(විනීතා එම් ගමගේ)
රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල අභාවිතය සම්බන්ධයෙන් 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වැඩි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳව නොවැම්බර් 11 වැනිදා සිටි දෙසැම්බර් 7 වැනිදා දක්වා පැමිණිලි 05 ක් ලැබී තිබූ අතර මෙවර සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා පැමිණිලි 26 ක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ සැප්තැම්බර් 18 වැනිදා සිට මේ දක්වා පැෆරල් සංවිධානය වෙත පැමිණිලි 62 ක් ලැබී ඇති බවත් එයින් බාගයකට වඩා ලැබී ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් පිළිබඳ පැමිණිලි යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පැමිණිලි 62 න් 26 ක් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් සම්බන්ධව බවත් ඒ අතර රැකියා ලබා දීම් ප‍්‍රමුඛ තැනක් ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
සංවර්ධන ව්‍යාපෘති සහනාධාර වැඩසටහන් මධ්‍යම රජය හරහා මෙන්ම පළාත් පලාන ආයතනවල සහ පළාත් සභාවලත් රැකියා ලබා දීම් සහ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය සඳහා සම්පත් භාවිතා කිරීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.
රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිස ඉදිරිපත් වී සිටින මෙවර ජනාධිපතිවරණයේ දී මේ වනතුරුත් කිසිඳු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් වාර්තා නොවීම සාධනීය ලක්ෂණයක් යැයි ද ජනතාව, දේශපාලඥයන් හා මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව යම් තරමක සවිඥානික වීම දියුණු දේශපාලන සංස්කෘතියක මූලික ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියේය.
ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණයෙන් උගත හැකි පාඩම් ඇතැයි ද එහි දේශපාලඥයින් කිසියම් විනයක් හා සංයමයක් ඇතිව මැතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කළේ යැයි ද කී හෙට්ටිආරච්චි මහතා එය සමස්ත රට තුළම පවත්වා ගන්නැයි සියලු දේශපාලඥයින් ගෙන් ඉල්ලීමක් ද කළේය.
මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා 6000 පිරිසක් යොදවන බවත් දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් නිරික්ෂණ කටයුතු කරනු ඇති බවත් කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා මේ වනවිටත් සැම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි දිගුකාලින නිරීක්ෂකයන් 160 දෙනෙකු නිරීක්ෂණ කටයුතුවල යෙදෙන බව ද පැවසීය.
එමෙන්ම සර්ව පාක්ෂික මෙහෙයුම් මැදිරියක් සෑම දිස්ත‍්‍රික්කයකටම ස්ථාපනය කර ඇති බවත් ඒවායේ පැමිණිලි ඒකක ක‍්‍රියාත්මක වන බවත් කී හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින හතරේ දී නිරීක්ෂකයන් දහසක් දෙනා එම කටයුතු නිරීක්ෂණය කරන බව ද කීය.
එමෙන්ම ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒ සම්බන්ධ කඩිනමින් ක‍්‍රියාත්මක වීම සඳහා විශේෂ මැතිවරණ නිරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කරන්නට පැෆරල් සංවිධානය කටයුතු කර ඇතැයි ද පළපුරුදු නීතිඥයන් ඇතුළු 20 දෙනෙකුගේ කණ්ඩායමක් එම ඒකකයට අනුයුක්ත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
පැෆරල් සංවිධානය ඉතිහාසයේ පළමුවතාවට සමාජ මාධ්‍ය නිරීක්ෂණය ආරම්භ කළ බවත් ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් කී හෙට්ටිආරච්චි මහතා වෛරි ප‍්‍රකාශන වැරදි තොරතුරු වැරදි අර්ථකතන ඇතුළත් නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරන ප‍්‍රකාශ පිළිබඳව නිරීක්ෂණය කර ඒවා මැතිවරණ කොමිසමේ අධීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන්ට යොමුකර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
රාජ්‍ය දේපල අවභාවිතය පෙරට වඩා වැඩියි
Dil Perera Tuesday, 15 October 2019 02:48 PM
යහපාලනය නියමෙට වැඩ කරනවා. නියමයි! ගෙදරට පර කාසේ. ලෝකෙට මරවාසේ. කකුළුවා, පැටියාට කෙලින් යන්න කිව්වාලු.
මුණසිංහ Wednesday, 16 October 2019 02:16 AM
සජිත් මහත්මයා දෙන්න මේවට උත්තර. වේදිකා වල කෑ ගහනව වංචාව-දූෂණය නතර කරනව කියල කිය කිය ඒවම කරනවා. මිනිස්සු මේව ගැන අවබෝධයෙන්......
Bamunuarachchi Wednesday, 16 October 2019 04:43 AM
මේක තමයි යහපාලනය.
jagath Wednesday, 16 October 2019 09:16 AM
මීට කලින් කම්මෙන්ට් කරලා තියන උන්ට මතකද? මහින්ද 2015 මැතිවරණයට කරපු දේවල්... හිතට එකඟව කතා කරනවා නම් දැන් ආණ්ඩු පක්ෂයට වැඩිය මැතිවරණ නීති උලංඝනය කරන්නේ විපක්ෂය... දැන් මෙච්චර පැමිණිලි වැඩිවෙන්න හේතුව යහපාලනයෙන් සම්මත කරගත් නීති අනුව ඕනෑම සුළු නීති උල්ලංඝනය කිරීමක් පැමිණිලි කරන්න බලය තියනවා. 2015 පෙර ඕවා කරා නම් සුදු වෑන් එකක එලවා යන්න තිබුණා.