
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද (12) පැවැසීය.
නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගත් එන්නත මේ වනවිට සංවර්ධනය කෙරෙමින් තිබෙන බැවින් ජාතික වශයෙන් රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම කීය.
සිය එන්නත සියයට 90 කින් පලදායී යැයි ෆයිසර් සමාගම මේ සතිය මුලදී නිවේදනය කළ අතර ලබන වසරේ අප්‍රේල් හෝ මැයි හෝ මාස වනවිට ඇමෙරිකානුවන්ට එන්නත ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය.
ඒ.බී.සී. පුවත් නාලිකාව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුචි එම කරුණු සඳහන් කළේය.
දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ මුළු රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත්දැයි ඒ.බී.සී. පුවත් නාලිකාවේ රොබින් රොබට්ස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය.
“එහෙම කරන්න වුවමනා වෙන එකක් නැහැ. ඇත්තටම අගුළු දමන්න අවශ්‍ය නැහැ. අගුළු නොදමා අපට මේක කරගන්න පුළුවන්. ඇත්තටම පුළුවන්” යැයි වෛද්‍ය ෆවුචි කීය.
ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඇන්තනි ෆවුචි ය. හෙතෙම 1984 වසරේ සිට එම ධුරය හොබවන අතර එම ආයතනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අනුබද්ධ ආයතනවලින් එකකි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් විඩාවට පත්ව පීඩා විඳින පිරිසට කුමක් කියන්නේ දැයි විමසූ විට වෛද්‍ය ෆවුචි මෙසේ කීය.
“අපිට ළඟ ළඟම උදව් එනවා. එන්නත් විශාල සහ ධනාත්මක බලපෑමක් කරාවි”.
මේ අතර ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව බදාදා දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 144,133 ක් විය. එය මේ දක්වා ගෙවුණු කාලයේදී ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
COMMENTS
අවශ්‍ය නැහැ. ඡන්දේ ඉවරනේ !
ඇමෙරිකාව එහෙම කරනවා නම් අපිත් එහෙම කරන්න ඕන. ඒ අය හඳට යනකොට අපිත් යන්න ඕන. ඒ අය Technological Innovation කරනකොට ලංකාවත් innovations කරන්න ඕන. කොටින්ම දැන් ලංකාව ඇමෙරිකාව වගේ, මන් කිව්වේ මැරිලා වැටෙන ගානෙන්.
බලවත් රාජ්‍යයක්
ඇමෙරිකාවේ ජනගහනය මිලියන 331. එයින් හැටපන්දාහක් මේ මොහොතේ අසාධ්‍ය කොරෝනා රෝගීන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. අපේ රටේ ජනගහනයට අනුව නම් එය 4000 ක්. සාමාන්‍ය රෝගීන්ට අමතරව 4000 අසාධ්‍ය රෝගීන්ට රෝහල් ගත කර ප්‍රතිකාර කරන්න අපිට පුළුවන් නම් පහසුකම් තිබෙනවා නම් යන එකයි ඇත්තේ. හැබැයි අපි ඇමරිකාව වගේ රට ඇරගත්තොත් හැම පවුලකින්ම අඩුම ගානේ දෙන්නෙක්වත් කොරෝනාවෙන් මිය ඇදෙනවා. ඒ නිකන් නොවේ අපා දුක් විදලා.
මෙයාගෙන් අහන්න කොහොමද 2017දී හරියටම කිව්වේ..? ට්‍රම්ප්ගේ කාලසීමාවේදී ලොවටම මාරාන්තික වයිරස වසංගතයක් එනවා කියලා. මේ අවුලේ මුල මොහු... කරුණාකර අන්තර්ජාතික පුවත් සොයා බලන්න කවුද ඇන්තනි ෆවුසි කියන්නේ කියලා...? සාර්ස් වයිරසය වැඩිදියුණු කිරීම සඳහා චීනයට මුදල් දුන් බවට මොහුට චෝදනා තියෙනවා.