා. ‘‘ යැයි ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයකට සහභාගී විමිනි.
COMMENTS
හරියටම හරි. ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි, තේරුනත් නොතේරුනා වගේ ඉන්න, දේශපාලන වාසි තකා රණවිරු ලේබලය පාවිච්චි කරන රැල හැරුනාම අනික් ඕනෑම කෙනෙකුට ඔය සත්‍යය තේරෙනව.
ඉතා හොද පැහැදිලි කිරීමක්.
ඒවගේම දේශපාලකයාගෙයි දෙස්පාලුවාගෙයි වෙනසත් අපිට කියා දෙන්න. වෙනස අපි දන්නවා අපි බලන්නේ ඔබ ඒ වෙනස දන්නවාද කියා.
අප සියල්ලොගේම බදු මුදල් වලින් වැටුප් ලබන මෙම නිලදාරියගේ ප්‍රකාශය අප අගය කරන්නෙමු. එලෙසම දියවන්න ඔය මඩවගුරට තේරුණු පමණින් ඒ මිහරකා දේශපාලඥයන් නොවන බවත් දේශපාලුවෙක් පමණක් යන්න මොහුගේ මුවින් පිටනොවුනේ මන්ද ?? එමෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ උසස් තනතුරක් ලැබූ පමණින් එම තනතුරු සදහා " එම මිනිසා " සුදුසුද නුසුදුසුද යන්නත් මොහුගේ මුවින් පිට නොවුනේ මන්ද ??
ඉතාම වැදගත් දැනුවත් කිරීමක් බහුතරය දන්නේ නැහැ රණවිරු පදක්කමක් පිරිනැමීම ගැසට් කල යුතු බව , එනිසාම රණවිරු නාමය නීතිවිරෝධී ක්‍රියාවලට භාවිතාකරලා කෙලෙසල දානවා සමහරු. මේ මගින් නියම රණවිරුවන් සහ වෙන්ඩ රණවිරුවන් වෙන්කර හදුනාගත හැක
රට රැකදුන් සියලුම හමුදා භටයින්ට, සටනට දේශපාලන නායකත්වය දුන් නායකයින්, එකවරම රණවිරු නාමය ප්‍රදානය කලා. එය ගැසට් කරනවාට වැඩියෙන් ජනතාව අතරට ගියා.
යුද්දෙදි රණවිරු පදක්කම් ගත්තු ඔක්කොම යුධ පෙරමුනෙ සටන් කරලා සුදුසුකම් ඇති අයද? සුදුසුකම් සම්පූර්ණ කරපු කී දෙනෙක්ට පදක්කම් ලැබුනෙ නැද්ද