Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 28 වන අඟහරුවාදා
කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (16) එක්වූහ.
ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුව කඩ කිරීමට විරෝධය පළ කරමින් මොවුහු මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.
(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)
sirimal Monday, 16 September 2019 09:59 AM
මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ මූලික වගකීම වන බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා කර ඇති සේවය කාට හරි පැහැදිලි කරදෙන්න පුලුවන්ද? දැකලා නැති නිසයි අහන්නේ...
Reply : 511 377
සහන් Monday, 16 September 2019 10:49 AM
ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරනවා. දේශපාලනඥයින් පන්සල්වලට ගිනින් බණ කියනවා.
Reply : 122 226
Raveendra Monday, 16 September 2019 11:01 AM
sirimal මයා වෙත, මේ රණවිරුවන් තම තමන්ගේ අවයව පුජා කලේ, තම තමන්ගේ ජීවිත පුජා කලේ ඒ ඒ අයගේ පවුල්වලට පමණක් ජීවත්වීමටද කියා ඔබගෙන් මෙන්ම දියවන්නා ඔයේ ඉන්න හැලිවඳුරන් සියල්ලන්ගෙන්ම පළමුව ඇසීමට කැමැත්තෙමු. ඔබ මෙන්ම අපද පුරවැසියන් සියල්ලම මේ මොහොතේ එකිනෙකාට වචනයෙන් හෝ ගරහන්නේ, ඇන කොටාගන්නේ මෙම රණවිරුවන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාදුන් ඒ නිදහස නිසා නොවේද යන්න අප ඔබගෙන් මෙන් සියලුම රටවැසියන්ගෙන් ඇසීමට කැමැත්තෙමු. තවද පූජ්‍ය පක්ෂ කෙනෙකුගේ කරදරයකදී, රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම පුරවැසියන්ගේ අවනඩුවකදී පෙළගැසී ඉදිරියට එය කළයුතුය යන්න අපගේ අදහසයි. එහිදී බෞද්ධ හෝ වෙනත් ආගමික නායකයන් වුවද ඉදිරියට පැමිණිය යුතුයි. මෑතකදී මෙන්ම සරලම උදාහරණය. අතිගරු මැල්කම් කාදිනල් තුමා ඉදිරියට ආවේ ඇයි? එය උන්වහන්සේගේ යුතුකමක් මෙන්ම වගකීමක්. එබැවින් අප විශ්වාස කරනවා පූජ්‍ය පක්ෂය කිසියම් හෝ අසාධාරණයකදී පෙළගැසී ඉදිරියට යා යුතුයි යන්න. එවිට දියවන්නා ඔයේ "හරකුන්ට" ඕනෑ විදියට අපගේ මව්බිම විනාශ කිරීමට නොහැකි වනු ඇත.
Reply : 35 271
sirimal Monday, 16 September 2019 12:26 PM
අනිවාර්යයෙන්ම... ඔබගේ කියමනේ කිසියම් සත්‍ය තාවයක් තියෙනවා. මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා එවැනි කටයුත්තක යෙදෙනවාද?, නැත්නම් දේශපාලනය කරනවා කියන එකයි තෝරා බේරා ගන්න අවශ්‍ය. මේ අතරින් සමහර ස්වාමීන් වහන්සේලා එක්තරා දේශපාලන කණ්ඩායමක අතකොලු බවට අපට හොඳටම විශ්වාස කල හැකි කරුණු අනන්තවත් අප දැක තියෙනවා. උන්වහන්සේලා කිසිකලෙකත් එම දේශපාලන කණ්ඩායම අතින් සිදුකෙරුණු හොර මැරකම්, මිනි මැරීම් වගේ දේවල්වලදී කටක් ඇරලා වචනයක් කතා කරනවා අප දැක නැහැ. සමහර ස්වාමීන් වහන්සේලාට එම කණ්ඩායමේ අයගෙන් සුපිරි වාහන ආදිය ලැබුණු බවටත් වාර්තා අපි දුටුවා. අවුල තියෙන්නේ එතැනයි නැත්නම් මහා සංඝයා වහන්සේ රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින අයුරු නෙවේ..
14 568
wasantha Monday, 16 September 2019 11:58 AM
රතන හිමි ගැන අපට එතරම් පැහැදීමක් නැහැ. හැමෝම රට පාවා දෙන්න එපා කියපු වෙලාවේ රතන හිමි තෝරාගත්තේ රට නොවෙයි. වස විස වගේ දෙවන මට්ටමේ මාතෘකා. කොහොම වුණත් සත්‍යග්‍රහය ඉතාම සාධාරණයි.
Reply : 12 51
max Monday, 16 September 2019 10:04 AM
මේ මිනිස්සු නැත්නම් අද රටක් තියේද? කොටින්ටත්, ඔවුන්ගේ මතවාදයටත් කඩේ යන ආණ්ඩුවට එසේ නොසිතුණත්, බත් කන සාමාන්‍ය මිනිසුන්ට ඒ බව තේරෙන්න ඕනෑ නේද? රතන හාමුදුරුවෝ විතරක් නෙවෙයි, අනිත් හාමුදුරුවරුත්, රටේ අනෙක් ජනතාවත් මේ වෙලාවේ මේ මිනිස්සුන්ට සහයෝගය දෙනවා නම් එ්ක කළගුණ සැලකීමක්...
Reply : 239 129
Nissanka Monday, 16 September 2019 11:48 AM
කණගාටුවට කරුණ මේ රණවිරුවන් පොහොට්ටුවේ දේශපාලන අතකොලු ලෙස පාවිච්චි කිරීම. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණද කියා පොඩ්ඩක් සොයා බලන්න. ඔවුන්ට දැනටමත් සේවා කාලය නිමවනතුරු වැටුපත්, ඉන්පසු විශ්‍රාම වැටුපත් කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. ඔවුන් ඉල්ලන්නේ ජීවිත කාලය පුරාම මූලික වැටුප හා දීමනා ලබාදෙන්න කියලා. මෙතන අදහස් දක්වන අය ඔවුන්ගේ ඉල්ලීම් ගැන අවබෝධයකින්ද අදහස් දක්වා තිබෙන්නේ? ඇත්තම කරුණ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක වාසියක් ලබා ගැනීමට ඔවුන්ව නින්දිත ලෙස පාවිච්චි කරන එක...
Reply : 128 518
prabath Monday, 16 September 2019 10:15 AM
මහින්දගේ කාලේ මේ ගැටළුව විසඳුවේ නැත්තේ ඇයි..?
Reply : 245 311
Cisco Monday, 16 September 2019 11:00 AM
හැමදේටම මහින්ද, මහින්ද කියන්න එපා. මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අසාධාරණයක්. ඒ මිනිස්සු අතපය නැතිකරගත්තේ අප ඔබ අප වෙනුවෙන්. පක්ෂ පාට ගැන නොහිතා විසඳුම සොයන්න.
Reply : 219 138
nisha Monday, 16 September 2019 11:32 AM
මහින්දගේ කාලේ ඔවුන් 55ට අඩුනිසා සම්පූර්ණ පඩිය ගෙව්වා. දැන් තමයි ඔවුන් විශ්‍රාම යන්න පටන් අරන් තියෙන්නේ..
Reply : 111 125
Asanka Peiris Monday, 16 September 2019 10:57 AM
ඔබ වහන්සේ තම්බින්ගේ කරපිටින් යන්න ගිහින් අනාගත්තා. දැන් අතපය කැඩිච්ච සොල්දාදුවන් පිටින් යන්න හදන එක හරිද?
Reply : 25 172
wimal Monday, 16 September 2019 11:00 AM
සිරිමල් ඔයා නිවට ගෝත්‍රිකයෙක්ද? අපේ රටේ හාමුදුරුවරු සිංහලයන්ගේ හැමදේටම මුල්වෙන්නේ හොඳකට පමණි. එයාලා ඉතිහාසයේ ඉඳලා අපිව අපේ ඉතිහාසය රැකගන්න තමයි ඉදිරියට එන්නේ. අපේ රටේ තවම 30%ක් නිවට ගෝත්‍රිකයන් ඉතිරිවෙලා ඉන්නවා. ඒ ඔක්කොම එකතුවෙලා අපේ රට පාවාදෙනවා. පාලකයින් සතුටක් ලබාගන්නේ මේ වගේදේවල් වලින්. ප්‍රශ්න විසඳාගන්න දැනුමක් නැහැ. මෙයාලා ඉදිරියට ගියේ සිරිමල් ඔයාලා වගේ අයගෙන්...
Reply : 175 27
lakshitha perera Monday, 16 September 2019 11:15 AM
එවකට සිටි ආරක්ෂක ලේකම් හිටපු ජනාධිපති මේවාට වග උත්තරකාරයෝ වෙති. රණවිරුවන් වෙනුවෙන් "අපි වෙනුවෙන් අපි " මොනතරම් සල්ලි හොයා ගත්තද? .ඒ ආණ්ඩුවේ අයනේ .ඇයි දන්නේ නැහැ මෙතන ඉන්නේ.ඒවාට උත්තර බදින්නද ? පෙරමුණට චන්දෙ දීලා බලන්න.තව හොදට සලකයි.
Reply : 1 169
kap Monday, 16 September 2019 11:37 AM
වලියක් කොතැන, රතන එතැන... සොල්දාදුවන් රස්සාව තෝරගන්න කොටම දන්නවා එ්කෙ තියෙන අවිනිශ්චිත බව සහ භයංකාර බව. එ්කේ තියෙන රිස්ක් එක දැනගෙන තමයි බැඳෙන්නේ.. දිවිය පුරා පඩිය දෙන්න කියනවා නම්, ආණ්ඩුවේ රස්සාවල් කරන හැමෝටම දිවිය තුරා පඩිය දෙන්න ඕනේ.. ඒකට තමයි විශ්‍රාම වැටුපක් දෙන්නේ.. මේ සමහර මැරුණු අයගේ නෝනලා ආයිමත් කසාද බැඳලා, මැරුණු කෙනාගේ සොහොනටවත් යන්නේ නෑ.. අඩුම ගානේ දැකලා තියෙනවද?
Reply : 8 162
thushara Monday, 16 September 2019 11:53 AM
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි.. අනගාරික ධර්මපාල තුමා.. S මහින්ද හිමි. කුඩාපොළ හාමුදුරුවෝ ජීවත් වෙන කාලේ මේ අදහස් දක්වපු කාලකන්නි සිංහලයෝ හිටියෙ නැති නිසා හොඳට ගියා. රට, ජාතිය, අාගම වෙනස් වෙනකොට කහ සිවුර.. තමා ඉස්සරවෙලා පාරට බැස්සේ. මේ අාබාධිත රණවිරුවන් මේ තරම් අසාර වුනේ රට, ජාතිය රකින්න ගිහින්..
Reply : 6 83
niksan ruberu Monday, 16 September 2019 11:58 AM
"අපි වෙනුවෙන් අපි" කියලා හම්බකළ සල්ලිවලට අයියයි, මල්ලියි මොකද කලේ? ඇයි මේ ගැන නොඅසන්නේ රතන හිමියන්? සුනාමි සල්ලිවලට කළ දේම තමයි කලේ.. නිකමට ඇසුවේ...?
Reply : 1 245
Lebbe Monday, 16 September 2019 12:13 PM
අර ජවිපෙ කාරයෝ වගේ කොහේද ලෙඩක් තියෙන්නේ? එතන දුප්පත් අපේ ප්‍රශ්නේ දරුවන් හදන්න තහංචි. අනික බඩගින්න ලංකාවේ ඉපදෙන්න විශාල කරුමයක් කරලා තියෙන්න ඕනේ.
Reply : 12 1
kamalasiri gamage Monday, 16 September 2019 12:16 PM
KAP ගේ අදහසට මමත් එකඟයි. මම දන්නා කිහිප දෙනෙක්මත් දෙවන කසාද කරගෙන. වෙන රටක නම් රජයේ නීතියෙන් එම පැන්ෂන් එක ඉබේම කැන්සල් වෙනවා. ලංකාවේ නීතියක් නැහැ. නීතියට පණක් නැහැ. එ්කයි මේ අය මේ දුම්රිය පලේ රස්තියාදු වෙන්නේ. සිස්ටම් එකම කොම්පියුටර් කරන්න ඕනේ හොර කරන්න බැරි වෙන්න..
Reply : 54 95
Rata Perata Tuesday, 17 September 2019 06:16 AM
රණවිරුවෝ කියන්නේ ලංකාවේ විතරක් ඉන්න අමුතු ජාතියක් නෙමෙයි. ඔවුන්ට හිමිවිය යුත්තේ සමාජ පිළිගැනීම හා ගෞරවය මිස වෙන කිසිවක් නෙමෙයි. මේ වගේ දේශපාලන අතකොලු වෙච්ච අය නියම රණවිරුවාගේ තැන නැති කරනවා.
Reply : 9 147
indika Tuesday, 17 September 2019 11:26 AM
හොරකම අඩු කරලා ආබාධිත රණවිරුවන්ට සහ ආබාධිදත ඕනෑම අයෙකුට සහන සැලසීම සදහා බදු මුදල් යෙදවිය හැකිනම් හොඳයි .
Reply : 1 2
vidya Tuesday, 17 September 2019 09:38 PM
මොනවද හාමුදුරුවනේ පිස්සු වැඩ කරන්නේ. පාර්ලමේන්තුවේ නේද මේවා කතා කරන්න ඕනේ . මොකටද පාර්ලිමේන්තුවට ගියේ ?
Reply : 1 1
Don Wednesday, 18 September 2019 02:36 PM
රතන කියන්නේ රඟපෑමට හරි දක්ෂයෙක්. එජාප ටිකට් එකෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා එකඑකාට කඩේයන හාදයෙක්...
Reply : 1 19