(අංජුල මහික වීරරත්න)
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය.
රට විවෘත කර තිබියදී මෙන්ම ජනතාව මහා මාර්ගයට පැමිණෙන්නේ නම් එය සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ලොක්ඩවුන් කිරීමක් නොවන බව කී විජයවර්ධන මහතා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් හැකිතාක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කීවේ ය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද විද්‍යාත්මක රට වැසීමක් ඉල්ලා සිටි බවත්, කඩා වැටෙන ආර්ථිකය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කළ බවත් විජයවර්ධන මහතා සඳහන් කළේ ය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
මෙයාලට ඔනි රට මේකෙන් ගලවන්න නෙවෙයි
"විද්‍යාත්මක නොව කලාත්මකව" රට වැහුවත් කිසිදු පලක් නැහැ දේශපාලුවන්ගේ අසංවර හැසිරීම මෙන්ම රටේ පුරවැසියන්ගේ අසංවර හැසිරීම අනුව ඒ සියල්ල තීරණය වෙනවා.... එයාවත් තේරුම් ගැනුමට මේ දේශපාලුවාට මොලයක් නැති හැටි අනේ හැබෑට....
අනේ දැන් පාර්ලිමේන්තුවේදීත් ඔහෙලගෙ ලොක්ක කියන දේකට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නැහැ පක්ෂ වෙන්නෙත් නැහැ. ආණ්ඩු පක්සේත් නැහැ විපක්සේත් නැහැ. එයා ඉතින් මොන මොනව හරි කියල ඔහේ වාඩිවෙනවා.
දන් කියලා තේරුමක් නැ මේවා
අනේ මේ දැන් බයිලා ගහන්නේ නැතුව ඉන්න..
විද්‍යාත්මක විදිහට කරලා තමයි වැඩේ කා ගත්තේ... තව කටමැතත් දොඩවනවා...
මොකක්ද ඔය විද්‍යාත්මක ක්‍රමය? මොන රසායනාගාරයේද පරීක්ෂා කරන්නේ? ඔයගොල්ලෝ හිටියා නම් එහෙමද කරන්නේ? මම දන්නා විදිහට බැංකු කොල්ලය විතරයි ඔය විද්‍යාත්මක ක්‍රමයට කලේ. කරපු මිනිහා ඔය විද්‍යාත්මක ක්‍රමයට රටින් පැනලත් ගියා...
ඔයා විද්‍යාත්මකව ආරක්ෂක ඇමතිකම කරලා පාස්කු ප්‍රහාර ආව හැටි අපි දන්නවා...
මෙයා හදන්නේ අපට විජ්ජා පෙන්නන්න.
අපි දන්නවා ඡන්දයක් ආවාම විද්‍යානුකූලව කතිරෙ ගහන්න...
අනේ නිකන් යන්න...
ඔය විද්‍යාත්මක ක්‍රමය මොකක්ද, පැහැදිලි කරන්න.