IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි

රංජන් කස්තුරි 

‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය. 
 

‘‘මේ රටේ රණවිරුවන් ඉන්නේ 39000යි. ඉන් 34000ක්ම යුද්ධ හමුදා සාමාජිකයින්. නාවික හමුදා සාමාජිකයින් 4400ක් ඉන්නවා. ගුවන් හමුදාවේ ඉන්නේ ඉතිරි ප්‍රමාණයයි.‘‘ යැයි ද ප්‍රනාන්දු මහතා කීවේය.
 
‘‘යුද හමුදාවට බැඳුනු පලියට රණවිරුවෙක් වෙන්නේ නැහැ. මීට මාස තුනකට උඩදී හමුදාවට බැඳුණු තරුණයෙක් බස් එකෙන් ඇවිත් ගමේ බහින්නේ රණවිරුවෙක් කියාගෙන. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. රණවිරුවෙක් නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුම වෙනවා. ‘‘ යැයි ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
 
ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයකට සහභාගී විමිනි. 



අදහස් (7)

රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි

Mahee Monday, 21 January 2019 06:45 PM

හරියටම හරි. ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි, තේරුනත් නොතේරුනා වගේ ඉන්න, දේශපාලන වාසි තකා රණවිරු ලේබලය පාවිච්චි කරන රැල හැරුනාම අනික් ඕනෑම කෙනෙකුට ඔය සත්‍යය තේරෙනව.

:       0       0

Amila Tuesday, 22 January 2019 02:00 AM

ඉතා හොද පැහැදිලි කිරීමක්.

:       0       57

Bamunuarachchi Tuesday, 22 January 2019 02:02 AM

ඒවගේම දේශපාලකයාගෙයි දෙස්පාලුවාගෙයි වෙනසත් අපිට කියා දෙන්න. වෙනස අපි දන්නවා අපි බලන්නේ ඔබ ඒ වෙනස දන්නවාද කියා.

:       51       120

Raveendra Tuesday, 22 January 2019 03:19 AM

අප සියල්ලොගේම බදු මුදල් වලින් වැටුප් ලබන මෙම නිලදාරියගේ ප්‍රකාශය අප අගය කරන්නෙමු. එලෙසම දියවන්න ඔය මඩවගුරට තේරුණු පමණින් ඒ මිහරකා දේශපාලඥයන් නොවන බවත් දේශපාලුවෙක් පමණක් යන්න මොහුගේ මුවින් පිටනොවුනේ මන්ද ?? එමෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ උසස් තනතුරක් ලැබූ පමණින් එම තනතුරු සදහා " එම මිනිසා " සුදුසුද නුසුදුසුද යන්නත් මොහුගේ මුවින් පිට නොවුනේ මන්ද ??

:       77       371

Nuwan Tuesday, 22 January 2019 06:31 AM

ඉතාම වැදගත් දැනුවත් කිරීමක් බහුතරය දන්නේ නැහැ රණවිරු පදක්කමක් පිරිනැමීම ගැසට් කල යුතු බව , එනිසාම රණවිරු නාමය නීතිවිරෝධී ක්‍රියාවලට භාවිතාකරලා කෙලෙසල දානවා සමහරු. මේ මගින් නියම රණවිරුවන් සහ වෙන්ඩ රණවිරුවන් වෙන්කර හදුනාගත හැක

:       1       62

Bamunuarachchi Tuesday, 22 January 2019 11:17 AM

රට රැකදුන් සියලුම හමුදා භටයින්ට, සටනට දේශපාලන නායකත්වය දුන් නායකයින්, එකවරම රණවිරු නාමය ප්‍රදානය කලා. එය ගැසට් කරනවාට වැඩියෙන් ජනතාව අතරට ගියා.

:       0       0

sameera Wednesday, 23 January 2019 01:53 AM

යුද්දෙදි රණවිරු පදක්කම් ගත්තු ඔක්කොම යුධ පෙරමුනෙ සටන් කරලා සුදුසුකම් ඇති අයද? සුදුසුකම් සම්පූර්ණ කරපු කී දෙනෙක්ට පදක්කම් ලැබුනෙ නැද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site