IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව  පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය බවට කින්ස්  නෙල්සන් මන්ත්‍රීවරයා මෙම සභාවේදී  පැවසුවත්   ඇය මියගොස් ඇත්තේ  සිය දිවි හානි  කරගෙන  යැයි  පොලිසිය  වීඩියෝවක් මගින් තහවුරු කර ඇති බවද  අලගියවන්න මහතා කීවේය.

මේ රජය සිටින්නේ සමාගම් පැත්තේ නොව පාරිභෝගිකයා පැත්තේ යැයිද  ඔහු සඳහන් කළේය.

අලගියවන්න මහතා මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලසන්ත අලගියවන්න මහතා එහිදී මෙසේද පැවසීය.

හිටපු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් කළා. මම ඒ ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවට කැඳවා සාකච්ඡා කරන්න කියලා එතුමා කිව්වා. ඒක ඵලදායි යෝජනාවක්. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳා ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා.

ජනාධිපතිතුමාත් මට මේ ගැන අද කතා කළා. එතුමාත් මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන කැඳවා  කමිටුවක් පත් කරනවා. කෙටිකාලීන සහ මධ්‍යකාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් එතුමා බලාපොරොත්තු වෙනවා. අදත් සාකච්ඡා  කීපයක් පැවැත්වෙනවා.  උපාංග ගෙන්වන සමාගමුත් අද කැඳවනවා.

ලීටර් 18 ගෑස් සිලින්ඩර අද වෙළඳපොළේ නැහැ.  මම වගකීමෙන් කියනවා.ඒ වංචාවට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගත්තා. උසාවි ගිහිල්ලා ගැසට් නිවේදනයකුත් පළ කළා. ඒ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කළා.

මෙම  ගෑස් සිද්ධි සාධාරණීකරණය කරන්නේ නැහැ.



අදහස් (4)

'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ'

කිරි පුතා Tuesday, 30 November 2021 01:02 PM

පේන විදිහට ගෑස්වල සංයුතිය වෙනස් කරලා. ඒ නිසා පීඩනය වැඩි වෙලා තියෙන්නේ. ඒ පීඩනය දැනට භාවිතා කරන සමහර උපකරණවලට ඔරොත්තු නොදී ගෑස් කාන්දු වෙනවා. මහා විනාශයක් වෙලා ජනතාව පාරට බහින්න කලින් මේ ප්‍රශ්නය විසඳිය යුතුයි.

:       1       0

sharm warn Tuesday, 30 November 2021 01:07 PM

ගෑස් සිලින්ඩර් පිපුරුවේ නැති නිසා එක ප්‍රශ්නයක් නෙවෙයි කියන්ද හදන්නෙ .එයාලගෙ කුස්සියේත් පිපිරුවොත් තෙරෙයි

:       0       1

sena Tuesday, 30 November 2021 03:34 PM

ඇමැතිතුමා කොහොම කිව්වත් මොන වචන හරඹයක් හරි දාලා කම්පැණි බේරාගන්න දඟලන විදිහට තේරෙනවා ඇමැතිතුමා ඉන්නේ කොහේද කියලා...?

:       0       1

Lalith M Tuesday, 30 November 2021 05:27 PM

එතකොට මහජනතාව ගෑස් සිලින්ඩර හිල්කර ගිනිතිබ්බාද? මොල හතටම ගැලපෙන ඇමතියෙක්...

:       0       226

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site