IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජ්‍ය ඇමතිවරු 4 කට ආයතන වගකීම් පැවරේ

(රංජන් කස්තුරි)

රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකුට රාජ්‍ය ආයතන හා වගකීම් පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් එම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

රාජ්‍ය අයතන ලැබී ඇති රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ජෝන් සෙනෙවිරත්න , ෂෙහාස් සේමසිංහ , දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ය.

අග්‍රාමාත්‍යවරයාට අයත් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන , බුද්ධ ශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු , නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව , පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව , වෙළඳ හා ආයෝජන දෙපාර්තමේන්තුව ,ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව , තක්සේරු දෙපාර්තමේන්තුව , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , වාණිජ දෙපාර්තමේන්තුව සහ තිරසාර සංවර්ධන සභාව යන ආයතන ජෝන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමැතිවරයා යටතට පවරා තිබේ.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට පවරා ඇත්තේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව , ණය තොරතුරු කාර්යාංශය , අපනයන රක්ෂණ මණ්ඩලය ග්‍රාමීය සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා යටතට පත්කර තිබේ.

අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට අයත් ජාතික තරුණ සේවා සභාව , ජාතික තරුණ  සේවා සම්මත අධිකාරය ජාතික තරුණ සේවා සමූපකාර නායකත්ව සංවර්ධන ආයතනය ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පවරා තිබේ.

මේ අතර අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යටතට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රකාශන සංවර්ධන කාර්යාංශය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , පිරිවෙණේ අධ්‍යාපන මණ්ඩලය සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන පවරාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන්ට පත්වීම් ලබාදීමෙන් පසුව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ඇමැතිවරුන්ට ආයතන හා වගකීම් ගැසට් නිවේදන මගින් පවරා දීමට කැබිනට් ඇමැතිවරුන් පියවර ගත යුතු බවය.



අදහස් (1)

රාජ්‍ය ඇමතිවරු 4 කට ආයතන වගකීම් පැවරේ

Mahee Sunday, 05 January 2020 04:07 PM

මෙතන ඉතාම බරපතල වචන වැරදීමක් තියෙනවා. මේ රාජ්‍ය අැමැතිලාට පවරලා තියෙන්නේ "ආයතන" මිසක් වගකීම් කියලා මං හිතන්නේ නෑ. ලංකාවේ නැතිම දේ තමයි "වගකීම නොහොත් වගවීම", ඕවා පාඩු ලැබුවත් ඇමතිලා වගකියනවද? අධ්‍යක්ෂ මණ්ඩල වග කියනවද? නිලධාරි වග කියනවද? වග කියනවා තියා කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව වැනි තැන්වලදී වැරදි අඩුපාඩු පෙන්වාදෙන විගණකාධිපති වැනි අයටත් බැණ වදිනවා මිසක් ඒ අඩුපාඩු හදා ගන්නවත් මොවුන් උනන්දු වෙනවද? අර පාර්ලිමේන්තු පාර හදද්දී පාර වසා ඇත කියලා බෝඩ් එකක් වත් නොතිබුණු හේතුවෙන් යුවලක් පාර කෙළවරේදී කාර් එක දියවන්නාවට වැටිලා මැරුණා. කවුද වග කිව්වේ?

:       18       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site