(බිඟුන් මේනක ගමගේ)
ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමෙන් මිස මහ මැතිවරණයකට යෑමෙන් මේ අවස්ථාවේ රටට පලක් නැතැයි ද ඒ සඳහා සුදුසු පියවර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඒ මහතා මෙම අදහස පළ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවීමට සහාය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ නම් ඇමැති ධුර පිරිනැමීමට යෝජනා කරමින් එ.ජා.පය විසින් ජනාධිපතිවරයාට කරන ලද ඉල්ලීම ගැන කළ විමසීමේදීය.
පියසේන ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුනි සොයිසා හා ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයාට යොමු කළ ලැයිස්තුවේ ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.
පියසේන ගමගේ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“පවතින දේශපාලන ක්‍රමය තුළ බහුතර බලයක් ලබාගන්න එකම පක්ෂයකටවත් හැකියාවක් නෑ. ඉතින් සුළුතර බලයක් සහිත ආණ්ඩු තමයි හැදෙන්නේ. ඒක රටට අවදානම්. ශක්තිමත් ආණ්ඩුවක් නැතිව රටක් පාලනය කරන්න බෑ. ස්ථිර වැඩපිළිවෙලක් දිගට ක්‍රියාත්මක වෙන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජාතික ආණ්ඩුවක් කියන්නේ සියලු පක්ෂ එකතු වෙන දේශපාලන ක්‍රියාවලියක්නේ. එතැනදි ප්‍රධාන දේශපාලන පක්ෂ වගේම සුළු පක්ෂත් එකතු වී රටට අර්ථවත් වැඩක් කරන්න පුළුවන කියන මතයේ මම ඉන්නවා.”
“දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක් නෙවෙයිද? දැනුත් පක්ෂ දෙකක නියෝජනයක් තියෙන්නෙ. ජනාධිපතිතුමා එක පක්ෂෙක. අගමැතිතුමා තවත් පක්ෂෙක. ජනාධිපතිතුමා මේ ආණ්ඩුවෙ ප්‍රධානතම අමාත්‍යංශ හතරක පමණ ඇමැතිවරයායි. ආරක්ෂාව, පරිසරය, නීතිය හා සාමය ආදී වශයෙන් ගත්තාම මේ ආණ්ඩුවෙන් බාගයක් පමණ තිබෙන්නේ ජනාධිපතිවරයාටනෙ. මේ ආණ්ඩුව දුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන්. දැනටම ජාතික ආණ්ඩුව පණගැන්විලා ඉවරයි. මේකෙ අලුතින් පිහිටුවන්න දෙයක් නෑ. ඒක හරි විහිළුවක්. ”
මේ ගැන කළ විමසීමේදී ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා අදහස් පළ කිරීමට නොහැකි බව කී අතර ඒ.එච්.එම් ෆවුසි හා විජයමුනි සොයිසා යන මන්ත්‍රීවරුන් අවධාරණය කළේ සිය නම් ඇමැති ධුර සඳහා යෝජනා කර ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බවටය.
කැබිනට් මණ්ඩලය තිහක සීමාවේ පවතින අතර මෙම මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කරගැනීමට නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටට ජාතික ආණ්ඩුවක් ඕනෑ