(රංජන් කස්තුරි)
සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනිදින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
අය - වැය යෝජනාවක අනුව මෙම අන්තර් දීමනාව ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.
මීට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයින්ට සියයට 107 න් වැටුප් වැඩිවීමක් හිමිවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ලබන 2020 වනවිට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905 ක් පමණ වැයවන බව ගණන් බලා තිබේ.
COMMENTS
ඊට පස්සේ ජනාදිපති අපේක්ෂකයා නම් කරයි .
ලාබයි... සේල්... ඡන්ද ගුණ්ඩු සේල්... මේවට අහුවෙලා එක ජන්දයක් හරි මේ ආණ්ඩුවට දුන්නොත් අර පාස්කු ප්‍රහාරයෙන් මිලාන උන අහිංසක ජීවිත වලට ඔබලාත් වරද කරුවන් වෙනු ඇත.
අනේ අම්මප අවුරුදු පතා ඡන්දයක් එනවනම්?
ඒ කියන්නේ. ඡන්දයක් එන එක ස්ථිරයි
හැ !! ඊයේ නේද කීවේ රාජ්‍ය වියදම් 15% කින්ද කොහේදෝ කපාහරින්න කියලා? එහෙමත් තැනක තමා කාර්යක්ෂම සේවාවක් වෙන්නේ. බොහෝ තැන්වල සේවාවන් ?? තව ටික දවසක් ගිහිල්ලා සියලු භාණ්ඩ වල මිලට මොකද වෙන්නේ?
ඡන්දේ ඉල්ල ගන්න සල්ලි දෙන එක අල්ලස් දීමක් නේද?
තමන්ගේ වගකීම නිසි ලෙසටම ඉටු කිරීමට සියලු රජයේ සේවකයින්ට සිත් පහළ වේවා. එය තවත් මෙලෙස ඔබව රැවටීමට ඉඩ නොතබනු ඇත. ජරාජීර්ණවූ සමාජ දේශපාලනික සංස්කෘතික වටපිටාව පිරිසිදු වනු ඇත. රටක් සමාජයක් දේශපාලකයන්ට සාප කරන්නාසේම, රජයේ සේවයක් බලාපොරොත්තුව පැමිණ, නමුත් ඉටුකරගත නොහී, රජයේ සේවයට සාප කරන පිරිසක් බිහි නොවනු ඇත. රටට ආදරය කරන බලාපොරොත්තු සහගත පුරවැසියන් බිහිවනු ඇත. පෞද්ගලික සේවයටත් අඩු හෝ වැඩි වශයෙන් මෙය වලංගු වන බව මගෙ හැඟීමයි. කළ යුත්තේ සුදුසු නිවැරදි පිරිසක් තෝරා පත්කර පාලනයට යැවීමම නොව, පුරවැසි අපිද නිවැරදි වීමයි. එය නිවැරදි දම්වැලක ආරම්භය වනු ඇත.
ඡන්දය අත ළඟ බව අප හට පැවසෙනවා.
දයාබර රජයේ සේවකයිනි කාරුණිකව ඉල්ලන්නේ මේ වගේ තුට්ටු දෙකේ දේවල් වලට රැවටෙන්න එපා. ඔය දෙන්නේ ඡන්දය වෙනුවෙන් දෙන දීමනාවක්. ලග එන ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. 4 වසරක් රජය විසින් කරපු දෙයක් නැහැ. ආර්ථිකය කඩ වැටිලා, අධ්‍යාපනය වල පල්ලට ඇදලා දැම්ම, ජාතින් අතර සංහිදියාව නැති කල, සංචාරක ව්‍යාපාරය විනාශ කලා , දිනෙන් දින අහිංසක ජනතාවගේ බදු මුදල් වැඩි කර පාලිමන්ට් එකේ 225 විතරක් සැප විදිනවා ...තේරුම් ගන්න..උබේ දරුවන් වෙනුවෙන් රට ජාතිය ගැන හිතල බුද්දීමත්ව ඡන්දය පාවිච්චි කරන්න. බුදු සරණයි..
රුපියල බස්සල සල්ලි අච්චුගහන්න වගේ යන්නේ ණය වාරික ගෙවන්න?
ශාෆිගේ සාපය යට ගහන්න, සාලාවේ සහ කිතුනු දේවස්ථාන වල පිපිරුන බෝම්බත් ඒවගෙන් මැරිච්ච මිනිස්සුත් අමතක කරවන්න, මහ බැංකු කම්බ හොරුන්ව අමතක කරවන්න, විදුලියෙන් යටි මඩි ගහපු මගඩි ටික අමතක කරවන්න පුන්නක්කු කන මී කුලයේ ලක්ෂ 62 උන්ට නම් කියාපු බෙහෙත.
මණ්ඩල, සංස්ථා, අධිකාරි වල සේවයේ නිරත කිසිදු රාජ්‍ය සේවකයෙකුට මෙම රුපියල් 2500 ක අන්තර් දීමනාව ලබානොදෙන බව මුදල් අමාත්‍යාංශය දන්වා තිබියදීත් ආණ්ඩුව විසින් සියළුම රාජ්‍ය සේවකයින්ට මෙය ලබාදෙන බව දන්වා ඡන්දෙට ලකුණු දමාගැනීමක් කිරීම පිළිකුලෙන් හෙළා දකිමු.
2500 යට තමන්ගේ දරුවන්ගේ අනාගතේ වලපල්ලට දාන තීරණ ඊලග ඡන්දෙදි ගන්න එපා කියල රාජ්‍ය සේවකයන්ගෙන් මම වැදලා ඉල්ලනවා!
මොනවා දුන්නත් මේ පාරනම් බලය නැතිවන බවයි පේන්නේ.
පුද්ගලික අංශයේ සේවකයෝ රුපියල් දාහත්දාහයි (17000) මුලික වැටුප.ඊටත් අඩුවෙන් ගන්නේ ගොඩක් තැන වල. රජයේ සේවකයෝ කි දෙනයිද ලංකවේ ඉන්නේ? එන්නකෝ ඡන්දෙ දෙන්නම් පුතේ. හෙන ගහනවා අපි විදින දුක දැක්කම තොපිලට
ඇම!
රටට ආදරයක් ඇති සියලු දෙනා සිහි බුද්ධියෙන් සිටියම යුතු කාලය උදා වී තිබේ.පිළී ගඳ දේශපාලනය රැවටීම් , බොරුකීම් ,මවා පෑම් ආරම්භ කර තිබේ. රටේ අර්බුද නැති තැනක් නැත. කිසිම ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් දී නැත. රට එකම අවුල් ජාලාවකි . ඡන්දයක් ආවහොත් බුද්ධිමත්ව රටට ආදරය කරන මිනිසුන් තෝර ගත යුතුව ඇත. මොනවා කරන්නත් රට , ජාතිය , ආගම ඉතිරි වී තිබිය යුතුය
විසිපන්දාහක් වැඩි කලත් මෙදා පරාදයි.
හොදය, බැංතු පොලිය ආයමත් වැඩ් කරල අපෙන් ආපසු ගන්නේ නැතිනම්....................................................