(රේඛා තරංගනී ෆොන්සේකා)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බලපැවැත්වෙන ලෙස ඉකුත් ජුලි 16 වැනිදා මොරටු දිසා අධිකරණය නිකුත් කළ තාවකාලිකව අත්හිටුවීමේ වාරණ නියෝගය අගෝස්තු පස්වැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද නියෝග කළේය.
එදිනට විරෝධතා තිබේ නම් ලිඛිත විරෝධතා ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නියෝග කරනු ලැබීය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ නිලතල දරන සාමාජිකයින් දහනවදෙනෙකුට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක(වතු හා නාගරික සෞඛ්‍ය) වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා විසින් අධිකරණයට ගොණුකළ පැමිණිල්ලකට අනුවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.