( +++ නාලක සංජීව දහනායක)
රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තීය ගරුත්වය ආරක්‍ෂවන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පෙරේදා (12) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන්ට අවවාද කර ඇත.
අමාත්‍යවරුන් කිසියම් සාකච්ඡාවකට හෝ සමුළුවකට සහභාගි වීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් දැනුවත්වී පූර්ව සූදානමකින් යුතුව යා යුතු බවද ඔවුන් දෙදෙනා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.
පුද්ගලික අරමුණුවලින් තොරව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය සෑම විටකම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පවසා ඇත.
COMMENTS
කවුද ඔතෙන්ට යන්න කිවුවේ වහාම විත්ඩ්‍රෝ වෙන්න.
රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීම මගින් ඉතා කාර්යක්ෂම විනිවිද භාවයෙන් යුතු විදිමත් සේවාවක් ලබාගත හැක
රාජ්‍ය සේවය දේශපාලන අතපෙවීම් ,ඇඟිලි ගැසීම් සහ අයතා දේශපාලන බලපෑම් වලින් ගලවන්න .
අප රටේ මුල් පුරවැසියාගේ මෙම අදහස් අප අගය කරන්නෙමු.
ජනාධිපතිතුමනි, පළමුව උගත් ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයින් ඇමති මණ්ඩලයට පත්කරගන්න. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මොලයක් නැති කටවාචාලයෝ හොරු කොටින්ම කියතොත් ශරීරයේ තියන ස්‌වභාවික සියලු විවෘත තැන් වලින් කතා කරන උදවිය කුණු කුඩේට යවන්න.
වැඩිය සැර කරන්න එපා, අඬයි. හෙමින් අවවාද කරන්න. අනේ මෙහෙම රඟපෑම්. අපිවම ගොනාට අන්දන්න හදන්නේ.
කුඩා දුපතකට වන ජීවි වෙරල සංරක්ෂණ වන සංරක්ෂණ වැනි පරමාර්ථයන් අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ තමන්ට ඡන්දය දෙන ඔක්සිජන් පවා අනවශ්‍ය පිරිසකට කඩොලාන කපා හදන සෙල්ලම් පිට්ටනි පමණක් බවත් , සිද්දියට පසුදා මාද්‍ය අමතමින් " රටේ වැඩ සිද්දවෙන්න ඕන ධීවරයන්ට ඕන විදියට "යයි නොකියා කියූ දැක්ම ලොවට හඩගා කියූ ඇමතිට මගේ හද පිරි සුබපැතුම්.!
හැල්ලුවට ලක්වීම වලක්වන්න! මට හිනායනවා අනේ...
ඒ එක්කම කියන්න ඕනේ නිලධාරීන් හෑල්ලුවට ලක් වෙන්නත් එපා කියලා. නිලධාරීන් විහින්ම හෑල්ලුවට ලක්වෙනවා...