(නිමල කොඩිතුවක්කු)
සියලුම ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සත්‍යග‍්‍රහයක් පවත්වා සිදුව ඇති ව්‍යසනයෙන් රට මුදා ගැනීමට කටයුතු කරන බව දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
රට පත්ව ඇති ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා සියලුම ආගමික නායකයන් සද්භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසූහ.
ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් ඉල්ලලා තියෙනවා. මේ 225 ආරක්ෂා කරන්න ගියොත් රටේම ආරක්ෂාව ඉවරයි. ආරක්ෂාව නැත්නම් කරුණාකරලා ගෙවල්වලට වෙලා හෝ පාර්ලිමේන්තුවේ දොර වහ ගෙන ඉන්න කියලා අපි ඒ අයට කියනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සියලුම ආරක්ෂක විදිවිධාන ක‍්‍රියාත්මක කරන්න කියලා අපි රජයට කියනවා.
මේ භයානක ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමට සියලුම ආගමික නායකයන්ගේ සමුළුවක් කැඳවිය යුතුයි. ඒ සඳහා නායකත්වය ගන්නා ලෙස අපි කාදිනල් තුමන්ගෙන් ඉල්ලා සිටිනවා. මහා පරිමාණ සත්‍යග‍්‍රහයක් පවත්වා සියලුම ආගමික නායකයන් ඒකරාශී කරගෙන මේ මහා ව්‍යසනයෙන් රටම ගලවා ගත යුතුයි.
දැන් මුස්ලිම් දේවස්ථානවලින් අවි ආයුධ මතු වෙනවා. මුස්ලිම් ආගමික නායකයන් කියනවා ඒවා අපේ නෙමෙයි තවුහිත් ජමාත් සංවිධානයේ කියලා. අපි දන්නේ නැහැ තවුහිත් කවුද තවුහිත් නොවන අය කවුද කියලා.
අන්තවාදී ත‍්‍රස්තවාදී ඉස්ලාම් කණ්ඩායමේ පල්ලි 400 ක් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති බව දයාසිරි ජයසේකර මහතා පැවසුවා. එහෙමනම් මුස්ලිම් අමාත්‍යාංශයත් ත‍්‍රස්තවාදී සංවිධානයක් නෙමෙයිද? අමාත්‍යාංශය බාර මුස්ලිම් අමාත්‍යවරයා ත‍්‍රස්තවාදියෙක් නෙමෙයිද කියලා අපි අහනවා.
අන්තවාදී ත‍්‍රස්තවාදි ඉස්ලාම් කණ්ඩායමේ පල්ලි 400ක් අවි ආයුධ ගබඩා කරමින් රජයේ අනුමැතියෙන් කරගෙන යනවා. එයින් පල්ලි 50ක්ම නිර්මාණය වෙන්නේ මහනුවර නගරයේ.
සාමාන්‍යය පිළිගැනීමේ හැටියට මුස්ලිම් දේවස්ථානයක යාඥා කරන්න ඉඩ ලැබෙන්නේ භක්තිකයන් 40ක් ඉන්නව නම් පමණයි. නමුත් වාර්තා වන තොරතුරුවලට අනුව මේ ත‍්‍රස්තවාදී සංවිධානයට අයිති පල්ලිවල ඉන්නේ දහ දොලොස්දෙනෙක් පමණයි. කොහොමද මේවා ලියාපදිංචි කළේ කියලා අපි අහනවා.
මුස්ලිම් ත‍්‍රස්තවාදය පතුරවන්න රජයේ අමාත්‍යාංශයක් උපකාර කරලා තියෙනවා. මේ පිළිබඳ රාජ්‍ය නායකයා සහ කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. ඒ අමාත්‍යවරයාගෙන් වහාම ප‍්‍රශ්න කර තරාතිරම නොබලා අදාළ දඩුවම් ඒ අයට දෙන්න ඕන.
මුස්ලිම් පූජකවරුන් ආරක්ෂක අංශවලට කියන්න ඕන එන්න අපේ පල්ලි පරීක්ෂා කරන්න කියලා. කාදිනල්තුමාත් කියලා තිබුණා දේවස්ථාන පරීක්ෂා කරන්නට අපි අවසර දෙනවා කියලා. අපි කියනවා පන්සල් සැක නම් එන්න ඒවාත් පරීක්ෂා කරන්න කියලා.
හිඟුරාන උක් කර්මාන්ත ශාලා ගබඩාවෙන් මේ වනවිට උක්ගස් කපන කැති 300ක් අතුරුදන් වෙලා තියෙනවා. මුස්ලිම් දේවස්ථාන වලින් කඩු අහුවුනා. මේ සූදානම් වෙන්නේ ජිහාඩ් ක‍්‍රමයේ ඝාතනයකට විය හැකියි.
මේ පවතින තත්වය යටතේ නීති මදි නම් එයට අදාළ නීති සකස් කරගෙන වහාම ජනතාවගේ ආරක්ෂාව සැපයිය යුතුයි. චෝදනා ඔප්පු කිරීමකින් තොරව දැනට බන්ධනාගාර ගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතුයි.
බුද්ධි අංශ වල සිටින සියලුම දෙනා නිදහස් කර ඔවුන්ට රට ජාතිය නිදහස් කිරිම සඳහා බලය ලබා දිය යුතුයි’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘රට බේරා ගන්න ආගමික නායකයෝ සද්භාවයෙන් කටයුතු කළ යුතුයි’
sirimal Tuesday, 30 April 2019 02:08 PM
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ආණ්ඩු වෙනස් කරන්නත් සමහර ආගමික නායකයෝ ඇතුළු අය ඒ ගොල්ලන්ගේ මතයට අනුකූලව ඉහළම සත්භාවයකින් වැඩකරන බවත් පෙනෙනවා.
කපිල Tuesday, 30 April 2019 05:46 PM
අපේ හාමුදුරුවනේ... ඔක්කෝටම කලින් කරන්න තියෙන්නේ ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වෙලා මේ සටන කරන එක නේද?
sarath Tuesday, 30 April 2019 08:18 PM
මම හිතන්නේ අපි දැන් මේ ගැන සාධාරණ තරහකින් කතා කළා ඇති. පොලිසිය, හමුදාව, කොච්චර බැන්නද? දැන් රජයත් සතුටු වියහැකි මට්ටමේ කර්තව්‍යයක් කරනවා. දැන් අප කළයුත්තේ හැකිතාක් හොඳින් ඉන්න මුස්ලිම් අය හොඳ පැත්තේම තියාගෙන, අන්තවාදීන් හොඳමගට ගන්න කතිකාවක් ඇතිකර ගැනීමයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමන්කත්වා නහ නේයිය නඝාතයේ...
Raveendra Wednesday, 01 May 2019 02:00 AM
අවසරයි අපේ හාමුදුරුවනේ .. දියවන්න ඔය පිස්සන් කොටුවේ ඉන්න මහජන නියෝජිතයන් යයි කියා ගන්නා මේ රෑන ඔබවහන්සේලාගේ අනුශාසනාවලට, අදහස්වලට ඇහුන්කන් දෙයි යයි ඔබ වහන්සේලා සිතනවා නම් එය විහිළුවකි. අඩුතරමින් " සත්භාවය " යන්නෙහි තේරුමවත් නොදන්නා අය
Abaran Wednesday, 01 May 2019 02:36 AM
කොන්ද පන තියෙන එක නායකයෙක් නුවර නැද්ද බොලව් ....හැම ත්‍රස්තවාදී ද්‍රෝහී ක්‍රියාවකටම නුවර ගෑවිලා ...