
(රංජන් කස්තුරි)
මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර කීපයක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24ක් තිබෙන අතර අලුතින් ලබාගැනීමට ඉල්ලුම්කර ඇත්තේ දැනට බලපත්‍ර හිමි සමාගම් දෙකක් බව එහි ආරංචි මර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය අවශ්‍යතාවයට වඩා වැඩිවන අතර තවත් බලපත්‍ර ලබාදීමෙන් මත්පැන් නිෂ්පාදනය අසීමිත ලෙස ඉහළ ගොස් රටතුළ ආර්ථික සමාජ හා සංස්කෘතික ගැටළු රැසක් මතුවිය හැකි බවටද ඇතැම් පිරිස් චෝදනා කරති
මේ පිළිබඳව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගෙන් කළ විමසීමකදි කියා සිටියේ බියර් නිෂ්පාදනය සඳහා ඉල්ලුම්පත් හතරක් ලැබී තිබෙන බවයි.
මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා සතුවන අතර මුදල් අමාත්‍යංශයේ දැනුම් දීම මත එම ඉල්ලුම්කාර සමාගම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සුරබාදු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව ද ගුණසිරි මහතා කියයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රටබීම නිෂ්පාදනයට තවත් සමාගම් දෙකක් අවසර ඉල්ලයි
WCA Thursday, 20 May 2021 07:20 PM
බිල්ලෝ මවනවා කියන්නේ මේ වගේ දේවල් වලට තමයි
Raveendra Friday, 21 May 2021 12:37 AM
ඊට සමගාමිව තවත් බන්ධනාගාර කීපයක් ම ගොඩනැගීමට කටයුතු කිරීම වැදගත් බව අප යෝජනා කරන්නෙමු.මේ සදහා "අනුමැතිය දීමට බලය ඇති මිහරකුන්" සියල්ලෝටම මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා......
Bamunuarachchi Tuesday, 25 May 2021 01:05 PM
රටබීම කොහොමද ලංකාවේ හදන්නේ?. විවිධ නම් වලින් බඩු එළියට ආවට අපි බොන්නේ බ්ලෙන්ඩ් කරන ලද එතනෝල් තමයි.