කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (16) එක්වූහ.
ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුව කඩ කිරීමට විරෝධය පළ කරමින් මොවුහු මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.
(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ මූලික වගකීම වන බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා කර ඇති සේවය කාට හරි පැහැදිලි කරදෙන්න පුලුවන්ද? දැකලා නැති නිසයි අහන්නේ...
මේ මිනිස්සු නැත්නම් අද රටක් තියේද? කොටින්ටත්, ඔවුන්ගේ මතවාදයටත් කඩේ යන ආණ්ඩුවට එසේ නොසිතුණත්, බත් කන සාමාන්‍ය මිනිසුන්ට ඒ බව තේරෙන්න ඕනෑ නේද? රතන හාමුදුරුවෝ විතරක් නෙවෙයි, අනිත් හාමුදුරුවරුත්, රටේ අනෙක් ජනතාවත් මේ වෙලාවේ මේ මිනිස්සුන්ට සහයෝගය දෙනවා නම් එ්ක කළගුණ සැලකීමක්...
මහින්දගේ කාලේ මේ ගැටළුව විසඳුවේ නැත්තේ ඇයි..?
ඔබ වහන්සේ තම්බින්ගේ කරපිටින් යන්න ගිහින් අනාගත්තා. දැන් අතපය කැඩිච්ච සොල්දාදුවන් පිටින් යන්න හදන එක හරිද?
සිරිමල් ඔයා නිවට ගෝත්‍රිකයෙක්ද? අපේ රටේ හාමුදුරුවරු සිංහලයන්ගේ හැමදේටම මුල්වෙන්නේ හොඳකට පමණි. එයාලා ඉතිහාසයේ ඉඳලා අපිව අපේ ඉතිහාසය රැකගන්න තමයි ඉදිරියට එන්නේ. අපේ රටේ තවම 30%ක් නිවට ගෝත්‍රිකයන් ඉතිරිවෙලා ඉන්නවා. ඒ ඔක්කොම එකතුවෙලා අපේ රට පාවාදෙනවා. පාලකයින් සතුටක් ලබාගන්නේ මේ වගේදේවල් වලින්. ප්‍රශ්න විසඳාගන්න දැනුමක් නැහැ. මෙයාලා ඉදිරියට ගියේ සිරිමල් ඔයාලා වගේ අයගෙන්...
එවකට සිටි ආරක්ෂක ලේකම් හිටපු ජනාධිපති මේවාට වග උත්තරකාරයෝ වෙති. රණවිරුවන් වෙනුවෙන් "අපි වෙනුවෙන් අපි " මොනතරම් සල්ලි හොයා ගත්තද? .ඒ ආණ්ඩුවේ අයනේ .ඇයි දන්නේ නැහැ මෙතන ඉන්නේ.ඒවාට උත්තර බදින්නද ? පෙරමුණට චන්දෙ දීලා බලන්න.තව හොදට සලකයි.
වලියක් කොතැන, රතන එතැන... සොල්දාදුවන් රස්සාව තෝරගන්න කොටම දන්නවා එ්කෙ තියෙන අවිනිශ්චිත බව සහ භයංකාර බව. එ්කේ තියෙන රිස්ක් එක දැනගෙන තමයි බැඳෙන්නේ.. දිවිය පුරා පඩිය දෙන්න කියනවා නම්, ආණ්ඩුවේ රස්සාවල් කරන හැමෝටම දිවිය තුරා පඩිය දෙන්න ඕනේ.. ඒකට තමයි විශ්‍රාම වැටුපක් දෙන්නේ.. මේ සමහර මැරුණු අයගේ නෝනලා ආයිමත් කසාද බැඳලා, මැරුණු කෙනාගේ සොහොනටවත් යන්නේ නෑ.. අඩුම ගානේ දැකලා තියෙනවද?
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි.. අනගාරික ධර්මපාල තුමා.. S මහින්ද හිමි. කුඩාපොළ හාමුදුරුවෝ ජීවත් වෙන කාලේ මේ අදහස් දක්වපු කාලකන්නි සිංහලයෝ හිටියෙ නැති නිසා හොඳට ගියා. රට, ජාතිය, අාගම වෙනස් වෙනකොට කහ සිවුර.. තමා ඉස්සරවෙලා පාරට බැස්සේ. මේ අාබාධිත රණවිරුවන් මේ තරම් අසාර වුනේ රට, ජාතිය රකින්න ගිහින්..
"අපි වෙනුවෙන් අපි" කියලා හම්බකළ සල්ලිවලට අයියයි, මල්ලියි මොකද කලේ? ඇයි මේ ගැන නොඅසන්නේ රතන හිමියන්? සුනාමි සල්ලිවලට කළ දේම තමයි කලේ.. නිකමට ඇසුවේ...?
අර ජවිපෙ කාරයෝ වගේ කොහේද ලෙඩක් තියෙන්නේ? එතන දුප්පත් අපේ ප්‍රශ්නේ දරුවන් හදන්න තහංචි. අනික බඩගින්න ලංකාවේ ඉපදෙන්න විශාල කරුමයක් කරලා තියෙන්න ඕනේ.
KAP ගේ අදහසට මමත් එකඟයි. මම දන්නා කිහිප දෙනෙක්මත් දෙවන කසාද කරගෙන. වෙන රටක නම් රජයේ නීතියෙන් එම පැන්ෂන් එක ඉබේම කැන්සල් වෙනවා. ලංකාවේ නීතියක් නැහැ. නීතියට පණක් නැහැ. එ්කයි මේ අය මේ දුම්රිය පලේ රස්තියාදු වෙන්නේ. සිස්ටම් එකම කොම්පියුටර් කරන්න ඕනේ හොර කරන්න බැරි වෙන්න..
රණවිරුවෝ කියන්නේ ලංකාවේ විතරක් ඉන්න අමුතු ජාතියක් නෙමෙයි. ඔවුන්ට හිමිවිය යුත්තේ සමාජ පිළිගැනීම හා ගෞරවය මිස වෙන කිසිවක් නෙමෙයි. මේ වගේ දේශපාලන අතකොලු වෙච්ච අය නියම රණවිරුවාගේ තැන නැති කරනවා.
හොරකම අඩු කරලා ආබාධිත රණවිරුවන්ට සහ ආබාධිදත ඕනෑම අයෙකුට සහන සැලසීම සදහා බදු මුදල් යෙදවිය හැකිනම් හොඳයි .
මොනවද හාමුදුරුවනේ පිස්සු වැඩ කරන්නේ. පාර්ලමේන්තුවේ නේද මේවා කතා කරන්න ඕනේ . මොකටද පාර්ලිමේන්තුවට ගියේ ?
රතන කියන්නේ රඟපෑමට හරි දක්ෂයෙක්. එජාප ටිකට් එකෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා එකඑකාට කඩේයන හාදයෙක්...