(නිමල කොඩිතුවක්කු)
රටේ ආරක්ෂිත තතත්වය සම්බන්ධයෙන් තම සංවිධානය පැවසූ කාරණා රජය සැලකිල්ලට ගත්තේනම් නියපොත්තෙන් කැඞීමට තිබූ දේ පොරවෙන් කැපීමට සිදු නොවනු ඇතැයි බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරණ්දෙනියේ නන්ද හිමියෝ කොළඹදී පැවසූහ.
තවත් පනස් දෙනෙකුගේ පමණ මරාගෙන මැරෙන ත‍්‍රස්ත කණ්ඩායමක් සිටින බවට තම සංවිධානයට වාර්තා වී ඇති බවත් පැවැසූ උන්වහන්සේ තම සංවිධානය අනාවරණය කරන කරුණු පිලිබඳ දැන්වත් අවබෝධයෙන් සිටින ලෙසද රජයෙන් ඉල්ලීමක් කළහ.
රාජගිරිය පිහිටි බොදු බල සේනා මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විතාරණ්දෙනියේ නන්ද හිමියෝ මෙසේද කීහ.
‘‘පසුගිය 21 වැනිදා එල්ලවූ ඒ ම්ලේඡ්ඡ ප‍්‍රහාරයෙන් පසු ජනතාව තුළ හටගත් බිය තවම පහව ගොස් නැහැ. තවම රටේ ජන ජීවිතය යථා තත්වයට පත්ව නැහැ. මේ රටේ ආරක්ෂාව තවම තහවුරු වී නැහැ කියලා එයින් පැහැදිලි වෙනවා.
ජනපතිට අගමැතිට මේ ප‍්‍රහාරය පිළිබඳ හරි අවබෝධයක් නැහැ. මේක සුලුවෙන් තකන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේක සංවිධානාත්මකව රට තුළත් ජාත්‍යන්තරවත් ව්‍යාප්ත වූ භයානක ත‍්‍රස්තවාදී කණ්ඩායමක්. ඒ අනුව මෙම ත‍්‍රස්තවාදීන් මැඩලන්න රජය කටයුතු කළ යුතුයි.
2012 වසරේ සිට අපි වරින් වර මේ ත‍්‍රස්තවාදීන් පිලිබඳ කරුණු අනාවරණය කළා. නමුත් ඒ කිසිවක් ගැන ආරක්ෂක අංශ සැලකීමක් දැක්වූයේ නැහැ.
මේ සිදුවීමත් එක්ක පුපුරන ද්‍රව්‍ය, කඩු ආදිය එක්ක විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් ඇප මත නිදහස්ව යන තත්වයක් පේන්න තියෙනවා. බෝම්බ, කඩු කිනිසි එක්ක අත්අඩංගුවේ පසුවන මේ පිරිස් මේවා තියාගෙන ඉන්නේ සංහිඳියාවටද කියලා අපි අහනවා.
දිගන සිදුවීමේ දී සිංහල තරුණයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයී. එහිදී දවස් එකසිය ගණන් සමහර අය අත්අඩංගුවේ පසුවුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා විශේෂ සැලකීමක් මේ අයට දක්වනවා කියලා.මේ පිරිස් මේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා අපි විමසනවා.
බොදුබල සේනා සංවිධානය කියන්නේ ත‍්‍රස්තවාදී අන්තවාදී කණ්ඩායමක් නෙමෙයි. අපි කියන දේ පිළිබඳ රජය නොසැලකිලිමත් වූ නිසා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන්න වෙලා තියෙනවා. බොදුබල සේනාව කියන කාරණාව කියන කාරණා පිලිබඳ දැන්වත් අවබෝධයෙන් කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
දැන් මේ ප‍්‍රහාරයෙන් මියගියේ නම දෙනෙක් පමණයි. තව පනස් දෙනෙක් පමණ මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නවා කියලා අපි ආරක්ෂක අංශවලට ඉතා වගකීමෙන් පවසනවා. බොදු බල සේනාව කියු කාරනා මෙතෙක් වැරදිලා නැහැ. ඒ නිසා මේක හෑල්ලුවට ගන්න එපා කායලා අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා‘‘ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියපොත්තෙන් කඩන්න පුළුවන් කම තියෙනකොට. කැඩුවේ නැත්තේ මේක යුද්දයක් වුනාම දනවත් රටවල් වලින් ආධාර ගන්න පුළුවන් නිසා , අවුරුදු ගානක් තිබුන යුද්දය වවාගෙන කෑවා, යුද්දෙන් පසුවත් රට සූරාගෙන කට්ටිය කෑවා, මේවගේ දේවල් සිදු වෙනකම් බලන් ඉන්නේ මේ සිද්දියේදී වැරදි කරුවන්ට දඩුවම් දෙන්න කලින් ජාතින් සමගි කරන්න හදනවා රටේ. නායකයෝ කාට පේන්නද මේවා. කරන්නේ නැතිනම් නොබෙල් ත්‍යාගය ගන්නද මුළු ලෝකෙටම පෙන්නුවා රට වැසියා ගැන.
රජයේ නොසැලකිල්ලේ කතාව සත්‍යයක් වුවත්, බොදුබල සේනාව කලේ ජාතිවාදය ඇවිස්සීමයි. ඒවා නිසා තවත් මුස්ලිම්වරුන් නොමග ගියා වෙන්නට පුළුවන්. බොදුබල සේනාව ගෙනිච්චේ තනිකරම අන්තවාදී ජාතිවාදී වැඩ පිළිවෙලක්. ජාතිවාදී නොවී අන්තවාදී නොවී ආවේගශීලී නොවී රටේ ජනතාව සමග නිවැරදි බලවේගයක් ගොඩනැගුවා නම්, අද එයින් මොනතරම් ජාතියට ප්‍රයෝජනයක් වෙනවාද ? නමුත්, අපේත් රටෙත් අවාසනාවට සිදුවුයේ වෙනත් දෙයකි. මැල්කම් රන්ජිත් කාදිනල් තුමාව ආදර්ශයට ගෙන හෝ බොදුබල සේනාව නිවැරදි මාර්ගයේ යෑම සිදුවන්නේ නම් එය ජාතියේ වාසනාවකි.
මේ ත්‍රස්ත කල්ලිය එක්ක සසදනකොට ඔගොල්ලන් ඉන්නෙ හෝඩියෙ. රජයට එම කාර්යය කරන්න ඉඩදීලා කතාව නතර කරන්න. ඔයගොල්ලන්ගේ ක්‍රියා තමා මෙයට මුල පිරුවෙ.
තව පනස් දෙනෙක් පමණ මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නවා නම් ඉක්මනින් එම අයගේ තොරතුරු ආරක්ෂක අංශවලට දන්වන්න හාමුදුරුවනේ.
ඔබවහන්සේලා දුමින්ද නිදහස් කරන්න කිය කියා හිටිය මිසක් මේවා කිව්වා කියල අපි දන්නෙ නැහැ. යමක් සිද්ද උනහම කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා.
මේ ස්වාමින්වහන්සේලා උගුරේ ලේ රහ වෙනකන් කියපුව ඕගොල්ලන්ට මතක නැහැ කියල තේරෙනවා. දැන් වත් යු ටියුබ් එකේ වීඩියෝ වලින් බලන්න කියපු දේවල් මොනවද කියල. කවුරු හරි බොරු වාක්‍යයක් එක්ක පොටෝ එකක් දාල ෆේස්බුක් දාපුවා විතරයි ඕගොල්ලන්ට මතක තියෙන්නේ.
නිරෝෂන් මෝඩ කතා කියන්න එපා. බොදු බල සේනා කියපු දේවල් මේ ආණ්ඩුව ඇහුවනම් මෙහෙමෙ දෙයක් වෙන්නෑ.
මල්වානෙන් අල්ලපුවා දාන්නේ නැත්තේ මොකද? මල්වාන පැත්තේ මිනිස්සු ඒවා දන්නවා...