(මුදිතා දයානන්ද)
විදේශීය බලවේගවලින් රට රැකගැනීම සදහා දේශපාලනඥයින් කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි නිසා දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් අප සොයා ගත යුතුයැයි ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධම්මරක්ෂික මහා නිකායේ මහානාහිමියෝ අද (23) පැවැසූහ.
උන්වහන්සේ මේ බව පැවසූයේ ජාතික ඒකාබද්ධ කමිටුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ උත්සවයකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා ඔරුමිත්තනාඩුව ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.
‘‘දේශපාලනඥයින් හැමවිටම හැම දෙයක් ගැනම බලන්නේ දේශපාලන ඇසකින්. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයට එන්න හා බලයේ රැඳෙන්නයි. ඒ නිසා ඔවුන් ගැන අපට මෙවැනි කාරණාවලදී විශ්වාසය තබන්න බැහැ.
ව්‍යවස්ථාවක් රටකට අවශ්‍ය වන්නේ ඒ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය ගොඩනැගීමට, ජනතාව සුරක්ෂිත කිරීමට. එහෙත් දැන් එය දේශපාලන උවමනාවන් ඉටුකරගන්න ලියවිල්ලක් බවට පත්වෙලා. ත‍්‍රිපිටකයට අනුව මේ මේ දේවල් කරනවා කියලා එක දේවල් ඇතුළත් කරලා මේ ව්‍යවස්ථාවෙන් සෙප්පඩ විජ්ජා පෙන්වනවා.
ත‍්‍රිපිටකයේ කොතැනකවත් පුරාවිද්‍යාව ගැන, සංස්කෘතිය ගැන කතා කරලා නැහැ. මේවා අමූලික බොරු. මේ දේවල් ඇතුළත් කරලා බෞද්ධ අපිව නොමග යවන්න හදනවා.‘‘
COMMENTS
දේශපාලකයෙක් නොවන පුද්ගලයකුට මේ රටේ පාලකයෙක් වෙන්න හෝ පාලකයෙක් වෙලා රට පාලනය කරන්න හෝ බැහැ.
මේ රට තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය හා පක්ෂ දේශපාලනය තුළ දේශපාලකයෙක් නොවන පුද්ගලයකුට මේ රටේ බලයට පත්වෙන්න හෝ රට පාලනය කරන්න බැහැ. එසේ වෙන්නට නම් හමුදා කුමන්ත්‍රණයක් වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකින් විය යුතුයි. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය ඉදිරියේ තියාගෙන මේ කියන්නේ එවැනි ක්‍රමයකින් හෝ රාජ්‍ය බලය අල්ලාගෙන රටතුළ ජාතිවාදී අඥාදායක පාලනයක් ඇති කළබව විය යුතුයි. දේශපාලකයෙක් නොවන පාලකයෙක්ට වැඩිය දේශපාලකයින්ට ආනොවඩවන හාමුදුරුවරුන් පිරිසක් දැන් මේ රටට අවශ්‍යයි.
හාමුදුරුවනේ අතන මෙතන කියවන්න්ව් නැතිව. නිකාය තුනම එකතු කරලා තරුණ හාමුදුරුවරුන්ට ආදර්ශයක් ඇති වෙන විදිහට ධර්ම ප්‍රචාරක කට යුතු කිරීම පිළිබඳ දේශනා ටිකක් පවත්වල ආදර්ශමත් වෙන්න්න කියාදෙන්න. නැතිනම් ළඟදීම අපට තමයි බණ කියන්න වෙන්නේ.
කොහොම හරි බලයට එන්න හදන දේශපාලකයන් ඉන්න රැස්වීමකදී ඔබ වහන්සේ වදාළ එඩිතර වචනය ගැන මාගේ නමස්කාරය... ඔබ වහන්සේ අදහස් කරන වර්ගයේ රටට ආදරේ ඇති කෙනෙක් ලංකාවේ ඉන්නවා නේද දැන්? එයාට තල්ලුවක් දීලා බලමුද?
හාමුදුරුවනේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ පිහිටන්න එතකොට නොමගට යන්නේ නැහැ. කාටවත්ම නොමගකට යවන්නත් බැහැ.
තව එක්කෙනෙක් හිට්ලර් නිකායට සෙට් වෙලා වගෙයි
රට ගිලගන්න බලාගෙන ඉන්න විදේශීය බලවේග මොනවාද හාමුදුරුවනේ? දේශපාලඥයින් හැමවිටම හැම දෙයක් ගැනම බලන්නේ දේශපාලන ඇසකින්. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයට එන්න හා බලයේ රැඳෙන්නයි කියන කතාව නම් ඇත්ත.
ලංකාව රටට බිල්ලට දෙන්නේ රට සූරා කන හොරු රංචුවක්නේ. රට බිල්ලට දීල පගාවක් ගනී.
රටට ආදරේ ඇති හොඳ පාලකයෙක් යුරෝපා හවුලෙන්වත් ගෙන්වමු...!
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේවත් එහෙනම් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා දිනලා මේ රටේ ජනතාවට රට රැකගන්න නායකත්වය දුන්නනම් .
කාටද කඩේ වඩින්නේ..?
අවසරයි නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේ වදාරන්නේ මොකක්ද කියා අපිට තේරෙනවා. ඔය කියන කෙනා දේශපාලනඥයෙක් නොවි සිටියදී රජයේ මුදලින් විශාල ලෙස මුදල් වියදම්කර තැනුවේ රටද පවුලද.