(හසිත රංග ගුණතිලක)
රටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා රටේ පුළුල් ජනමතයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (2) පැවසූහ.
අලුතින් බිහිකරනු ලබන ආණ්ඩුවෙන් ෂරියා නීති ප්‍රචාරය සඳහා යොදා ගනු ලබන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අනිවාර්යෙන්ම රජයට පවරා ගන්නා බවද රතන හිමියෝ කීහ.
රාජගිරිය පිහිටි සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ අද (2) පැවති මාධ්‍ය හමුවක් දී අතුරලියේ රතන හිමියෝ මේ බව සඳහන් කළහ.
වත්මන් ආණ්ඩුව වද පීදුණු ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුවේ ආයු කාලය තවත් මාස තුනකින් අවසන් වන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවසුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
අපි ඔබවහන්සේ සහ කාදිනල්තුමා සමගයි...
සේරටම කලින් ඇත්තටම මහණ දම් පුරන්න අදහසක් එහෙම නැද්ද අපේ හාමුදුරුවනේ?
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ හිතන ඔය කියන රටට ආදරය කරන අයත් කිල්ලෝටවල හුණු ටිකක් නෙමෙයි කප්පරක් ගානේ තියාගෙන ඉන්න අය... අනික අපේ ඡන්ද ටික නැතුව කාටවත් කරන්න පුළුවන් කජ්ජක් නැහැ කියලා කෙනෙක් කිව්වොත් බොරුවට නෙමෙයි. ඒ ගොල්ලත් දන්නවා තමන් සතු ඒ වටිනා ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන නායකයන් තමයි අපේ පැත්තේ ඉන්නේ කියලා. ඒ හින්දා ඔය පරණ සැට් එක එලවලා දාලා නාගානන්ද වගේ කෙනෙකුව ගේන්න බලන්න.
2004 දී පාර්ලිමේන්තුවට ආවේ ධර්ම රාජ්‍යයක් බිහි කරනවා කියලා. 2015දී ආවේ යහපාලනයක් බිහි කරනවා කියලා. ධර්ම රාජ්‍යයත් නැහැ, යහපාලනයත් පේන්න නැහැ. දැන් අලුත් මාතෘකාවකින් රටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියලා...
අනේ අපේ හාමුදුරුවනේ, දානේ වලඳනවනේ... 2015 මහින්ද පෙරලුවනේ... දැන් මක්කැයි අපිට කියන්නේ.
මෙයා ළඟ හිටපු අර මත්පෙති හාදයාගෙන් මොනවා හරි ඉල්ලන් බීලා වගේ. එක්කෝ ව්‍යාපාරයේ සැබෑ අයිතිකරු කවුද කියලා ඔප්පු වුණාවත්ද? මොකද කරොත් කරන්නේ පිස්සු වැඩමයි...
කරන බම්බුවක් සිවුරු ඇරලා කරන්න බැරිද? ශාසනේට නිගානොකර...
සිරිමල් විනාශයට යන තමන්ගේ මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවීමත්, අජාමර නිවන් සම්පත්තිය ලැබෙන පුණ්‍යකර්මයක්. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. බුදුසරණයි. අපේ මාතෘභූමියට...
හැමෝම රට ආදරය කරන අය තමයි. මොකද මෙහෙම හම්බකරගෙන කන්න හොඳ වෙන රටක් තියෙනවද?
2015 ඔයිට වඩා ගොඩක් දේ කිව්වා. නිකං බයිලා කියන්නේ නැතුව ඉන්න හාමුදුරුවනේ...
බෞද්ධයන් ලෙස අපි කම්පා වෙනවා මේ හිමිනමගේ හැසිරීම ගැන.. තමන් පැවිදි වුණේ කුමටද යන්න දන්නවද? වගකීම දන්නවද? මොන දේශපාලකයා පස්සේ ගියත් කමක් නැහැ. කරුණාකරලා චීවරයට ගරු කරන්න. මෙලෙස කියන්න බෞද්ධයින්ට අයිතියක් තියෙනවා.
යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, (කුමාරකථා කුමාරිකථා) ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකාකථා, සමුද්‍රාඛ්‍යායිකථා, ඉතිභවාභවකථා යන මෙ බඳු වූ තිරශ්වීන කථාවන්හි යෙදී වෙසෙත්ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හාමුදුරුවනේ, තමන්ට කන්න දුන්නු අත හපාකන අය ගැන අපේ සිංහල ජන ව්‍යවහාරයේ නමක් කියනවා. ඒ නිසා රට හදන්න කලින් තමන් හැදියාවක් සහිත භික්ෂුවකගේ කාර්ය කළොත් හොඳයි කියලයි හිතෙන්නේ... මිනිස්සු මුල කරන්න එපා. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. අපේ බුදුන් වදාළ නියම බුද්ධ ධර්මය අනුව හැසිරෙන්න. බුදුන්ටත්, ශාසනයත් නිගා නොකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
දැන් නිකන් බොරුවට බණ දේශනා කරන්න එපා. ඔබ වහන්සේලාත් මේ දේවල්වලට වගකියන්න ඕනේ. උපවාසත් කරලා ආයෙත් ඇමතිකම් ටික ලස්සනට දුන්නේ...
අද මිනිසුන් දේශපාලනය කරන්නේ රටට ආදරය නිසා නොව, අද කෙනෙක් දේශපාලනයට එළි බසින්නේ රැකියාවක් සොයා ගැනීමට හෝ වෙනයම් පුද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුණිනි...
"විනාශයට යන තමන්ගේ මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවීමත්, අජාමර නිවන් සම්පත්තිය ලැබෙන පුණ්‍යකර්මයක්." මොන සූත්‍රෙය්ද බුදුරජාණන් වහන්සේ එහෙම වදාලේ?
2015දීත් කිව්වේ ඕකනේ කෝ කළාද?
අපේ හාමුදුරුවනේ, සිවුරට අපහාස නොකර කරන දේශපාලනයක් සිවුරෙන් පිට ගිහින් කරා නම් නේද හොඳ? නැත්නම් අපිට වඳින්න වෙන්නේ සිල්වත් හාමුදුරු කෙනෙකුට නොවෙයි...
අපි දන්නා තරමින් නම් මහන දම් පුරන්නේ සසර කෙටි කරගන්නයි. ලෞකික සැප ගැන කලකිරිලයි. මේ හදන්නේ මොනවා කරන්නද?
පැලෝපීය නාලයක් අප්සට් වෙලාද මන්දා ළඟකදී ඉඳලා. එ්කයි මෙහෙම කියවන්නේ..!
අපවත් වෙනකම්ම ආණ්ඩු හදයි. පව් අර දානේදෙන උපාසක අම්මලාට කිසිම ආගමික සහයක් නැහැ. මේක නම් බුදුදහමේ ඉගැන්වීම වෙන්නම බැහැ.
මෙතන JCN විතරයි යමක් දාල තියෙන්නේ...
භික්ෂුවකගේ අරමුණ විය යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කමටහන් වඩා නිවන අවබෝධ කරගෙන දුකටපත් සත්වයාටද ආර්ය සත්‍ය අවබෝධ කරදී ඔවුන්ව පිරිනිවන් කරා යොමුකරවීමයි. මේ කරන්නේ ලෝකය සමග ගැටි ගැටී පැවැත්ම සාදමින් අන් සත්වයාත් අවිද්‍යාවේ ගිල්වන එකයි.
2015 ලස්සනට ලෝකේ බබලවමින් තිබුණු රට පුද්ගලික අමනාපකම් නිසා ඔබ සහ සෝභිත හිමි එකතුව විනාශ කළා.. දැන් නිකම් බොරුවට වීරයෙක් වෙලා දිනන පැත්තට මුක්කු ගහලා පොළවටම සමතලා කරලා තියෙන අපේ මව්බිමේ ජාතිවාද නොඅවුස්සා දේශපාලකයින්ට ඔවුන්ගේ සටකපටි වැඩ ටික කරගෙන ඔවුන්ට සතර අපා ගතවෙන්නට ඉඩ හරින්න. ඔබ චීවරයේ සහ සසුනේ නාමයෙන් දැන්වත් නිහඬව අපේ ශ්‍රී සත් ධර්මයට අවමන් නොකර මිනිසුන්ගේ සිත් දූෂ්‍ය නොකර කරගත් පව් වලින් සතර අපා දුකට නොවැටී බේරීමට සෝවාන් මගඵල පිණිස අප්‍රමාදී වන්න. මගේ මේ අදහස්වලට කිසිවෙක් අමනාප වී හෝ සත්‍ය ප්‍රකාශයට කරුණාකර කිසිවක් නොලියන්න..
අපේ හාමුදුරුවනේ, මුසල්මානුවන් නොමැති රජයක් පිහිටුවා ගන්න සිංහලයා එකතුකර ගන්න ජනතා මතයක් ඇතිකරගන්න අපිත් උදව් වෙනවා. ඔබවහන්සේගේ අභිප්‍රාය ඉෂ්ටවේවා..!
හලෝ ගොන්කම ලොවට කෑගහලා පෙන්වන්න එපා. මේ විදිහටවත් සිංහලයා අවදි කරන්නේ නැතිනම් ඔයාලාගේ ඔලුවට මුසල්මානුවන් පහරලා යාවි. සිංහලයාට ජාතික හැඟීම් දෙන්නේ බෞද්ධ භික්ෂුව පමණි. එය පාදඩ දේශපාලුවෙකුගෙන්, ක්‍රිස්තියානි පූජකයෙකුගෙන් හෝ උලමාවකුගෙන් ලැබෙන්නේ නැත. දැන් සිංහලයාට ජාතික හැඟීම් ලැබිය යුතු කාලයයි.
කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමීනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මෝරු කලයකට හුවමාරු කරනවා. ස්වාමීනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජානන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෘන් වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවාදීම තමයි මෙම හීනයේ තේරුම..
කොහොම කොහොම හරි චීවරයට තියන ගෞරව ටිකෙන් ටික අපෙන් ඈත්වෙනවා. ලෞකික දේවල් වලට අාශා කරමින් මිනිසා (ගිහි/පැවිදි) පරිහානියට පත් වෙනවා. යතාර්ථය එයයි.
හාමුදුරුවරුන්ගේ වැරදි පෙන්වනවාට සමහරු කැමති නැහැ. සමහරු හාමුදුරුවරු කියන කරන ඕන දෙයක් අනුමත කරනවා. සිල්වත් හාමුදුරුවරු දේශපාලනයට එන්නේ නැහැ. හාමුදුරුවරු ඔක්කොම නොවෙයි සමහර හාමුදුරුවරු කියනවා රට ආරක්ෂාකළා කියලා. අපි දන්නා පසුගිය 30අවුරුදු යුද්ධය දිහා බලන්න. කඩ කඩන සමහර තැන්වල චීවරධාරීන් ඉන්නවා... අපි මාධ්‍ය මගින් දැක්කා. මොකද වුනේ? යුද්ධය පැවැති ප්‍රදේශවල හාමුදුරුවරුනුත්, පන්සලුත් ආරක්ෂා කරගෙන දානය පවා දුන්නේ අපේ වීරෝධාර හමුදාවයි. අද පවා එම ප්‍රදේශවල හාමුදුරුවරුන්ගේ ඕනෑ එපාකම් සොයා බලා කටයුතු කරන්නේ අපේ හමුදාවයි. යුද්ධය පැවති ප්‍රදේශයක එක්තරා පන්සලකට සපයා තිබුණු ආරක්ෂාව ඉහළින් ලැබුණු නියෝගයක් නිසා ඉවත්කළා. දින ගන්නයි ගියේ. රටක් වටිනා නායක හමුදුරු කෙනෙක්ව කොටි ඝාතනය කළා...
හම්බයින්, හිටු කියලා ඩිස්ලයික් දානවා.