
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම රැස්වීමේදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු රජයට හානිදායක බව කී එම නිලධාරියා එවැනි රැස්වීමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් අසුන් ගෙන සිටීම සැළකිය යුතු තත්වයක් බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරියේ රැස්වීම එම මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු සහභාගි වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට පැනලා තමුන්ගෙ බලය රැකගන්ඩ හදන දූෂිත දේසපාලුවෝ රට හරිමගට ගනී ද.?ජනතාව අන්දවන්ඩ ගහන අලුත්ම ප්ලෑන් එකක් වගේ? ඔතන ඉන්න හුග දෙනෙකුගේ පැටිකිරිය අපි නොදන්නවා නෙවෙයි .
රට වෙනුවෙන් ඒ අයට නමස්කාර කරමු.