(චමිල් රූපසිංහ)
පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන්පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමා අතට එවැන්නක් බාරදී නොමැති බවත් ජයසුරිය මහතා වැඩිදුරටත් කීය.
අසූව දශකයේ අසහනය පැවැති අවස්ථාවලදී පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ අයුරින්ම, සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් මෙන්ම ඉදිරියේදී ජාතිවාදි අර්බුද නිර්මාණය නොවීමට කරුණු පරික්ෂා කිරීම සඳහා මෙම කොමිසම පත්කිරීම වැදගත් යැයි ජනාධිපතිවරයා දැනුවත් කරන බව කතානායකවරයා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ අද (15) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ජාතිවාදී ගැටුම් ඉදිරියට සිදුනොවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමේ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
රට තුළ පවතින වාතවරණය සහ ඉදිරියේ දී වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, සහ අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරු මහනුවරට පැමිණියහ.
COMMENTS
පත්කොරහල්ලා පත්කොරහල්ලා ඕන කෙන්ගෙඩියක් .. ත්‍රස්තවාදීන්ට උදව් කරපු උන්ට මොකද කරන්නෙ...?
මෙය තවත් රටේ සල්ලි නාස්ති කරන්න කරන බොරු වැඩක් . මේ දේශපලකයෝ අහිංසක ජනතාවගේ සහ පොඩි දරුවන්ගේ අනාගතය විනාශ කරනවා, බොරුවට කාලය නාස්ති නොකර වැඩකට ඇති දෙයක් කරන්න.
තව තව මුදල් නාස්ති නොකර ඔය 225 ම ගෙදර ගියානම් රටටත් ලෝකෙටත් වැඩක් වේවි. මොන සභාවටත් වැඩිය ලොකු රටතුළ සාමයෙන් ජිවත් වීමේ අයිතිවාසිකම.
කොමිසම . ඒක තමයි කෝකයත් තෛලය. වෙච්ච වැඩක් තියෙනවද දන්නෙ නෑ