(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් අද (27) රාත්‍රියේ පත්කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) රාත්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇත.
දුම්රිය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මේ දිනවල ඇතිව තිබෙන වර්ජන, ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම විශේෂ කැබිනට් රැස්වීම කැඳවා තිබේ.
වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තා කිරීමට පත්කර ඇති කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.
කමිටුව රැස්වී සාකච්ඡා කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ දිනවල ඇතිව තිබෙන වර්ජන රැල්ල පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෙය දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරන වර්ජන රැල්ලක් බව ඇමැතිවරුන් කිහිපදෙනෙකුම ප්‍රකාශ කර ඇත.
2015න් පසුව වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප සියයට 107 කින් පමණ වැඩිකර තිබියදී මෙසේ වර්ජන කිරීම අසාධාරණ බවද ඇමැතිවරුන් පෙන්වා දී ඇත.
වර්ජනයේ නිරත වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීමටද කැබිනට් අනුකමිටුවට උපදෙස් දී ඇත.
ඇමැති අනුකමිටුව හෙට (28) දිනයේ රැස්වී සාකච්ඡා කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි විතරයි කාර්යක්ෂමතාව 0යි. මිනිසුන්ගේ නොවිසඳුණු ගැටළු කෝටියයි..
ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය ලෙසට වෙනස් කළා. 2004 දී එම සේවයේ සිටි අධිශ්‍රේණියේ නිලධාරීන්ට ඉතා දැඩි අසාධාරණයක් සිදුවුණා. එම කාලයේ සිටියේ ඇමති වජිර අබේවර්ධන මහතාය. මෙම කමිටුවේදීවත් එම අසාධාරණය ඉවත්කිරීමට නුවණ පහළ වේවා...!!!
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර ඊට කාගේත්, විශේෂයෙන් සියලුම වෘත්තීය සංගම්වල, අනුමැතිය ගන්න. ඊට පිටින් එක එක කණ්ඩායම්වල බලපෑම් මත එක එක කණ්ඩායම්වලට වැටුප් ව්‍යුහයන් වෙනස් නොකර රාජ්‍ය සේවයටම පොදු පිළිවෙතක් අනුගමනය කරන්න.
මෙම සාකච්ඡාවන් සහ වෘත්තීය සමිති සමග කරන සාකච්චා මාධ්‍ය ඉදිරිපිට කර ජනතාවට දැනගැනීමට සලස්වන්න පුලුවන්ද? එසේ කරනවානම් කව්ද ඇත්ත කියන්නේ කියලා ජනතාවට තේරුම ගන්න පුළුවන්, එනම් වෘත්තීය සමිති බොරු කියනවද, නැත්නම් පාලකයන් බොරු කියනවද? මෙසේ කළහැක්කේ සත්‍යවාදී පුද්ගලයන්ට පමණි. මෙසේ කළහොත් වෘත්තීය සමිති සහ පාලකයන් යන දෙගොල්ලන්ටම ජනතාවට බොරු කියන්න බැහැනේ.
කරුණාකර කාර්යක්ෂමතාවයේ විෂමතා සොයන්න. පුද්ගලික අංශය පැයභාගයක් ඇතුලත කරන රාජකාරි වැඩේ කරන්න මේ ගොල්ලන්ට සියවස් භාගයක් යනවා.
ගුරුවරුන්ගේ වැටුප් විශමතාව බි.සී පෙරේරා වැටුප් කොමිසම මගින් සිදු වී දැනට වසර 22කට ආසන්න කාලයක් ගතවි තිබෙි. මෙි පිලිබඳව වර්ජන ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත්වීම අසනීප නිවාඩු වාර්තා කිරීම උද්ඝෝෂණ ආදීය මගින් පවතින රජයන් දැනුවත් කර ඇත .නමුත් කනගාටුවට කරුන වන්නේ මෙපමණ දෙයක් සිදු වුවද එය දේශපාලන හේතුවක් මත කරන වර්ජනයක් බව පාලකයන් ප්‍රකාශ කර ඇග බෙිරා ගැනීමට කටයුතු කිරීමයි . කමීකරු වැටුපට වඩා අඩු වැටුප් ගුරුවරුන් ලබන බව නොතේරෙන දේශපාලකයන් සිටීම කනගාටුවට කරැනකි .107% කින් වැටුප් වැඩි කලා යයි වහසි බස් දෙඩීම මොවුන් මෙම ප්‍රශ්නය දෙස බලන කෝණයයි.අවුරුදු 25 ක සේවා කාලයක් ඇති ගුරුවරයෙකු ගේ වැටුප 45000/- ක් වන්නේ නැත.. පද්ධතිය තුල ඇති ප්‍රශ්න එමටය. ඒවා විසදීමට උනන්දුවක් නොමැත. ආරම්භයේ දීම මෙයට දේශපාලන මුහුණවරක් දීමෙන් කමිටුවෙි ක්‍රියා කලාපය තේරැමි ගත හැක .
කමිටු පිහිටුවා ගනු ලබන තීරණ නිසිලෙස ක්‍රියාත්මක වෙනවද කියලා සොයා බැලිය යුතුයි. ජූලි මස විශ්‍රාම වැටුප් වැඩිකිරීම හොඳ නිදසුනක්. චක්‍රලේකවලින් කියන්නේ 1996 වසරට කලින් විශ්‍රාම ගත් අයගේ වැටුපත් 2015ට පසු විශ්‍රාම ගිය අයගේ වැටුපත් අතර වෙනසක් නොවිය යුතුයි. 43% - 48% අතර ප්‍රමාණයකින් විශ්‍රාම වැටුප් වැඩිවිය යුතුයි, ඒවගේම සේවා කාලය වසර 25 ක නොමැති 44/90 චක්‍ර ලේඛය යටතේ අඩු සේවා කාලයකින් විශ්‍රාම ගිය අයට සේවා කාලය වසර 25 ක් ලෙස සලකා වැටුප සකස් කළයුතුයි කියලා වුණත් වැටුප් වැඩිවෙලා තියෙන්නේ.. ඒවා නොසලකා නිසා රු: 500 - 1000;- 1300/- වගේ සුළු මුදලකින්. ඉතින් වැටුප් විෂමතාවය අඩු වේවිද? විශ්‍රාමිකයින්ට වැඩ වර්ජන කරන්න බැරි වුණාට ඉදිරි මැතිවරණයේදී නම් ඒගොල්ලන් රජයට නිසි පිළිතුරු දේවි නිසැකවම... මොන රජය පඩි වැඩි කළත් කාර්යාල වලින් එ්ක හරියට කරන්නේ නැතිනම් ලැබෙන්නේ ඔන්න ඔය ප්‍රතිඵලය තමයි.
මොකද මේ ජෙහාන්ගේ ප්‍රතිචාරයට මෙච්චර අකමැති...? කාර්යක්ෂමතාව සොයා බලන්න කිව්වාම පුදුම බයක්නේ...