(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ද දැඩි විවේචනයට ලක්වී ඇත .
ඇමතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන ,එස් එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද යන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී මේ විවේචනය කර ඇතැයි වාර්තා වේ .
කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ලිපි ලියා ජනාධිපතිවරයාට යැවීම කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත.
කොවිඩ් පාලනය සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සතියේ ලිපියක් යැවූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද ඊට අත්සන් කළහ .
COMMENTS
කඳු පහත්වෙයිද මිත්‍රයා?
නාටක බලලා දැන් නම් එපා වෙලා තියෙන්නේ
මෙච්චර මිනිසුන් මැරෙන විට රටවහන්නේ නැතුව බම්බු ගහන්නද කියන්නේ?
දැනට ඉන්න හොදම ඇමැතිවරයා තමයි නීතිඥ නාමල් මහත්තය
ඔය වගේ තමයි කිව්වේ ඉන්ධන මිලටත් .. ඕවා බොරු .. බැසිල් ආවම අඩු වෙනවා කිව්වා අඩු උනාද ..? ඔවා ඔක්කොම නාට්‍ය හා රංග කලාව
ඒ මිනිස්සුන්ගේ කර පිටින් ඇවිත් දැන් ඒ මිනිස්සුන්ටම පාර්ට් එක දානවා. කොහොමත් දේශපාලනයේදී කවුරු වුණත් පාවිච්චි වෙන්නේ රම්පෙ, කරපිංචා වලට. හොඳ වැඩේ... රෙදි නැතිව පහුගිය කාලේ කඩේ ගියාට... අපිට ඔය කවුරු හිටියත්, නැතත් කමක් නෑ. කොරෝනාව යුද්දේ වගේ කඹ ඇදලා ඇදලා රටේ අහිංසක මිනිස්සුන්ට මැරෙන්න දෙන්න එපා...
මේකත් හරියට ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව පොහොට්ටු මහා ලේඛම් ඇතුලු පිරිස් දැක්වූ රංගනයේම තවත් එක් ජවනිකාවක්. ඔය ලිපියට අත්සන් කලායයි කියන අයගේන් තම පක්ෂයෙන් ඉදිරි පත්වී ආසනයක් දිනා ගත හැ ක්කේ අතාවුල්ලාට පමණ්යි අන් සියලු දෙනා පරපෝෂිතයින්. මොවුන් කුක්කා මළදාට මියයන මැක්කෝය.
මේ ණය කොටස් දෙකකින් ඉවරයි
රටක් වටින මිනිහෙක් අද නික්ම ගියා.. කණගාටුව මේ වගේ කාලකන්නින්, අපතයින් තවමත් මෙරට රැඳී සිටීම ගැනයි...
ඔය අපිව රවටන තවත් ජවනිකාවක් විතරයි.
පොහොට්ටුවේ ලේකම් හිතන්නේ මිනිහා තමයි රටේ ජනාධිපති කියලද කොහේද..? කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දාම වෙන විපත...!!!
රට වහන්නවද වහන්න එපාද කියන එක නොවෙයි ප්‍රශ්නය කැබිනට් එකේදී වහන්න එපා කියලා ජනාදිපතිට රට වහන්න කියලා ලියුම් අරින එක වැරදී. මොකක් හරි එක වචනයක් තිබෙන්න ඕනේ.
මෙතුමල්ලට තියෙන විවේචනය තමයි මෙයාලා රැස්වීමදී ඇදිරි නිතිය ගැන කතා නොකර පස්සේ ජනතා වීරයෝ වෙන්න එලියට ඇවිත් ජනාදිපති තුමාට ලියුම් යවපු එක...
ඉස්සර මේ ගොල්ලන්ට කිව්වේ මයික් පිම්පියෝ කියලා. දැන් කියන්න වෙන්නේ ලියුම් පිම්පියෝ කියලා. කොහොම නමුත් අවසානයේදී අපේ සර්ට පිම්පියෝ කියන දේ කරන්න වුණා. පිම්පියෝ වුණත් ඔවුන් පසුව ප්‍රකාශ කළ අදහස නිවැරැදි බව කොරෝනාවෙන් දිනකට මැරෙන ප්‍රමාණය සහ රෝහල්වල තත්වය බැලුවාම පේනවා.
බෙර කාරයයි, නැට්ටුවො ටිකයි... එළවා දැමුවා නම් හොඳයි.
අනේ මෙහෙමත්...
මේ රජයේ වැඩ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරීමට හොඳයි. බයියෙක් ප්‍රමෝට් කරන්න ඕන වුනාම අයින් වෙලා කලක් සැඟවිලා නැවත මතුවෙනවා අලුත්ම පොරක් වෙලා.
මෙය ආණ්ඩුවේ බිඳවැටීමේ ආරම්භය යැයි මට සිතේ...