IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි

(යොහාන් භාසුර)

සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සපුගස්කන්ද විදුලි බලාගාරයේ කටයුතු ඇනහිටීම හේතුවෙන් අද දිනයේ එලෙස පැයක කාලයක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් කීය. 

ඒ.බී.සී.ඩී යනුවෙන් කාණ්ඩ හතරකට බෙදා මෙම විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතය. 

ඒ කාණ්ඩය: පස්වරු 5.30 සිට 6.30 දක්වා

බී කාණ්ඩය: පස්වරු 6.30 සිට 7.30 දක්වා

සී කාණ්ඩය: පස්වරු 7.30 සිට 8.30 දක්වා

ඩී කාණ්ඩය: පස්වරු 8.30 සිට 9.30 දක්වා



අදහස් (7)

රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි

SUNIL MILANO Monday, 24 January 2022 03:11 PM

මහ ජනතාවට ලෑස්තිවෙන්න. මේ කාණ්ඩ 4ට අයත් දිස්ත්‍රික්ක මොනවද කියලා. පැහැදිලි කිරීමක් කළොත් නරකද? මහ ජනතාව අපහසුතාවට පත් නොකර, මේවා කිරීමට පෙර... මොලේත් පොඩ්ඩක් යොදවන්න.. ස්තුතියි...

:       2       26

fairoos Monday, 24 January 2022 03:52 PM

දැන්නම් සැප තමයි.

:       2       10

BamunuarachchiTuesday, 25 January 2022 06:07 PM

සැප නැතිනම් යන්න ඉන්දියාවට... සිංහලයාට එයාගේ රට සැපයි.

:       0       0

N Nimal Monday, 24 January 2022 04:50 PM

රටේ පවතින විවිධ අර්බුද හමුවේ මැති ඇමැතිවරුන්ට කිසිඳු හැඟීමක් හෝ ප්‍රතිපත්තියක් නොමැති අතර, විදුලි අර්බුදයද එම ගොඩටම එකතුවී ඇත. ගෘහස්ත සූර්ය විදුලි ජනනය මගින් මෙම අර්බුදයට දිගුකාලීන විසඳුම් සොයාගත හැකි අතර ඊට නිසි මග පෙන්වීම හා දිරිගැන්වීම් රජය විසින් කළයුතුව ඇත. අතිරේක සූර්ය විදුලි ජනනය සඳහා ඒකකයට රු.22/- ක් මුදලක් ගෙවනු ලබන අතර වසර 7 ඉක්ම වූ පසු එම මුදල රු.15/- දක්වා අඩු කරනු ලබයි. සූර්ය විදුලි පැනල සවිකිරීම් සඳහා ආයෝජනය කළයුතු මුදල හා සැසඳීමේදී මෙම ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවේ... එමගින් මෙම ආයෝජනය සඳහා මහජනතාවගේ උනන්දුව හීන වී ගොස් ඇත. රජය මගින් පොලී රහිත ණය මුදල් ලබාදීම හා ඒකක මිල ඉහළ දැමීම් මගින් මහජනයා දිරි ගැන්විය හැකි අතර ආර්ථිකයට වන ප්‍රතිලාහ අති ඉමහත්ය...

:       0       2

කෝරලගේ Monday, 24 January 2022 04:52 PM

දැන්නම් මුලු රටම ලෝකෙන්ම කැපිලා නන්නත්තාර වෙලා යනඑනමන් නැතිව ඉන්නේ... මදැයි සෞභාග්‍යය කියලා අපිත් දුන්නා.. මුන්දැලා ගෑවිච්චි හත්මුතු පරම්පරාවෙ එකෙකුට නම් ඡන්දෙ දෙන්නේ නැහැ...

:       1       9

Kumara Hemantha Monday, 24 January 2022 05:41 PM

සෞභාග්‍යයේ දැක්මනේ... නියමයි නියමයි.

:       1       2

එඩ්වඩ් ඩොමිණිකෝන් Wednesday, 26 January 2022 02:14 PM

නොදකින්... මේ කාලකණ්නි පාලනය රටම විනාශ කළා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site